බස්නාහිර පළාතේ දොළොස් හැවිරිදි සිසුවෙක් පාසල් ගිය ඇදුමෙන්ම අද පොලිසියකට පැමිණ පියාට විරුද්ධව පැමිණිල්ලක් කළේය.පියා මවට මරණ තර්ජනය කර ඇති බව ඔහු පොලිසියට කීවේය.මවත් පියාත් පොලිසියට ගෙන්වීමට නියමිතය.
බස්නාහිර පළාතේ දොළොස් හැවිරිදි සිසුවෙක් පාසල් ගිය ඇදුමෙන්ම අද පොලිසියකට පැමිණ පියාට විරුද්ධව පැමිණිල්ලක් කළේය.පියා මවට මරණ තර්ජනය කර ඇති බව ඔහු පොලිසියට කීවේය.මවත් පියාත් පොලිසියට ගෙන්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ට සහ වැඩිහිටි අයට එරෙහිව දැන හෝ නොදැන කරන මානසික හිංසනයට එරෙහිව පැමිණිලි කළයුත්තේ කොහාටද? (නි)
පුෂ්පා කියන එක හරියටම හරි. දරුවන් මානසික හා ශාරිරිත හිංසනයට ගොදුරු වන්නේ ඒ අයගේම මව්පියන් අතිනි. ගම්බද තත්වය මම දන්නෙ නැහැ. නමුත් කොළම අය එහෙමයි කියලා මමත් දන්නවා (නි)
කසදා බැඳලා දරුවෙක් ලැබුනු ගමන්, දරුවන් උස්මහත් කරන්නේ කෙසේද, යහපත් ජිවිතයක් ගත කරන්නේ කෙසේද යන ඥාන්‍ය ඉබේ පහළ නොවේ. ඒ නිසා දරුවන් ඇති පවුල් වලට පවුල් උපදේශනය රජයෙන් අනිවාර්ය කරන්න. අද අය හිතන්නේ මේවට යන්නේ පිස්සු නම් විතරයි කියලා. මෙසේ කළහොත් දික්කසාද සහ පවුල් ආරවුල් සෑහෙන ප්‍රමාණයකට අඩු කළ හැකියි. (නි)
මේ පුංචි පුතා වැඩිහිටියන්ගේ ඇස් අරවන ලොකු වැඩක් කළේ. ළමා සහ කාන්තා කාර්යාංශ දරුවන්ගේ ආරක්ෂාවට කඩිනම් වැඩපිළිවෙලක් අැරඹිය යුතුයි. (නි)
සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සමඟ බුද්ධිමත් රජයේ ඊට අදාළ නිලධාරිනියක් සම්බන්ධව මව විදේශගතව ඇති පවුල් වල දරුවන්ගේ ජීවන තත්ත්වය හා අධ්‍යාපනය කෙසේද සහ ඔවුන්ගේ ජීවිත වල දියුණුව ආරක්ෂාව වහාම සොයාබලා, විදේශ ගතවනවිට දරුවන්ගේ වගකීම පවරායන පුද්ගලයට ඒ වගකීම දරන්න පහසුව ලබාදීම ගැන සොයාබැලීම ඉතාම වටිනවා රජයෙන් (නි)
මට අල්ලපු නිවසේ සිටින ලේලිය විසින් ඇයගේ සැමියාට සහ නැන්දනියට අසැභි වචනයෙන් බැන වදිමින් මරන තර්ජනක කරනු මා අසා සිටියෙමි. ඇය එසේ කෑ ගසනුයේ මුදුලට පැමිනි මුළු ප්‍රදේශයටම ඇසෙන පරිදිය. මේ ගැන අපට ගතහැකි නිතිමය ක්‍රියාමාර්ගය කුමක්ද? මන්ද අපටද මහළුදෙමවිපියන් සිටින බැවිනි.(අ)
ළමා අධිකාරියට ඔන්ලයින් පැමිනිලි කරන්න ක්‍රමයක් තිබෙනවාද? නිර්නාමිකව සාක්ෂි සහිතව පැමැණිලි කළොත් ඒ ගැන සොයා බලනවාද? අපේ දරුවන් නොවුනත් කාගේ හො දරුවෙක් අපයෝජනයට ලක්වෙනවා බලන් සිටිය නොහැකියි. (අ)
අද වෙනත් අයගෙන් වන අපයෝජනයට වැඩිය දරුවන් මානසික හා ශාරිරිත හිංසනයට ගොදුරු වන්නේ ඒ අයගේම මව්පියන් අතිනි. විශේෂයෙන්ම මැද පන්තියේ රැකියාවල් කරන මව්වරුන් සමහරක් දරුවන්ට සළකන්නේ නැත. බත් කවන්න කතාවක් කියනවා වෙනුවට කරන්නේ කෝටුවක් ගෙන තඩි බෑමයි. අසා සිටිය නොහැකි අසැබි වචනයේන කුඩා දරුවාට බනිමින් පවුල් ප්‍රශ්න කියමින් කවන අම්මලා මා දැක ඇත. මේ ගැන පැමිනිල කරන්නේ කාටද? පැමිනිලි කළොත් සොයා බලනවාද? පැමිනිල කළ පසුව දරුවා සමග තව තවත වෛර වි දරුවාට අනතුරක් නොකරන බවට වගකිම භාර ගන්නේ කවුද? අපව දැනුවත් කරන්න (අ)
දෙමව්පියන් වශයෙන් දරුවන් ඉදිරියේදී මීටවඩා සංවරව හා ඉවසිලිවන්තව ක්‍රියා කළයුතුය. අද සමාජයේ දරුවන්ගේ බුද්ධි මට්ටම ඉතා ඉහළ අගයක පවතින බැවින් ඔවුන් පිළිබඳව මීටවඩා සැලකිළිමත් වීමට දෙමාපියන් විසින් වගබලා ගතයුතුය. මක්නිසාද යත් අප දෙන වැරදි ආදර්ශ ඔවුන්ගේ අනාගතයට ඉතාමත් අහිතකර ලෙස බලපාන නිසාවෙනි (නි)
තමාගෙ වයස අවුරුදු 6 ක් පමණ දරුවාටත් කාපිය, පලයන්, කෑවෙ නැත්නම් පිඟාන ඔළුවෙ ගහනවා, අත් කපනවා, ඔයා මගේ දරුවෙක් නෙමෙයි... කියන රජයේ රැකියා කරන අම්මලා මේ ධර්මද්වීපයේ සිටිනවා. සාක්ෂි ඉදිරිපත් කළහැකියි. මේ නොදරුවාත් දැන් එසේයි. මානසික හිංසනයට එරෙහිව බාහිර අපට පැමිණිලි කළහැකිද? පැමිණිලි කළයුත්තේ කොහාටද? (නි)
පුෂ්පා මම ඔබත් එක්ක එකඟ වෙමි\ (හේ)
මෙවන් පරිසරයක හැදුනු දරුවෙකුගෙන් කිසිදිනක අනාගතයේදී දෙමාපියන්ට සැලකීමක් ගැන හිතන්න බෑ.අද බොහෝ විට දෙමාපියන් පාරට වැටෙන ඇතුලාන්තය ඔකය්.දරුවන් මානසිකව පීඩවිදිනවා දෙමාපියන්ගේ කෙනහිලිකම් නොමනකම් නිසා. මෙතනදී දරුවන්ට සරණක් අවශ්යමයි. ඊට ක්‍රම වේදයක් හදන්න පුලුවන්නම් වටිනවා.(හේ)
ලංකාවේ පණ්ඩිතයෝ බොහෝයි නමුත් වැඩක් නැත , හැමතැනම හිස් පුස්සකි .(හේ)