මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පළමු තැනට පත්වීමට මාතර ඌරුගමුව මෙතෝදිස්ත විදුහලේ සිතිජ නිරාන් සමරවික්‍රම සිසුවා සමත්ව සිටී.
ඔහු ලකුණු 196ක් ලබා ඇති අතර දෙවැනි තැනට පත්ව සිටින්නේ ලකුණු 195ක් ලබාගත් කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී විදුහලේ රුවන්යා මෙත්මිණී ගුණසේකර සිසුවියයි. වව්නියාව රම්බේකුලම් මහා විද්‍යාලයේ කෝකුලදාසන් අභිසිගන් ද ලකුණු 195ක් ලබා දෙවැනි ස්ථානය ලබා සිටී.
ලකුණු 194 බැගින් ලබාගත් සිසුහු 9 දෙනෙක් තෙවැනි ස්ථානය ලබා සිටිති.
කෑගල්ල, දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ නදිනි සංදෙස්නා රාජපක්ෂ , කුලියාපිටිය අස්වැද්දුම සුභාරතී විද්‍යාලයේ තේජන කව්සිත් විජේකෝන්, ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ එම්.එම්.නෙත්මි සුබෝධිනී, ත්‍රිකුණාමලය කෝණේස්වර හින්දු විදුහලේ උදයරාජන් කොෂිකන්, ගිරිඋල්ල වික්‍රමශීලා මධ්‍ය මහා විද්‍යාලයේ ආර්.එල්.පී. සෙනිත් දිල්වන් රාජපක්ෂ, වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ ඉනේෂ් දුලංජන චන්ද්‍රසිරි, හොරණ රාජකීය විදුහලේ ලිසාදි ඉමෙත්මා හඳපාන්ගොඩ, කඩුවෙල මුණිදාස කුමාරතුංග කණිෂ්ඨ විදුහලේ රෙහාරා බිනෝලි මිස්කින් සහ යාපනය හින්දු ප්‍රාථමික විදුහලේ උමාශංකර් ජයනි යන සිසු සිසුවියෝ තෙවැනි තැනට පත්ව සිටිති.
මෙවර කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු සංඛ්‍යාව 159කි.
පසුගිය අගෝස්තු 21 වැනිදා පැවැති ශිෂ්‍යත්ව විභාගයට සිසු සිසුවියෝ 3,50,740ක් පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
(පළමු ස්ථානය ලැබූ මාතර මෙතෝදිස්තයේ සිතිජ නිරාන්)
ඡායාරූපය - ක්‍රිෂාන් ජීවක ජයරුක්
(දෙවැනි ස්ථානය ලැබූ කුලියාපිටිය ඇස්සැද්දුම සුභාරතියේ රුවන්යා ගුණසේකර)
ඡායාරූපය - දිනේෂ උපේන්ද්‍ර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ පැතුම් පුතේ! (නි)
සුබපැතුම් දරුවන් සියලු දෙනාටම. (ර)
මගේ උණුසුම් සුබපැතුම්, මමත් ඔබ වගේ ගමේ පාසලින් පහේ ශිෂ්‍යත්වය පාස්වෙලා නගරේ හොද පාසලක් ලැබුනා, එය මගේ ජීවිතය හොද තැනකට ගැනීමට හැකිවුණා, එම නිසා පහේ ශිෂ්‍යත්වය නැති කරන්න එපා එය තමයි ගමේ හැකියාවක් ඇති ළමයෙකුට තැනකට එන්න තියෙන අවස්ථාව ,සල්ලි ගොඩක් නැති, බලයක් නැති අයට මේක සාධාරන අවස්ථාවක්. (ර)
උණුසුම් සුබ පැතුම්... (ර)
කුලියාපිටිය සුබාරති විදුහලට ජය වේවා (ම)
සුභ අනාගතයක් දුවේ පුතේ! (නි)
සුබපැතුම් දරුවන් සියලු දෙනාටම (ම)
සැමටම සුබ පතමි! (නි)
මගේත් උණුසුම් සුබ පැතුම්! 1988 මටත් ඔබ වගේ ගමේ පාසලින් පහේ ශිෂ්‍යත්වය පාස්වෙලා නගරේ හොඳ පාසලක් ලැබුනා. එය මගේ ජීවිතය හොඳ තැනකට ගැනීමට හැකිවුණා. එම නිසා පහේ ශිෂ්‍යත්වය නැති කරන්න එපා. එය තමයි ගමේ හැකියාවක් ඇති ළමයෙකුට තැනකට එන්න තියෙන අවස්ථාව. සල්ලි ගොඩක් නැති, බලයක් නැති අයට මේක සාධාරණ අවස්ථාවක්. ඇන්ජලෝ කිව්ව කතාවට මම 100% එකඟ වෙනවා. (නි)
කඩයිම් ලකුණු 150 ටවත් බැස්සුවොත් නරකද? (නි)
සමහර දොස්තර මහත්තුරු ඉල්ලන ලොකු ඉස්කෝල මේ ලිස්ට් එකේ නැහැනේ (නි)
මමත් 1974 දී ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ ආනන්දයට ආවේ. ඒ දවස්වල අවුරුද්දෙන් අවුරුද්දට මාරුවට හොඳම ලකුණු ගත්ත ළමයි අනන්දෙටයි රෝයල් එකටයි දැම්මේ. 1977 න් පස්සේ රෝයල් එකට දිගටම හොඳම ලකුණු වලට ගත්තේ. ආපහු ඉස්සර ක්‍රමයට ගත්තොත් පාසල් දෙකටම සාධාරණයක් වෙනවා කියලා මට හිතෙනවා. (ර)
ඔබ දෙපලට සුබ අනාගතයක්! (නි)
පුතේ දුවේ, සතුටුයි ඔබගේ ජය ගැන. කොයිම මොහොතකවත් ඔබගේ ජය ගැන අධි තක්සේරුවට යන්න එපා. ඔබට තෙරුවන් සරණයි !!!!! (නි)
සුබ පැතුම්! (නි)
දකුණේ කොල්ලෝ හැමදාම වැඩකාරයෝ. නමුත් දැන් කොළඹ රාජකීය විද්‍යාලයට ගිහින් උසස් පෙළින් ලංකාවෙන්ම පළමුවෙනියා වුණත් කියන්නේ අපිත් කොළඹ කොල්ලෝ කියලානේ. මෙන්න වෙනස ..... (නි)
පුතේ දුවේ, අනාගතයත් ඔය විදියටම ජය ගන්න. සුබ පතනවා (නි)
ආදරණිය දුවේ පුතේ මගෙන් ඔයාලට සුබපැතුම් ! හොදින් ඉගෙනගෙන ගුණගරුක පුරවැසියෙක් වෙන්න. (බ)
ඔබ සියලු දෙනාගේ අනාගත සිහින සපල වේවා. (බ)
අපේ පුංචි ( හපනුන්ට) දරු පැටවුන්ට ජයෙන් ජයම වේවා! (නි)
පුතේ මට දෙන්න තියෙන අවවාදය මගේ ගම දකුණේ, මම ගියේ රෝයල් කිය කියා ඉදිමෙන්නේ නැතුව රටට වැඩදායී, යහපත්, ගුණගරුක, නිහතමානී පුරවැසියෙක් ලෙස ජීවත්වෙන ලෙසටයි. ලංකාවේ වැඩිහරියක් ඉන්නේ මම දකුණේ, ගියේ රෝයල්, මම දොස්තර කියලා පිම්බිච්ච අයනේ (නි)
රෝයල් උණ හැදිලා, අහසින් යන්නේ නැතුව, නිහතමානී යහපත් පුරවැසියෙක් වේවා! (නි)
ගම වල ඉන්න දක්ෂයෝ තමයි කොළඹට ඇවිල්ලා මුල අමතක කරලා කොළඹ හැදුනා වගේ ඔලුව උදුම්මවාගෙන ඉන්නේ. (නි)
මෙවර වැඩිපුර දක්ෂයෝ බිහිවුණේ දුෂ්කර ගම් වලින්. වයඹ කියන්නේ ඉතාමත් දක්ෂ උගතුන් බිහිකරන පළාතක්. එ්කට හේතුව නිරහංකාරකම සහ බුදුදහමට අනුව උසස් කැපවීමයි. (නි)
පින්ලන්තයේ ළමාකාලයේ පාසල් අධ්‍යාපනය දවසකට පැය හතරක් වගේ කාලයක්, ගුරු පොත් වල තියෙන්නෙ ළමයා අනිවාර්යයෙන් දවසකට සාමාන්‍යයෙන් 7-15 කිලෝමිටර් ගණනක් දුවලා තිබීම. ළමයි ගැන සතුටුයි. එ්ත් අද කාලෙත් එක්ක මේ මිමි හරිද..? (නි)
අපේ සුබ පැතුම් දරුවනේ! (ර)