දෙමටගොඩ කහ ඉරේ දී මවක හා දියණියක මිය ගිය සිද්ධියේ රිය පැද වූ බව කියන පහළොස් හැවිරිදි ළමයාගේ මවද සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. රියේ යතුර ඇය තම පුතාට දී ඇති බව පෙනේ යැයි පොලිසිය පවසයි.
රිය පැදවූයේ තමා යැයි ළමයාගේ මාමා කෙනෙකු අනතුර සිදුවූ අවස්තාවේ ඉදිරිපත් වූ විට ප්‍රදේශවාසීහු ඊට විරෝධය පාමින් කෑකෝ ගසමින් කලබල කළහ.
මිය ගිය මව සහ දැරිය රාත්‍රී ආහාරය සොයා යමින් සිටියදී මේ අනතුරට පත් වූ බවත් රිය පැද වූ බව කියන ළමයාගේ පියා පෙර දින රට ගිය බවත්, ඔහු මව සමග බොරැල්ලට යමින් සිටියදී අනතුර සිදු වූ බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මීටපෙර ජීවිතයක් නැතිකළ ප්‍රභූ පුත්‍රයාගේ දෙමාපියන්ට මේ නීතිය නෙමෙයිද අදාළ වුණේ එතකොට? (නි)
වැරදි කලොත් දඬුවම් දෙන්න ඕන. අපේ රටේ හැම වැරද්දක් කලාමම එකේ මානුෂීය පැත්ත බලන්න යනවා. (අ)
අපේ රටේ පිට රට වගේ වාහන තනි අතට පමණක් යන්න පාර හදනවනම් මෙහෙම වෙන්නේ නෑ (බ)
ආසියා රටවල අම්මලා බහුතරයක් පුතාලව ඉල්ලන ඉල්ලන දේවල් දීලා නරක් කරනවා. පුතාලාට වරදකට දඬුවම් දෙන්නෙත් නැහැ. කොල්ලෝ ඔහොමයි කියලා. සල්ලිකාර පවුල්වල අම්මලා ඔක්කොටම අන්තයි. ඇත්තටම ළමයාට රියේ යතුර දීලා නම් මතක හිටින පාඩමක් දෙන්න ඕන. එතකොට අඩු ගානේ අනිත් අම්මලාවත් තරුණ පුතාල ගැන සැළකිලිමත් වේවි. (බ)
අනිවාර්යෙන්ම සදහටම හිරේට දාන්න ඕනේ. හෙට දවසට නැවත ඔය වාගේ දෙයක් නොවෙන්න අනේ අපේ රටේ නීතිය සල්ලිවලට සේරම යටයි. ටික දවසකින් නිදහස් වෙලා එයි මොකද එ්තරමටම නිති හොදයි මොකද ලෝකේම උතුම්ම රට ලංකාවනේ? අර අහිංසක දෙන්නටම දෙවිපිටයි. අනේ ඒකට මේ රටවල නිති! අපේ රටට දෙයියන්ගේම පිහිටයි? (බ)
මෙහෙම අඥාන දෙමාපියන්ගේ බාලවයස්කාර ළමයි රිය පදවනවා මමත් දැක තිබෙනවා. සමහර දෙමාපියන් හරිම වගකීම් විරහිත ලෙසයි හැසිරෙන්නේ. ඔවුන් හිතන්නේ දරුවාගේ කරදඬු යන්තම් උස්වූ පමණින් වැඩිහිටියකු මෙන් වාහන පදවන එක හරි ලොකු වැඩක් කියලා. (බ)
අනාගතයේදී මෙවැනි වැඩට පෙලඹෙන අයටත් පාඩමක් වන සේ අම්මටයි, පුතාටයි දෙන්නවම උපරිම දඬුවම් දෙන්න ඕනෑ (නි)
අර හයිවේ එකෙත් ළමයෙක් ඩිමෝ බට්ටෙක් පදවන පොටෝ එකක් දාල තිබුනේ. ඒවාට නීතිය ක්‍රියාත්මක වෙනවනම් මේ වගේ දේවල් නැවත නැවත වෙන්නේ නෑ. (බ)
මිට කලින් මේ වගේ වරදක් කළ දේශපාලු තරුණ පුතාව ඔලුව අත ගාලා හිටපු රටටම යැව්වා . බලමු මේපාර මොකද වෙන්නේ කියලා (බ)
දරුවන්ට දෙයක් දී යම් කාර්යක් කිරීමට පැවරීමට පෙර වැඩිහිටියන් එය ගැන කල්පනා කළයුතුය. වැඩිහිටියන් තමන්ගේ ලේසියට කාගෙන් හෝ තමන් කළයුතු කටයුත්තක් කරවා ගැනීමට යාමෙන් අද පාසල් යන වයසේ දරුවෙකුට හිරබත් කෑමට සිදුව තිබේ. මෙහිදී දරුවාට නොව දෙමාපියන්ට දඬුවම් කළයුතුය. මන්ද මේ නිසාවෙන් දරුවාගේ ජීවිත ගමනම අඳුරු වන නිසාවෙනි (නි)
අනේ දෙවියනේ කාට වරද පටවන්නද? (නි)
රිය පැදවීමට පෙර කෙනෙකුට කරදරයක් නොවෙන විදිහට පදවන්න වගබලා ගන්න කියාදෙන්න ඕනෑ .මිනිස්සු තම තමන්ට ඕනෑ විදිහටයි රිය ධාවනය කරන්නේ . කවුරුත් අනෙකුත් ජීවිත ගැන බලන්නේ නැහැ. (නි)
ජාතියේ වැරැද්ද. නීතිය ක්‍රියාත්මක කරන්න වෙන්න නැහැ.(ම)
දැන් ඒ පොඩි දරුවාගේ අනාගතයම ඉවරනේ! (නි)
මේ මව ජීවිත දෙකක් නෙමෙයි, තම පුතුගේ ජීවිතයත් එක්කම ජීවිත තුනක් විනාශ කළා. (නි)