පිටකෝට්ට ප්‍රදේශයේ වයස අවුරුදු එකහමාරක දරුවකු අතරමං කර සිටිය දී සොයාගත් මිරිහාන පොලිසිය එම පිරිමි දරුවා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට යයි.
ළමා නිවසක් අසළ දී එම දරුවා අම්මා අම්මා යැයි කී බව ද පොලිසිය පවසයි.
පිටකෝට්ට ප්‍රදේශයේ වයස අවුරුදු එකහමාරක දරුවකු අතරමං කර සිටිය දී සොයාගත් මිරිහාන පොලිසිය එම පිරිමි දරුවා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට යයි.
ළමා නිවසක් අසළ දී එම දරුවා අම්මා අම්මා යැයි කී බව ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් ලංකාව ඉතියොපියාවටත් එහා ගිහින්ද (හේ)
ආර්ථික අපහසුතා හේතුවෙන් තමයි මේ වගේ දේවල් වෙන්නේ.(හේ)
මෙහෙම මහපාරවල් වල තනිකරනවට වැඩිය නරකද නිති මාර්ගයෙන් කාටහරි හදාවඩා ගන්න දෙනවනම්! (බ)
වල් වදින අපේ මිනිසත්කම.(ම)
මමත් අවුරුදු 3 ක දෝණි කෙනෙක් ඉන්න තාත්ත කෙනෙක්. ඇත්තමයි ඇස් වලට කඳුළු ආවා. ඒ අම්මට ඒ දරුවාව හදා ගන්න බැරි ලොකු හේතුවක් ඇති. ඒ ගැන අපි ඇයට අනුකම්පා කරන්න ඕනි. දරුවට කරදරයක් කරන්නේ නැතුව අතහැරපු එක වඩා හොඳයි. (බ)
මෙවැනි දරුවන් දෙමව්පියන් සොයා යළි භාර දීම නොකළ යුතුයි. අදාළ නීතිමය තත්වයන් යටතේ කැමති භාරකාර දෙමව්පියෙකුට භාරදීම කළ යුතුයි. පරිවාස භාරයට ගැනීමට වඩා යහපත් දෙමව්පියන් සොයා දීමයි කල යුතු, එවිට අහිමි වූ සෙනෙහස ලැබෙනවා. මෙවැනි දරුවකු සොයන යහපත් දෙමව්පියන් කොතෙකුත් සිටිනවා. නීතිය බාධාවක් නොකරගෙන මෙවැනි යහපත් දේ කිරීමයි රටකට සුදුසු. (බ)
අතට වෙරළු අහිදගේනේ ඉනට පලා නෙලාගනේ බරටම දර කදගේනේ ඒ අම්ම විගසගේනේ අද ඒවගේ රත්තරන් අම්මල ට මොකද වුණේ දෙවියනේ (ම)
මොන බැරි අමාරුකම් තිබුනත් දරුවෙක් දාලා යනවද? ඔය කියන අම්මාට දරුවා නැතුව ඉන්න පුළුවන් ඇති. ඒත් අර අහිංසක දරුවාට? අනේ පවු. (නි)
අපේ දරුවෝ ඉලන්දාරි වුණ කොට ,ඒත් ඇහැ ගහ ගෙන ඉන්නේ තාමත්. (ම)
හොඳයි බේරුන එක. නැතිනම් වෙනදා මරනවා. (ස)
ලංකාවේ දෙමාපියන්ට මොකක්ද වෙලා තිබෙන්නේ? පවු අසරණ දරුවෝ! (නි)
පවු අහිංසක පොඩිඑකා (නි)
මම කැමතියි ඒ ළමයව හදාගන්න. ක්‍රමයක් තිබෙනවා නම් දන්වන්න. (නි)