දෙමටගොඩ කහ ඉරේ දී මවක හා දියණියක මිය ගිය සිද්ධියේ රිය පැද වූ බව කියන පහළොස් හැවිරිදි ළමයාගේ මවද සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. රියේ යතුර ඇය තම පුතාට දී ඇති බව පෙනේ යැයි පොලිසිය පවසයි.
රිය පැදවූයේ තමා යැයි ළමයාගේ මාමා කෙනෙකු අනතුර සිදුවූ අවස්තාවේ ඉදිරිපත් වූ විට ප්‍රදේශවාසීහු ඊට විරෝධය පාමින් කෑකෝ ගසමින් කලබල කළහ.
මිය ගිය මව සහ දැරිය රාත්‍රී ආහාරය සොයා යමින් සිටියදී මේ අනතුරට පත් වූ බවත් රිය පැද වූ බව කියන ළමයාගේ පියා පෙර දින රට ගිය බවත්, ඔහු මව සමග බොරැල්ලට යමින් සිටියදී අනතුර සිදු වූ බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි රියදුරාගේ අම්මත් අත්අඩංගුවට
දුල්මි Sunday, 17 January 2016 08:19 AM
අර මීටපෙර ජීවිතයක් නැතිකළ ප්‍රභූ පුත්‍රයාගේ දෙමාපියන්ට මේ නීතිය නෙමෙයිද අදාළ වුණේ එතකොට? (නි)
සහන් Sunday, 17 January 2016 08:28 AM
වැරදි කලොත් දඬුවම් දෙන්න ඕන. අපේ රටේ හැම වැරද්දක් කලාමම එකේ මානුෂීය පැත්ත බලන්න යනවා. (අ)
සත්‍යා Sunday, 17 January 2016 08:53 AM
අපේ රටේ පිට රට වගේ වාහන තනි අතට පමණක් යන්න පාර හදනවනම් මෙහෙම වෙන්නේ නෑ (බ)
චාරු Sunday, 17 January 2016 09:00 AM
ආසියා රටවල අම්මලා බහුතරයක් පුතාලව ඉල්ලන ඉල්ලන දේවල් දීලා නරක් කරනවා. පුතාලාට වරදකට දඬුවම් දෙන්නෙත් නැහැ. කොල්ලෝ ඔහොමයි කියලා. සල්ලිකාර පවුල්වල අම්මලා ඔක්කොටම අන්තයි. ඇත්තටම ළමයාට රියේ යතුර දීලා නම් මතක හිටින පාඩමක් දෙන්න ඕන. එතකොට අඩු ගානේ අනිත් අම්මලාවත් තරුණ පුතාල ගැන සැළකිලිමත් වේවි. (බ)
පිරිස් ඉතාලි Sunday, 17 January 2016 09:17 AM
අනිවාර්යෙන්ම සදහටම හිරේට දාන්න ඕනේ. හෙට දවසට නැවත ඔය වාගේ දෙයක් නොවෙන්න අනේ අපේ රටේ නීතිය සල්ලිවලට සේරම යටයි. ටික දවසකින් නිදහස් වෙලා එයි මොකද එ්තරමටම නිති හොදයි මොකද ලෝකේම උතුම්ම රට ලංකාවනේ? අර අහිංසක දෙන්නටම දෙවිපිටයි. අනේ ඒකට මේ රටවල නිති! අපේ රටට දෙයියන්ගේම පිහිටයි? (බ)
කමනි Sunday, 17 January 2016 09:13 AM
මෙහෙම අඥාන දෙමාපියන්ගේ බාලවයස්කාර ළමයි රිය පදවනවා මමත් දැක තිබෙනවා. සමහර දෙමාපියන් හරිම වගකීම් විරහිත ලෙසයි හැසිරෙන්නේ. ඔවුන් හිතන්නේ දරුවාගේ කරදඬු යන්තම් උස්වූ පමණින් වැඩිහිටියකු මෙන් වාහන පදවන එක හරි ලොකු වැඩක් කියලා. (බ)
නිමල් ලාලිත Sunday, 17 January 2016 09:50 AM
අනාගතයේදී මෙවැනි වැඩට පෙලඹෙන අයටත් පාඩමක් වන සේ අම්මටයි, පුතාටයි දෙන්නවම උපරිම දඬුවම් දෙන්න ඕනෑ (නි)
අජිත් Sunday, 17 January 2016 10:09 AM
අර හයිවේ එකෙත් ළමයෙක් ඩිමෝ බට්ටෙක් පදවන පොටෝ එකක් දාල තිබුනේ. ඒවාට නීතිය ක්‍රියාත්මක වෙනවනම් මේ වගේ දේවල් නැවත නැවත වෙන්නේ නෑ. (බ)
දුල්මි Sunday, 17 January 2016 10:11 AM
මිට කලින් මේ වගේ වරදක් කළ දේශපාලු තරුණ පුතාව ඔලුව අත ගාලා හිටපු රටටම යැව්වා . බලමු මේපාර මොකද වෙන්නේ කියලා (බ)
ශාන සෞදි Sunday, 17 January 2016 07:06 AM
දරුවන්ට දෙයක් දී යම් කාර්යක් කිරීමට පැවරීමට පෙර වැඩිහිටියන් එය ගැන කල්පනා කළයුතුය. වැඩිහිටියන් තමන්ගේ ලේසියට කාගෙන් හෝ තමන් කළයුතු කටයුත්තක් කරවා ගැනීමට යාමෙන් අද පාසල් යන වයසේ දරුවෙකුට හිරබත් කෑමට සිදුව තිබේ. මෙහිදී දරුවාට නොව දෙමාපියන්ට දඬුවම් කළයුතුය. මන්ද මේ නිසාවෙන් දරුවාගේ ජීවිත ගමනම අඳුරු වන නිසාවෙනි (නි)
වරුණ Sunday, 17 January 2016 07:23 AM
අනේ දෙවියනේ කාට වරද පටවන්නද? (නි)
සංජීව Sunday, 17 January 2016 07:26 AM
රිය පැදවීමට පෙර කෙනෙකුට කරදරයක් නොවෙන විදිහට පදවන්න වගබලා ගන්න කියාදෙන්න ඕනෑ .මිනිස්සු තම තමන්ට ඕනෑ විදිහටයි රිය ධාවනය කරන්නේ . කවුරුත් අනෙකුත් ජීවිත ගැන බලන්නේ නැහැ. (නි)
ඉමේෂ් Monday, 18 January 2016 10:12 AM
ජාතියේ වැරැද්ද. නීතිය ක්‍රියාත්මක කරන්න වෙන්න නැහැ.(ම)
ඉමාම් Sunday, 17 January 2016 07:40 AM
දැන් ඒ පොඩි දරුවාගේ අනාගතයම ඉවරනේ! (නි)
මහින්ද සෞදි Sunday, 17 January 2016 07:42 AM
මේ මව ජීවිත දෙකක් නෙමෙයි, තම පුතුගේ ජීවිතයත් එක්කම ජීවිත තුනක් විනාශ කළා. (නි)