ප්‍රාදේශිය මාධ්‍යවේදීන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම මාධ්‍ය ගම්මානයක් සාදා නිවසක් ලබා දිමට ක්‍රමවේදයක් සැකසෙමින් පවතින බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මහනුවරදි පැවැසිය.
තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ මහනුවර දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩ සටහනකට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා එහිදි අදහස් දක්වමින් පැවසූයේ ලබන වසරේ සිට මෙරට සියලුම මාධ්‍යවේදින්ට පොදු හැඳුනුම්පතක් නිකුත් කරන බවත් ප්‍රාදේශිය මාධ්‍යවේදීන් කියා භූගෝලිය මට්ටමෙන් මාධ්‍යවේදීන් බෙදිය නොහැකි බවද රටේ කොහේ සිටියත් ඔහු මාධ්‍යවේදියෙකු බවත් ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් කිහිපදෙනකු හා නීතිඥයකුගෙන් සමන්විත කමිටුවක් හරහා නිර්නායකයන් සකස් කර මාධ්‍යවේදීන් තෝරාගන්නා බවත්ය.
රජය විසින් මාධ්‍යවේදින්ට අල්ලස් දෙන බවට යම් යම් සංවිධාන විසින් ගෙන එන චෝදනාව මාධ්‍යවේදීන්ට හොද වැටුපක් දෙන, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය ඉහළින් තිබෙන, මාධ්‍යවේදීන්ගේ සුබ සාධනය තමන්ගේ මාධ්‍ය ආයතන වලින් සොයා බලන රටවල්වලට හා යම් කලාපවලට නිවැරදි වුවත් ලංකාව, පාකිස්ථානය, බංගලාදේශය හා ආසියා කලාපීය රටවල මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් ගැන සොයා නොබලන බවද ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් වරයා සදහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරුපැදි දුන්නා වගේ මේ වැඩෙත් කරයි (නි)
මේ ගැන තරහක් නැහැ. නමුත් මෙහෙම ගෙවල් දෙනවා නම් වෙනත් ස්වයං රැකියා කරන අයටත් එසේ දියයුතුයි. මේ දෙන්නෙත් බදු මුදල් වලින්. ඉන්න ගේ පවා රජයෙන් දෙන රටක් දියුණු කරන්නේ කොහොමද? රැකියාවක් කරන, දැනුමක් ඇති අය අමතර රැකියාවක් ලෙස ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරනවා නම් හොඳයි නේද? (නි)
බහුතරය බලාඉන්නේ සිල්රෙද්දක්, සෙවිලි තහඩුවක් හරි නිකන් ලැබෙනකම්. එ්ත් දන්න හැම පැත්තෙම දේශපාලඥයෝ කරන්නේ මහජන මුදල් වලින් කරන ඒවා තමන් කරනවා වගේ බෙදන එක. මෙහෙම කරලා රටක් දියුණු කරන්න බැහැ. නිකන් දෙන එක නැවැත්විය යුතුයි. රටට සෙතක් වෙයි. (නි)
ඉස්සර මේ වගේ දෙයක් පළකළාම එන්නේ දසතින් පැසසුම්. ඒත් දැන් එන අදහස් වලින් ජනතාවගේ තත්ත්වය පෙනෙනවා (නි)
ප්‍රාදේශීය මාධ්‍යවේදියා පුංචි වුණාට කරන්නේ ලොකු වැඩ (නි)
පුංචි වුණත් ඒ අය ලොකු වැඩත් කරනවා. (නි)