අධීවේගී මාර්ගයේ පැයට සැතපුම් 90ක් වේගයෙන් රිය පදවාගෙන ගිය පියා සිහිසුන්වු අවස්තාවේ ඔහුගේ ඔඩොක්කුවට පැන සුක්කානම අතට ගෙන සැතපුම් 10ක් රිය පදවා තිදෙනෙකුගේ ජීවීත බේරාගත් 11 හැවිරිදි පුතෙකුට ඇරිසෝනා පොලීසිය වීර සම්මානයක් පිරිනැමීය.
පියා අධිවේගී මාර්ගයේ රිය පදවාගෙන යද්දී ඉදිරිපස අසුනේ සිටියේ 11 හැවිරිදි මයිකල්ය.පිටුපස අසුනේ ඔහුගේ සොහොයුරිය වන 13 හැවිරිදි කයිලා සිටියාය.
අතරමගදී පියා සිහිය නැතිව ගිය අතරේ ඒ බව දුටු මයිකල් පියාගේ ඔඩොක්කුවට පැන සුක්කානම අල්ලා ගත්තේය. සොහොයුරිය කයිලා 911 දුරකතන අංකයෙන් හදිසි ඇමතුම් ඒකකය ඇමතුවාය.
හදිසු ඇමතුම් ඒකකයේ නිලධාරීන්ට දොලෝරත්විය. ඔවුහු පොලිස් නිලධාරීන්ටත් දන්වා රිය ගමන්කරමින් සිටින ස්ථානය නිරීක්ෂණය කළාය. හදිසි ඇමතුම් ඒකකයේ නිලධාරීන් කයිලාට රිය වේගය පාලනය කිරීමට උපදෙස් දුන්නාය.
ඒ අනුව ඇක්සිලේටරය පාගෙන තිබු පියාගේ පාදය මයිකල් සෙමින් ඉවත් කරමින් පිවිසුම් මාර්ගයක් අසලින් මෝටර් රථය හරවා නවත්වා ගැනීමට මයිකල්ට හැකි විය. ඒවන විටත් පොලීසිය සුදානම්න් සිටියේය.
පියා රෝහල රැගෙන ගිය අතර ඔහුගේ රුධිර සීනී ප්‍රමාණය පහළ වැටී තිබු බව හෙළි විය. මයිකල් සහ කයිලා ඇරිසෝනා පොලීසියට කැඳවාගෙන ගොස් ඔවුන් දෙදෙනාට පොලිස් වීර සම්මානයක් පිරිනැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකනේ...... අපේ අයට වෙලා තියෙන්නේ. වෙලා තියෙන්නේ එකදෙයක් කියවන්නේ තව දෙයක් (නි)
අපේ ගෙවල් කිට්ටුව මේ ලගදි කරත්තයක යන මනුස්සයකුට පපුවේ අමාරුව හැදිලා මැරුනා, කරත්තය උඩම. නමුත් අර ගොනා අර මනුස්සයාගේ මළකඳ අරගෙන එයාගේ ගෙදරටම ආවා, කිසි කරදරයක් නැතුව. බලන්න එතකොට කොච්චර බුද්ධියක් තිබුනද අපේ රටේ හරකට? (නි)
රනිල් ඔයත් එහෙදී හීනෙන් බය වෙලාද ඉන්නේ? (නි)
අපි ඔය ප්‍රශ්නෙට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ලක්ෂණ බැහැර කරමු (නි)
අප ශ්‍රී ලංකා පුරවැසියන්. එයට මුස්ලිම් දෙමල සිංහල ජාතිකයින් සියල්ල ඇතුළත්. අප අපගේ රටට ආදරය ගෞරව කළ යුතුයි. කිසිවිටෙකවත් අපහාස කරන්න එපා. (නි)
වෙනස ලංකාවේ නම් දඩකන්න තමයි වෙන්නේ.(නදී)
ඉන්දික ඔබ හරි ලංකාවෙ පොලිස්කාරයො නම් ලයිෂන් නැතුව පැදෙව්වට දඩ ගහනවා.(නදී)
එම දරුවාගේ ක්‍රියාව අගය කළයුතුය. තැනට සුදුසු නුවන හා නිර්බිතකම එකතුවීමක්. අපේ රටෙත් එවැනි දරුවන් ඕනෑ තරම් සිටිනවා. මොකද මේ තරම් හීනමානයකින් සමහරු කතාකරන්නේ. දරුවන්ට පොඩි කාලේ සිට අබියෝග වලට මුන දෙන්නට අපි පුරුදුකල යුතුය. (නි)
පිහිනීම,කිමිදීම,"වින්ඩ් සර්ෆින්ග්' ඔරු පැදීම වැනි දේ සුද්දගේ සංස්කෘතියේ දිනපතා අංගයන් වේ. මේවා අපි ඉගනගත්තා කියල අවාසියක් නොවේ. අපි ගෑනු පිරිමි බේදෙකින් තොරව මේවා දැන සිටියා නම් සුනාමි ජිවිත හානිය අවම වනු ඇත. අපේ අධ්‍යාපනේ වෙනස් විය යුතුය. උදාහරණ ලෙස උ/පෙළ ජීව විද්‍යාව හදාරන සිසුන් පවා මෙලෝ ප්‍රථමාධාරයක් නොදනී. (නි)
ලංකාවෙත් අව්රුදු 16න් බලපත්‍ර දෙනවනම් ගොඩක් රටට සෙතක් වේවි. (ස)
ලංකාවේ ඔය සිද්ධිය වුණා නම්, ඇතුළෙ අවුරුදු 25ක පුතෙක් හිටියත් හැමෝම එහෙනම් අනිච්චාවත සංඛාරා තමයි (නි)
ලංකාවේ පොලිසියෙ නම් ඉන්නෙ ඔලුවක් තියෙන අය නෙමෙයිනෙ. (නි)
පන්තියේදී ගුරුතුමාගෙයි ගෝලයාගෙයි අතර තියන සංස්කෘතික බැඳීම ඕක නෙමෙයිද ලලිත්. එවැනි සංස්කෘතිකමය හිතුම් පැතුම් නිසානේ අපේ ළමයි "ක්‍රිටිකල් තින්කින්" කියන දේවල් වලට බය. හෙල්මට් නොදා බයිසිකල් පැදීම, කුඩා දරුවෝ බයිසිකලේ සහ වාහන වල ඉදිරියෙන් තියාගන යන ජනතාවක් බිහි වුණේ කොහොමද (නි)
මිනිසුනේ, ඔය වගේ කතා කියන්න එපා. ඔයාලට මතක නැද්ද අනුරාධපුරේ පාසලේ හතේ පන්තියේවත් නැති ළමයෙක් , වගා ඇලකට වැටුණු මිනිසුන් කීප දෙනෙක් බේරා ගත්තා. ඔහුට ඒ වෙනුවට කොළඹ ආනන්ද විදුහලට ඇතුලත් වෙන්න ලැබුනා. ඔය වගේ උදාහරණ අපේ රටේ කොයිතරම් තියනවද? (නි)
ඇයි තමන්ගෙ රට ගැන මේ තරමි පහත් විදියට හිතන්නේ? ටික කාලෙකට ඉහත කුඩා දරුවෙක් දියේ ගිලෙන්න ගිය පිරිසක් බේර ගත්ත කතාවක් ප්‍රවෘත්ති වල තිබුණා මතක නැද්ද? අපි මේ වහල් මානසිකත්වයෙන් මිදෙන කල් අපිට දියුණුවක් නැහැ.(නදී)
ඔබේ අනාගතයට මගේ සුභ පැතුම්!(නදී)
දියේ ගිලෙන්න යන පිරිසක් බේර ගත්ත අපේ පුතා වගේම මේ ඇමෙරිකන් දරුවත් ඒ රටට ආඩම්බරයක්. හැබැයි මේ කොයි දේ කරන්නත් යම් පුරුද්දක් තියෙන්න ඕනෑ. මේ දරුවා කුඩා කාලයේ සිටම තමාගේ තාත්තා වාහනය පදවන ආකාරය ආසාවෙන් බලා ඉදලා ඉගෙන ගන්න ඇති. තාත්තත් තමාගේ පුතාට වාහන පිළිබද යම් යම් දේවල් කියලා දෙන්න ඇති (නි)
මේක ලංකාවේ වුණා නම් පොඩි එකාට නඩු අඩු වයසෙන් වාහනයක් ගෙන ගියාට (නි)
වීර දරුවෙක් (නි)
ලෝකේ කොහේ මොනවා වුණත් උපන් රටට බනින්න තමයි අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ. ඉතින් කොහෙද මේ වගේ ඉක්මන් තීරණ ගන්න දරු පරපුරක් බිහි වෙන්නේ. (නි)
මට පෙනෙන්නේ මේවා ලියන්නේ සේරම බටහිර ඉන්න අය වෙන්න ඕනෑ (නි)
මේ රටවල් වල ළමයින්ට යමක් කමක් තේරෙන වයස එනකොට දෙමව්පියෝ, වැඩිහිටියෝ, පාසල් වල, මොන්ටිසෝරි වල, ඒ විතරක් නෙමෙයි ටීවී වල පවා 911 ට කතා කරන්න, ඒකෙන් උදව් ගන්න උගන්වනවා. ඉතින් හැම කෙනෙක්ම වගේ ක්‍ෂණික උපකාර සේවය දන්නවා. ඕනෑම හදිසියකදි කවුරුත් හදිසි උපකාර සේවයට කතා කරනවා. ඒකයි මේ රටවල් වල තියෙන දියුනුව. (නි)
පිටරට අවුරුදු 11 දරුවෙක්ට අපේ රටේ අවුරුදු 18 කෙනෙක්ගේ දැනුම තියනවා.එහෙම වෙන්න නොයෙක් හේතු තියනවා.බටහිර සංස්කෘතික සම්බන්දතා සිදුවන ආකාරය. බටහිර අධ්‍යාපනේ .මනොවිද්‍යාව ගැන දැනුමක් ඇති දෙමාපියන් ආදී ලෙස.(ස)
රෂිඩ්ලගේ මොලේ කචල්,ඔය වගේ දේවල් කියවන්නේ ඒකයි (නි)
හොද අත්මවිශ්වාසේ තියන දරුවෙක්.මේකට හේතුව ඔවුන්ගේ සංස්කෘතිය. අවාසනාවකට අපේ අය හිතන්නේ සුද්දගේ සංස්කෘතිය අපට වඩා පහත් කියල. හැබැයි රට වටේම මුහුද තියන් රට හැම තැනම ගංගාවල් තිබිල පිනන්ට පුළුවන් කීදෙනාටද. (ස)
සරත් ඔයා කොහොමද දන්නේ මම හොදට පීනන්න දන්නවා කියලා? (නි)
මන් හිතුවේ අපේ රටේ කියලා.ඇමරිකාවේ නම් ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ.ඕක මෙහෙ වුණා නම් විලාප තිය තියා යයි වාහනේ කොහේ හරි වදිනකන්.... (නි)
සේන, ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත. (ස)
ලසන්ත, හරියට ඔයා පොඩිකාලේ වගේ නේද? ඒත් ලසන්ත ලංකාවේ හැමෝම ඔයා වාගේ කියල නම් හිතන්න එපා... මෑතකදී ලංකාවේ ගමක ළමයෙක් රේල්පාර ගැලවී තියෙන බව දැනගෙන රතු රෙදි කෑල්ලක් අරගෙන කෝච්චිය ඉස්සරහින් වනමින් දුවලා කෝච්චියේ ගමන වලක්වා ජීවිත තුනකටත් වඩා බේරාගත්තා.... (නි)
මෙවා දැක්කාම අපි ගැන වගෙම, අපෙ ළමයි ගැනත් දුකයි. කවද ද අපෙ රට දියුණු වෙන්නෙ ? (ස)
සූරපප්පා සමග ගල් බොරළු ඇහිදින අපේ ළමයින්ට වෙලේ දොලේ දුවපනින්න කෝ වෙලාවක් (නි)
සේන ඔබේ කීම හරියටම හරි.(ස)
බලපත්‍ර ගැනීමට වයස සම්පුර්ණ නැති රිය පැදවීමට ඉතාම දක්ෂ පොඩි දරුවන් ඉන්නවා අපේ රටෙත් ඕනෑ තරම්. (ස)
මංගල ඔබ දැනුම කීවේ මොන දැනුමද? ලංකාවේ ළමුන්ගේ සාමාන්‍ය දැනීම අන්තිමයි. ඒ වුණාට ගානක් නම් හදන්න පුළුවන් වේවි. (නි)
සුක්කනමයි සීට් එකයි අතරට මේ ළමයා කොහොමද ගියේ? ළමයාගේ සයිස් එකට වාහනය මොකද්ද දන්නෙ නැහැ.. (නි)
අපේ රට ගෙන ඔහොම කතා කියන්න එපා.තැනට සුදුසු නුවන වෙලාවට අපේ රටටත් එයි (නි)
චමිල රියපදවිමේ හැකියාව පමණක් තිබුනාට වැඩක් නැහැ. මෙහෙම වෙලාවක. ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ඒ සදහා දැඩි තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතියි. ඒ ගන්න තීරණ නිවැරදිද විය යුතුයි. ඒ සදහා ආත්මවිශ්වාසය තිබිය යුතුයි. එහෙම ආත්ම විශ්වාසය හැදෙන්න විශේෂිත වූ සංස්කෘතියක් අධ්‍යාපනයක් බටහිර ඇත. (ස)
මෙහෙ නම් ලයිෂන් නැතුව පැදෙව්වට දඩ ගහනවා.(ස)
සේන ඔබ හරි..වැඩිය එපා මටත් තවම හරියට පීනන්න බැහැ.(ස)
රිය පැදවීමට ඇති හැකියාව පමණක් තිබිල මෙහෙම වැඩක් කරන්න බැහැනේ. ක්ෂණික තීරණ ගැනීම.ඒ ගන්න තීරණ නිවැරදි වීම, ඒ සදහා හොද විශ්වාශයක් ඕන වෙනවා.(ස)
අවුරුදු 18 සම්පුර්න වූ දරුවෙක් අවුරුදු 20 පමණ වන තෙක් මහගෙදර සිටීම මෙහෙ සංස්කෘතියේ හැටියට දෙමාපියන්ට කරන නිගාවකි. ඒ මන්ද කිසිම දෙයක් තනිව කර ගැනීමට බැරි ලෝකෙට බරක් වුණ දරුවන් ලෙස ඔවුන් දිහා සමාජේ බලන නිසා. ඒකයි මෙහෙ රහස. (නි)
අපේ අධිවේගී එකේ මෙහෙම වුණා නම් පොඩි කොල්ලට නඩු. එහෙනම් තාත්තයි පුතයි දෙන්නම හිරේ (නි)
මාලක සහ සේන, දන්නා තරම තමා. ලංකාවෙ ඔය වගේ දරුවො නැතුව නෙවෙයි. අනික බටහිර අධ්‍යාපනය, සංස්කෘතිය, මනෝ විද්‍යාව ගැන ඔයාලා තියා මෙහෙ ඉන්න සුද්දොත් හරියටම දන්නෙ නැහැ. එකක් කියන්නම් පිටරට අවුරුදු 11 දරුවෙක්ට අපේ රටේ අවුරුදු 18 කෙනෙක්ගේ දැනුම නම් නැහැ. රට වටේට මූදයි රට හැමතැනම ගංගාවල් තිබුනයි කියලා හැමෝටම පීනන්න පුළුවන් වෙන්න ඕනෑද. අපිට තියෙන දේ හොදටම ඇති, පරගැති මානසිකත්වයෙන් මිදිලා හිතන්න පුළුවන් නම්. (නි)
ලංකාවේ ළමයි තරම් යුරෝපේ ළමයි දක්ෂ නැහැ. අවුරුදු 25 මම ඉන්නේ යුරෝපේ. ගොඩක් ළමයි මෙහෙ හීනෙන් බයවෙලා වගෙයි ඉන්නේ. මාලක හිතාගෙන ඉන්න දෙය නෙවෙයි (නි)
ලංකාවේ නම් හදිසි අවස්ථා වලදී ක්‍රියා කරන ආකාරය කෙසේ වෙතත්, ජාතිවාදී විදියට ඉන්නේ කොහොමද කියලා නම් පාසල් වලත් කියලා දෙනවා ඇති. අර කඩෙන් ඇදුම් ගන්න එපා... අහවල් කඩවල් වලට යන්න එපා කිය කියා.. (නි)
මෙහෙම හපන්නු (දී)
ලංකාවේ ඕක උනානම් පොලිසියයි සම්මානේ ගන්නේ. මොකද වැඩේ කරන්නේ වෙන කෙනෙක්. ඒ වුනාට ප්‍රවෘත්තිය යන්නේ අහවල් අධිකාරීතුමාගේ අධීක්ෂණයෙන් මේ පොලිස් නිලදාරීන්ගේ මැදිහත්වීමෙන් වෙන්න ගිය මහා විනාශයක් වළකා ගත්තා කියලා (නි)
ඔය විදියටම තාත්තා පදවපු කුඩා ගුවන් යානයකින් පියාසර කරද්දී තාත්තා සිහිසුන් වුනු විටකදී නිරුපද්‍රිතව ගුවන්යානය බිමට බස්සවපු අවුරුදු දොළහක දියණියක් ගැන කියවලා තියෙනවා මට මතකයි. (නි)
අපේ අධ්‍යාපන ක්‍රමය ඇමරිකන් ක්‍රමයට හරවමු. (නි)
ඔව්.., මේ රටවල ළමයි ගොඩක් දක්ෂයි!! අගය කළ යුතු ක්‍රියාවක්. සේන කියනවා වගේ ගංගා ,ඇල දොළ තියෙන අපේ රටේ කි දෙනෙක්ටද පීනන්න පුළුවන් ? පුංචි පුතාට මගෙත් සුබපැතුම් එක් කරනවා (නි)
නියම වැඩක් පොඩි එකාගේ..හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.හැම ලිපියකටම ක්මෙන්ට් වලින් ලන්කවට බනින එක අපේ මිනිස්සුන්ගේ පුරුද්ද වෙලා.හැම දේකටම සන්ස්කෘතිය..අපේ ලන්කාවේ පොඩි උන් ඔය වගේ වීර වැඩ කරල තියෙනව ඕන තරම්..වෙනස මේ පොඩි එකා වාහනයක් පාලනය කරපු එක (දී)
රෂිඩ්, ඒකට කියන්නේ ජාතිවාදේ නෙමෙයි. ඒක ඇවිත් ජාති ආලේ (නි)
මෙව්වට හේතුව සංස්කෘතිය නෙමෙයි. ළමයින්ට පුංචි කාලේ ඉඳා වගකීම් වලට පුරුදුකරණ එක. අපේ රටේ ලොකු අය කරන්නේ ළමආ පැත්තකට වෙන්න, ලමයින්ට ඔයවැඩ බෑ, කියලා මානසිකත්වය වට්ටන එක. ඉස්කෝලෙදි වුණත් ළමයෙක් කියන දේවල් ගුරුතුමාගේ අදහස් වලට වෙනස් නම් එයට ලකුණු බින්දුවක් දෙනවා. (නි)
සම්මානයක් දෙන්න වටිනවා
රිස්වාන්, රූපවතී ඉන්නෙත් ඔය ඉන්න රටේම තමයි. නිවාඩු වෙලාවක ගිහින් හම්බවෙලා ටිකක් පීනන්න ඉගෙන ගන්න (නි)