දරු දැරියන් පිරිසක් සමග ඇමරිකානු ජනාධිපති මන්දිරය දැකබලා ගැනීමට පැමිණි අවුරුදු 10 ක් වයසැති කුඩා දැරියක් රැකියාවක් නොමැති තම පියාට රැකියාවක් සොයා දෙන ලෙස ඉල්ලමින් මිෂෙල් ඔබාමා ඉදිරියේ දුක කිවු පුවතක් ඇමරිකානු මාධ්‍ය වාර්තාකරයි.
චර්ලොට් බෙල් නම් එම දැරියගේ පියා වන බෙන් බෙල්ට වසර තුනක සිට රැකියාවක් නොමැති බවත් බොහෝ අගහිගකම් මද දිවි ගෙවන තම පවුලේ උදවියට එයින් ගොඩ ආ හැක්කේ පියාට රැකියාවක් ලැබුනොතින් යැයි කුඩා දැරිය කියනා විට ඇයව ඉතා සෙනෙහසින් වැලදගත් මිෂෙල් ඔබාමා අගේ පියාට රැකියාවක් සොයා දීමට පොරොන්දු වූ බවත් දැරිය විසින් ගෙනැවිත් තිබු පියාගේ සුදුසුකම් ඇතුලත් රැකියා ඉල්ලුම් පත්‍රය එහිදී මිෂෙල් ඔබාමාට ලබා දුන් බවද මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිහාන් ඇත්ත වගේ බොරුකියන්න එපා. යමක් ලියනොකොට එක ගැන කරුණු හොයල බලල කතා කරන්න. මම රැකියාව කරන්නේ us රජයේ දෙපාර්ත මෙන්තුවක. CPA ගනකදිකාරී වරෙක් ලෙස. මේ රටේ ජනතාවගේ මුදල් පරිහරණය ගැන විනිවිද බව ලංකාවේ අපිට හිතාගන්න වත් බැ. මෙහෙදී අපි අත්විඳින නිදහස බුදුදහම අදහනවා කියන අපේ පාලකයන්ගෙන් කවදාවත් අපිට ලැබෙන්නේ නැ. මෙරජය රටේ ආර්ථිකයට සෘජුව මැදිහත් වෙන්නේ නැති නිසා ආර්ථික අවපතායක දී රැකියාව අහිමිවීම ආර්ථික විද්‍යව දන්නා කරුත් දන්නා දෙයක්.නිපුන කියනදේ හරියටම හරි. මෙහෙ කිසිම වරණයක් තොරතුරු දැනගැනීමට නැ. අමෙරිකානුවෙක් ලංකාවේ අපි වගේ ලෝකේ රටවල් ගැන හොයන්නේ නැත්තේ මිනිසුන්න්ට නිදහස තියෙන්න නිසා. බොරුනම් ලංකාවේ අමතිල ලේකම්ලාගෙන් අහල බලන්න. (ස)
බිමල් කිව්වා වගේ ,ඕනෑම කට්ටක් කන්න පුළුවන් කියලා හිතන අය ඔස්ට්‍රේලියාවට ආවොත්, ටික කාලෙකින් ගොඩම තමයි.ලංකාවේ හිටපු සෝබන කාරයන්ටනම්, ඕස්ට්‍රේලියාවේ දැන් තත්වය උඩ, ලේසියෙන් ගොඩ එන්න අමාරුය (ස)
රැකියා ප්‍රශ්නය ඔස්ට්‍රේලියවෙත් තියනවා. විශේෂයෙන් මෑතකදී සංක්‍රමණය වුන උදවියට. නමුත් ඉතින් මහන්තත්වය පැත්තකට දාල ලැබෙන සුළු රැකියාවක් භාර ගෙන ජීවත් වෙන්න ලැස්ති , පොලවේ පය ගහපු මිනිස්සුන්ට නම් ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ බොරු සෝබන ජීවිත ගත කරලා මෙහෙ එන අයට නම් මේක හරියන රටක් නෙවෙයි. .
දුවේ ඔයාට දැනුනේ ඔයාගේ පියාට රැකියාවක් නැති කම නෙමේ පව්ලේ අය විදින දුක් කන්දරාව පමණි ...(දී)
මන් කලේ දරුවට අපහාසයක් නොවේ හැමෝගෙම දුක ඔබාමට කියල ජොබ් ඉල්ලගන්ඩ කියල මොකද මගේ දරුවා චූටි නිසා අරන්යන්න විදියක් නෑ. මමත් ඉන්නේ ජොබ් එකක් නැතිවී වේලි වේලි (ස)
අපේ රටේ නම් ඔය කියන තැන නරබන්න යන්න දෙනවාද? (දී)
පොලවේ පය ගහලා ජීවත් වෙන , රැකියාවේ තත්වය ගැන පටු විදියට නොසිතන අ ඕස්ට්‍රේලියාවට නිත්‍යානුකුලව ඇවිත් දියුණු වෙන්න පුළුවන්. නමුත් මේ කාලයේ රැකියා අර්බුධයක් තියනවා. ඔබ ඕනෑම දුකක් විද දරාගෙන අවංකව ජීවත් වෙන්න පුරුදු කෙනෙක් නම් ලංකාවේ රැකියා නැහැ කියල ආණ්ඩුවෙන් රැකියා දෙනකන් බලා නොසිට මෙහෙ එන්න. නමුත් හොර වංචා වලින් නම් විසා ගන්න බලන්න එපා. නැති සුදුසුකම් , හොර උපාධි සහතික, නොකළ රැකියා අත්දැකීම් පෙන්නලා එන්න එපා. ඔබ හැරෙන කොට ඕස්ට්‍රේලියානුවන් දන්නවා වැඩකාරයෙක් ද බොරුකාරයෙක්ද කියලා. මෙහෙ වැඩ බැරි නම් වැඩක් නැහැ. (ස)
නිලංග ඔබේ වටිනා තොරතුරු වලට ස්තුතියි ..මේවා ඔස්ට්‍රේලියාවට නෙවෙයි කොයි රටටත් යන උදවියට දැන ගන්න වටිනවා. මගේ හිතවතෙකුගේ අසල්වැසියෙක් හොර උපාධි සහතිකයක් ඉදිරිපත් කරලා විසා අයදුම් කරලා. පසුව ආගමන විගමන නිලධාරින් අදාල විශ්ව විද්‍යාලයෙන් තොරතුරු විමසද්දී අහුවෙලා. රැකියාවක් හොයාගන්න කියලා බොරු කරන අයට මේවා හොඳ පාඩම්. (ස)
මට මෙතන ප්‍රශ්නයක් තියෙනවා ඇමරිකාවේ රස්සාවල් හොයා ගන්න අමාරුද (දී)
මෙන්න ඉන්නවා නියම ළමයි (දී)
අනේ මන්දා කමෙන්ට් දාන සමහරු ජීවත්වෙන්නෙ කොයි ලෝකෙද කියලා.. සුදුසුකම් සහ කැපවීම තියෙනවනම් ඇමරිකාවෙ තරම් ලේසියෙන් රැකියාවක් හොයාගන්න සහ මුදල් උපයන්න ලේසි රටක් මම නම් දැකලා නෑ. ලංකාවෙන් හරියට ගිහිපු කවුරුවත් රස්සාවල් නැතුව දුක් විදිනවා කියලා මමනම් අහලත් නෑ, එහෙම කෙනෙක් මුණගැහිලත් නෑ. හොරෙන් පැනපු තක්කඩින්ට නම් ප්‍රශ්න ඇති, මොකද ඇමරිකාවෙ ලංකාවේ වගේ සෙල්ලම් බැරි නිසා රස්සාව දෙන්න කලින් බලනවා ඇමරිකාවෙ ආගමන නීති වලට අනුව රැකියාවක් කරන්න පුලුවනිද බැරිද කියලා. ලංකාවේ වගේ වෙබ් අඩවි තහනම් කරගෙන නටන නාඩගම් මෙහෙ නෑ ඕන කෙනෙකුට ඕන දෙයක් ඉන්ටෙර්නෙට් එකේ බලන්න, කරන්න පුළුවනි හැබැයි තව කෙනෙකුට කරදරයක් නොවෙන තාක්. නීතිය ජනාධිපතිටත් එකයි සාමාන්‍ය පුද්ගලයටත් එකයි. ගොඩක් සතුටෙන් කියන්නේ.. විසා ලැබුනේ නැති උනාම දුකයි... නරියත් මිදි තිත්තයි කිවුවලු. (දී)
ගිහාන්, ඇත්ත නම් බොහෝ සුළු රැකියාවල් කරන්නේ මෙක්සිකානුවන් සහ ඇමෙරිකානුවන්, සංක්‍රමණිකයින් තමයි හොදම සහ තාක්ෂණය සම්බන්ද රැකියා කරන්නේ.. ඇමෙරිකාවෙන් කැනඩාවට පනින කතාව තනිකර විකාරයක් ඇමෙරිකාවෙ ග්‍රීන් කාර්ඩ් එකෙන් කැනඩාවෙ රැකියාවක් කරන්න බෑ.. ග්‍රීන් කාර්ඩ් එක තියෙනකොට විසා ප්‍රශ්න නෑ.. කැමති රැකියාවක් කරන්න පුළුවනි, ඒක ගන්න එකත් ලේසි නෑ. කවුද ඔය කෙබර ටික ඔයාට අත ඇරියේ.? (දී)
සිල්වා මහත්තයා. ඇමරිකාවේ රස්සා ප්‍රස්නයක් නැහැ ඉහත හරි අදහස් ටික කියවන්න.(නදී)
ගිහාන් හිතන් ඉන්න විදිය ගැන දුකක් දැනෙනවා. අපේ රටේ නායකයෝ අපේ ඔලුවලට දාන මත වලින් මිදිලා ඇත්ත හොයන්න පුරුදු වුනොත් අපිට නිදහස අත්දකින්න පුළුවන් වේවි. නැත්නම් අපි අපේම ආකල්පවල, මත වල හිරකාරයෝ වෙනවා. (දී)
අපේ නම් කෙලින්ම කියයි මේ කොයි පළාතේද ,අපේ මන්ත්‍රී තුමාගෙන් අහන්න මේ ළමයාගේ පියා, අපේ කෙනෙක්ද ?..ඒක ඔව් නම් වැඩේ සියලුම මාධ්‍ය ගෙන්නලා පේන්න ගේම දේවිනේ.(නදී)
ප්‍රදේශයේ ඇමතිතුමාගෙන් ලියුමක් නැතුව රස්සා දෙනවද? (අ)
මෙහෙ කොහෝමද (අ)
ඇමෙරිකාවේ රස්සාවල් නැති හුගක් ඉන්නවා මේ ඔක්කොම මිසිස් ඔබාමා මුණගැහිලා දුක කිවනම් හරි (අ)
කට්ටිය හිතන් ඉන්නෙ ඇමරිකාව සුරපුරක් කියල.හිටපු මිනිස්සු විතරයි ඒක දන්නෙ.දැන් පවතින ක්‍රමේට අනුව මිනිස්සුන් ගෙ ප්‍රශ්න විසදන්න බෑ ලෝකෙ කොහේ වුණත්. (ස)
ලකී ඒ දරුවා කරපු දෙය අගේකරමු ඔබටත් මේ අත්දැකීම් තිබෙනවා නම් හිතෙ ඇති දුක තේරේවි (අ)
මෙන්න රටේ නායකයෝ අපේ රටේ නයකොයෝ මේවා බලලවත් හැදේව (අ)
දුවේ ඔබ මගේ ප්‍රානයයි (දී)
ඇමෙරිකාවේ රැකියා හිඟයක් තියෙනවා කියා ඔවුන්ගේ පුවත් වලින් ඇහුවේ අදයි. (අ)
අපේ රටේ පාලකයින්ගේත් උණුවෙන හදවත් ඇති ප්‍රියම්භිකාවන් ඉන්නා බව අමතක නොකරන්න (දී)
ඇමෙරිකාවේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙයිද? (දී)
ලංකාවට ඇවිත් අපේ ඇමති කෙනෙක් හම්බ උනා නම් හරි. අලුත පටන් ගන්න කැසිනෝ වලට දහස් ගණනක් අලුතෙන් බඳවා ගනීවි. දැන්මම එන්ඩ . (දී)
කන්න බැරි වුණහම නරියට මිදි ඇඹුල් වුණා වගේ යන්න බැරි වුණහම අපේ අයට ඇමරිකාව සවුත්තු රටක් (නි)
රොෂාන් රත්නායක. මම දන්නා ඇමෙරිකාව ඔබත් දැනගෙන සිටියා නේ.? ඔබට බොහොම ස්තුතියි. (ස)
ඇත්තටම ඇමෙරිකාවෙත් මේ වගේ විරැකියා ප්‍රශ්නයක් තියෙනවාද? (දී)
අපේ ජනාධිපතිතුමා හෝ අාර්යාව මේ අයුරින් හමුවෙන්න දුන්නොත් අපේ ළමයිනුත් අවශ්‍ය ප්‍රශ්ණ කියලා ඒවා විසදා ගනීවි.(නදී)
ධම්ම. ලෝකයට ඇමෙරිකාව පෙන්වන්නට හදන ඇමෙරිකාව එහි නැහැ.ඇමෙරිකාවේ 80% ජනතාව ලෝකය ගැන තොරතුරු දන්නේ නැහැ කිවුවොත් ඔබ මට බොරුකාරය කියල කියාවි. නමුත් සත්‍යය එයයි. ඇමෙරිකාවේ රජයන් සාමාන්‍ය ජනතාවට ලෝකයේ තොරතුරු දැනගන්නට සලස්වන්නේ නැහැ. මාධ්‍ය ආවරණයකින් යුක්තයි. අන්තර්ජාලය දියුණු රටක එහෙම වෙනවාද කියා ඔබ අසාවි. ඇමෙරිකාවේ සාමාන්‍ය ජනතාව අන්තර්ජාලයෙනුත් ඇත් කරන්නට ක්‍රම යොදලයි තියෙන්නේ. නිතරම මහජනයාට විනෝද වෙන්නට ක්‍රම යොදලයි තියෙන්නේ. රැකියා නැති ප්‍රශ්නය හරි උග්‍රයි. හමුදාවට බැඳෙන එක තමයි ලෙහෙසි. (දී)
මාරයිනෙ ඇමරිකාව බේරන්න කලු සුද්දො කරන දේ . ඒ අයගෙම මාධ්‍ය කියනව ඔවුන් රැකියා වියුක්තිය ඉහල ගිහිල්ල කියල.හැබැයි මේගොල්ලො කියනව එහෙම නැහැල්ලු. එතකොට ඇමරිකන් බැංකුවක් එක රැයකදි 3000ක් එලියට දැම්මෙ ඇයි දන්නෙ නැහැ මේක කියන්නෙ අපි නෙමෙයි සීඑන් එන් එක. ලිවයිස් ස්ටේටරස් ආයතනය ඊයෙ පෙරෙද ඒගොල්ලන්ගෙ කාර්යමණඩලයෙන් 1000 දොට්ට දැම්මෙ ආදරේට වෙන්න ඇති. ලංකාවෙන් ගිය 80% කරන්නෙ ඒ අයගෙම භාෂාවෙන් කියන ත්‍රීඩී ජොබ්. ත්‍රීඩී කියන්නෙ ඩර්ටි, ඩේන්ජර්,ඩිෆිකල්ට් කියන රැකියාවර්ග. නිකන් සුරන්ගනා කතා කියන්න එපා. වෙනරටවල රාජ්‍යනායකයින්ගෙ පුද්ගලික දුරකතවලට පවා සවන්දෙන ඇමරිකාවෙ නිදහස තියනවලු.කාටද මේව කියන්නෙ. ඇමරිකාව ඇතුලෙ ඉන්න මේවගේ මිනිස්සු ඔහොම හිතාගෙන හිටියට මුලුලෝකෙම දන්නව ඒ අයගේ කෙරුවාව. කන්ඩ නැතත්‍ෙ ආමි එකටයි යුදකටයුතු සහ ඔත්තු සේවාවලට වියදම් කරනව හැබැයි. (අ)
කුඩා දරුවන් තම පවුලේ දුක කියන විට කාගේත් හදවත උනුවෙනවා. මිචෙල් ඔබාමා මහත්මිය පවා මෙවැනි දෙයක් බලාපොරොත්තු නොවුවා විය හැක. ඇමෙරිකාවෙත් විරැකියා ප්‍රශ්නය තිබෙන නිසා හැමෝටම එසේය. හමුවී රැකියාවක් ලබාදෙන්න කියා කියා ඉල්ලන්න බැහැ. එය ප්‍රායෝගික නොවේ. මෙය අහඹු සිදුවීමක් නමුත් සෙල්ලම් වියේ පසුවෙන මේ දැරිය කෙසේ හෝ තමාගේ පියාට රැකියාවක් ලබාදෙන්න ජනාධිපති ආර්යාවගෙන් ඉල්ලා සිටීම හා පියාගේ සුදුසුකම් ලත් ඉල්ලුම්පත්‍රයද රැගෙන පැමිණීම අගය කලයුතුය. මාධ්‍යයන් ඔස්සේ පලවන සමහර පුවත් නරඹා දුප්පතුන්ට පිහිට වන්න ඉදිරිපත්වන ව්‍යාපාරිකයින් පක්ෂ විපක්ෂ දේශපාලකයින් (සමහරක්) හා සාමාන්‍ය සිවිල් ජනතාවත් අපේ රටෙත් ඉන්නවා. ඒ නිසා හැම දෙයකට අපේ රට හැල්ලුවට ලක් කර අදහස් ලියන්න එපා. (නදී)
දැන් ආපසු මුල් කතාවට බහිමු. මේ දැරියගේ ප්‍රශ්නයට ඔබාමා මැතිනියගේ ප්‍රතිචාරයෙන් කියැවෙන්නේ ඇමෙරිකාවේ රැකියා ප්‍රශ්නයක් තිබෙන බවයි. ලංකාවෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වුණ අය මොනවද මේ දොඩවන්නේ? (නි)
අමෙරිකන් කට්ටිය අපිත් එක්ක වැඩ කරනවා.ඔය කියන සුරඟන ලෝකේ එහෙනෑ .ඒ අයට අපේ රටේ වගේවත් කන්න බොන්න නැහැ සමහර වෙලාවට,රජයේ ආධාර ටික හරි..ජොබ් එක හරි කරන්න බැරි වුනොත් කන්නත් නෑ.නැත්නම් ඔය වගේ දේවල් කරලා ඔබාමල ලකුණු දගනියිද? (දී)
මේ සිද්දිය අගේ කරනවා වගේම අපේ ජනපතිත් බොහෝ විට දරුවන් මුණගැසී දරුවන් විසින් කරන කියන පැමිනිලි වලට පිළියම් දීලා තියනවා අමෙරිකාවේ සිදුවුනා නම් අගය වැඩි වීමත් එයම i ලංකාවේ සිදුවුණාම සාමන්‍ය දෙයක් බවට හදුන්වා දීමත් අසාදරනයි. පුංචි දෙයක් නිසා හෝ උපන් බිමට ගරහන මිනිසුන් නොමිනුසුන්ය. කවුරුන් හෝ අසරණ වෙලා මා වෙත අවොත් මම නම් උදව් කරනවා. එකම දෙය අපි කලාම එය ප්‍රසිද්ද වන්නේ නැහැ. දේශපාලකයෙක් කලාම එය ලොව පුරාම යනවා. විශේෂයෙන්ම ඇමෙරිකාව යුරෝපා රටවල් වල. (නදී)
අපේ රටේ වුණා නම් "ඕවා බොරු වැඩ". හැබැයි අමෙරිකාවේ වුණහම කට්ටියට, "අන්න නියම මිනිස්සු". තමන්ගේ රට ජාතිය ගැන පහත් කරලා කතාකරන හීනමාන මිනිස්සු ඉන්නේ අපේ රටේ විතරයි.(නි)
මුදියන්සේගේ කටේ මසුරන් දාන්න ඕනෑ (නි)
මේ දියණිය කළේ කරන්ට තියෙන එකම දේ එය පමණක් බව තේරුම් ගත් නිසා හෝ දෙමවුපියන්ගේ මෙහෙයවීම යටතේ විය යුතුය. කෙසේ වෙතත් ජනාධිපති ආර්යාවට පවා ඒ ඉල්ලීම ඉටු කර දෙන්ට පුළුවන්දැයි සැක සහිතය. ලංකාවේ අපිට කොස් දෙල් වැනි භෝග අහරට ගන්ට තිබුණත් ඇමෙරිකාවේ පහසුවෙන් කෑම සොයාගන්ට බැහැ. දිළිඳුකම වසරෙන් වසර ඉහලට යනවා. විරැකියාවත් එහෙමයි. වැඩි පිරිසක් රජයේ සහනාධාර වලින් යැපෙන්නෝ. ඒ නිසා ලොවට පෙන්වන ඇමෙරිකාව අපේ ලෝකයේ නැහැ. (දී)
කියන තරම් දුකහිතෙන කතාවක් නෙමේ මේක , මිෂෙල් ඔබාමා මේ ලමයාගේ පියාට රස්සාවක් හොයල දෙන්න පොරොන්දු වුනේ නැහැ. රැකියා ඉල්ලුම් පත්තරය භාර ගත්ත විතරයි ,සමහර විට ධවල මන්ධිරයේ රස්සාවක් ඉල්ලන්න ඇති. ඇමරිකාවේ කවුරුත් ජනාධිපති ඇතුළු මැති ඇමති වරුන්ගෙන් රස්සා ඉලන් යන්නේ නැහැ. ලංකාවෙන් ඇවිත් දහස් ගානක් ඇමරිකාවේ වැඩ කරනවා ,රස්සා නැහැ කියන එක පිළිගන්න බැහැ.ලෝකෙම ඉන්න ජාතින් ඇමරිකාවට ගිහින් වැඩ කරනවා සහ ජිවත් වෙනවා. රස්සාවක් නැත්නම් රස්සාවක් හම්බ වෙන තුරු ආණ්ඩුවෙන් ගෙවනවා ජිවත් වීමට.ඇමරිකාවේ මාධ්‍ය ආවරණය කර නැහැ,ඕනෑම කෙනෙකුට ඕනදෙයක් බලන්න පුළුවන් . (දී)
දෙසපාලකයො අවුරුදු 50ක් තිස්සේ මේ රට කෑවට ගෆූර් මහත්මය කිව්වා වගේ හුඟක් සංවේදී අය අපේ රටෙත් තවම ඉන්නවා. (නදී)
අන්න ඒකට අපේ ඇත්තෝ.(නදී)
සිරි විතාන මහත්තයෝ අපේ රටේ ළමයි ඔය කියන තැනට ගිහින් සපත්තු අරගන්නවා මතක නැද්ද? (නදී)
රොෂාන් කියන්නේ ඇත්ත. මමත් වෙන රටක පුරවැසියෙක්. මටත් පුළුවන් උනා රස්සාවක් ලබාගන්න. මේකේ බොරු කොමෙන්ට් දමන අයත් ඉන්නවා. සුදුසුකම් ලබාගෙන හරියට ඉල්ලුවානම් රස්සාව ෂුවර්. ඉන්ටෙවිව් හරියට මුහුණ දෙන්න ඕන. නිකන් ගෙදර හිටියට රස්සාවල් හම්බවෙන්නේ නෑ.(නදී)
ඔයා හරි හිරාන්.මේ දරුවාගේ පැතුම ඉටුවෙවයී සියලු ලක්වැසියන් ප්‍රර්ථනා කරමු. (දී)
ඇමෙරිකාවේ නාගරික පරිසරයක ඉන්ධන පිරවුම්හලක හෝ ආපන ශාලාවක හෝ පිසා කඩයක හෝ මස් ගබඩාවක රැකියාවල් පිටරටින් යන අයෙකුට ලැබුණට ඇමෙරිකානුවන් කරන්නට අකැමති රැකියාවල් නම් පිටරැටියන්ට කරන්නට තිබෙනවා. ලංකාවේ කට්ටියත් ඇමෙරිකාවේ කරන්නේ ඒ වගේ රස්සාවල් තමයි. අපේ කට්ටිය බොහෝ දෙනෙක් ග්‍රීන් කාඩ් හදාගෙන අමෙරිකාවෙන් කැනඩාවට පනිනවා. හේතුව ඇමෙරිකාවේ රස්සාවල් සහ හොඳ පඩි නැති නිසා. (නදී)
ඇමරිකාව ගැන හසල අත්දැකීම් තියන කීප දෙනෙක්ම අදහස් දමල. අම්මෝ! හොඳ වෙලාවට මගේ විසා ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප උනේ. නැත්නම්, ඉතින් ඇමරිකා ගිහින් රස්සාවකුත් නැතිව, කන්නත් නැතිව, අන්තර්ජාලයේ ෆේස් බුක් භවිතා කරන්නත් නැතිව උඩ බලාගෙන තමයි ඉන්න වෙන්නේ. ඇමරිකාවේ මිනිස්සුන්ට ඔය තරමටම කන්න නැත්නම්, අපි වගේ කොස් ගහක් දෙල් ගහක් වවාගෙන වත් කන්න බැරිද? බලාගෙන ගියාම මහා කම්මැලි ජාතියක්නේ. මම දැන් මේ බයේ ඉන්නේ අපට තියන ප්‍රශ්න මදිවට ඇමරිකන් කාරයෝ රැකියා හොයාගෙන බෝට්ටු වලින් ලංකාවට ගොඩ බහිද කියලයි. අනේ මන්ද? (දී)
ලෝකෙටම ආදර්ශයක් දුවේ ඔබ, නමුත් සමහර කට්ටිය ඔඅබේ ඒ කාර්ය දෙකේ කොලේට දානවා ඒක තමයි ඉවසා ගන්න බැරි (දී)
ඇමෙරිකාව ගැන මොනවත් දන්නේ නැති අය ඉදිරිපත් කරලා තිබෙන බොහෝ කරුණු වැරදියි. රැකියා ප්‍රශ්නයක් තිබෙනවා. රජය ක්‍රමානුකූලව එය විසඳනවා.ඇමෙරිකාවේ ඇතුල් පැත්ත ඉරිදා ලංකාදීපේ එතෙර පත්තර කියන කතා තීරයෙන් දැනගන්න. (ස)
මා දන්නා තරමට නම් ඇමෙරිකානුවන්ට ලෝකය නිරාවරණය නො කළ රටක්. සුප්‍රකට සිනමා නළු / අධ්‍යක්ෂ කෙවින් කොස්ට්නගේ සම්මුඛ සාකච්චාවකදී කියවුනු දෙයක් තමයි ම ඉහත සඳහන් කළේ. (ස)
ඔය කියන විදියට ඇෆ්ගනිස්ථානය හොඳයි ඇමෙරිකාවට වඩා (ස)
ඇමෙරිකාවේ හා බ්‍රිතාන්‍යෙය් අය රැකියා සොයන්න වෙහෙසෙනවා. ඒ අය අතර ලියන්න කියන් බැරි අයත් ඉන්නවා. (ස)
ගිහාන් 2014-04-26 17:32:12 මේක තමයි හරිම කතාව. ප්‍රවෘත්ති වාරණය රැකියා විරහිත බව හැමෝම දන්නේ නැහැ. (ස)
ඇමරිකන් කාරයෝ එක්ක මමත් මාලදිවයිනේ ජොබ් කරලා තියෙනවා. උන් මාටිය ගහන්න රුසියෝ. (නදී)
ඇමරිකන්කාරයෝ එක්ක මමත් මාලදිවයිනේ ජොබ් කරලා තියෙනවා. උන් මාටිය ගහන්න රුසියෝ. (නදී)
මේ ලිපිය දැක්කම අපේ අයත් දරුවන් අතේ රැකියා ඉල්ලුම්පත්‍ර යවයි මන්දිරේට.(නදී)
ඔය කඩවල රස්සා කරන අය සීයට 95ක් හොරෙන් පැනපු අය. අපිට නම් හොද සුදුසුකම් තියනවා, හොද රස්සා කරනවා, හොද ලංකාවේ කට්ටිය ආස්සරය කරගෙන ලස්සනට ජීවත් වෙනවා. කියන තරම් අහේනියක් මෙහෙ නැහැ. (නදී)
ඇමෙරිකාවේ එහෙම නම් ලංකාවේ කොහොම වෙයිද? (නදී)
ලෝකේ හැම රටකම් රැකියා නැති අය ඉන්නවා. මේවා හුගත්ම අඩු ස්නැන්ඩිනේවියාව වගේ රටවල විතරයි. . අමෙරිකාවේ රැකියා වියුක්තිය 9% විතර. සාමාන්‍ය අමෙරිකානුවෙක් ලෝකය ගැන එතරම් දැනීමක් නැතිබව ඇත්ත. ඔවුන් හුගදෙනෙක් ලංකාව කියන නමවත් අසා නැත. නමුත් ඔවුන්ට ඉන්ටෙර්නෙට් වාරණයක් නැත. මෙයට හේතුව ඔවුන්ගේ ලෝකයා ගැන දැනගැනීමට උනන්දුවක් නැති නිසා.(නදී)
දැනගත යුතු දෙයක් තමයි අපේ රටේ ඉන්න සමහරක් අය සිතන්නේ ඇමරිකාව කිව්වම දුප්පතුන් නැති රටක් කියා. මෙහෙ ඕනෑතරම් හිගාකන මිනිස්සු , කුනුබක්කි අවුස්සන මිනිස්සු සිටිනවා. ජනගහනයෙන් 15-20 % ඒ කියන්නේ මිලියන 50 ක් දුප්පතුන්. මිලියනයකට ගෙවල් නැහැ. (නදී)
රැකියා නැති ප්‍රශ්නය ඔස්ට්‍රේලියාවෙත් තියනවා. මෙහෙ ඉපදුන උදවියටත් රැකියා ලබා ගැනීම මේ කාලයේ ලොකු ප්‍රශ්නයක්. උගත් සංක්‍රමිකයන් ටත් රැකියා නැතිවෙලා. තමන්ගේ උගත්කමට හරියන රැකියා එකපාරටම ලැබෙන්නේ නැහැ. නමුත් ලංකාවේ තියෙන උස් පහත් රැකියා මානසිකත්වය නැතිව මෙහෙ පැමිණි අයට නම් ප්‍රශ්නයක්. නැහැ. (නදී)
රුවන් ඔයා එක්ක මාලදිවයිනේ ඇමරිකන් කට්ටිය කරපු රස්සාව මොකක්ද.ඇමරිකාවේ අයට මාලදිවයිනට එන්න වීසා අවශ්‍ය නැහැ .නමුත් මාලේ අයට ඇමරිකාවට එන්න ලේසියෙන් බැහැ.ඇමරිකන් අය රස්සා හොයාගෙන මාලදිවයිනට එන්නේ නැහැ,මාලදිවයින් අය එහෙ යනවා රස්සාවලට, (දී)