එක්සත් ජාතික පක්‍ෂයේ ඒ.ජේ.එම්. මුසම්මිල් යටතේ හෝ සංධානයේ මිලින්ද මොරගොඩ යටතේ හෝ කොළඹ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පදවිය ඉල්ලීමට තරම් තමාත් තම පක්‍ෂයත් බංකොලොත්වී නැතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා කියයි. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමනේ තෙවැනි බලවේගයක් වශයෙන් ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්නද සමග ජනතාව පෙළ ගස්වන තමාගේ දේශපාලන චරිතය ඝාතනය කිරීම ඉලක්ක කරගත් පිරිස ඔවුන්ගේ ”පච පැක්ටරිවලින්” මෙවැනි බොරු කතා ප‍්‍රචාරය කරතියිද ඔහු පවසයි. ඔහුගේ පක්‍ෂය කොළඹින් ආසන හයක් දිනා ගත්තේය.