පැරණි මැතිවරණ ක්‍රමය යටතේ හෝ නියමිත පරිදි මාර්තු මාසයේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසයේ දී පැවැත්විය නොහැකි නම් පැරණි මැතිවරණ ක්‍රමයට හෝ මැතිවරණය පැවැත්විය යුතු බව ඔහු පැවසීය.
දිගින් දිගටම පළාත් ආයතනවල නිල කාලය දිර්ඝ කරමින් පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරිම ප්‍රජාතන්ත්‍ර විරෝධි යැයි කී ටිල්වින් සිල්වා මහතා ආණ්ඩුවේ මෙම තීරණයට ජනතා විමුක්ති පෙරමුණ තම විරෝධය පළ කරන්නේ යැයි සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රතු එළිය කොයි කාලේ ඉඳලද වනන්නේ? ඒත් කෝ වෙනසක් පෙනෙන්න නැහැනේ. (නි)
රතු අලි ජනතා ප්‍රසාදය බොහොම අඩුකරගෙන ඉන්නේ දැන් (නි)
අලුත් ක්‍රමය මේගොල්ලන්ට අවාසි ඇති (නි)
අලුත් ක්‍රමය ජවිපෙට සැහෙන අවාසියි. එ්කයි මේ කෑ ගහන්නේ. (බ)
කරන්න පුළුවන් දේවල් කියන්න අපි දැක්කා යන්තම් පාර්ලිමේන්තු ගිය විදිය (බ)
අනේ! අපිට නම් ඔය මොන ක්‍රමයටවත් ඡන්ද එපා. (නි)
අලුත් ක්‍රමේට ඡන්දෙ තිබ්බොත් රතු කොඩි වනල වනල එක ආසනයක්වත් දිනා ගත්තොත් පුදුමයි. මේ ඡන්දෙන් තමයි මේ ගොල්ලෝ අතුගෑවිලා යන්නේ. (කෞ)
කට්ටියක් කඩේ යනවා, තව කට්ටියක් කඩේ ඇතුළේමයි. අනිත් කට්ටිය බොරුවට කොඩි වනන්න කතා කරනවා. (නි)
ජනතාව රතු එලිය පෙන්නලා තියෙන්නේ. (ර)
මොනවා කීවත්,දිනන තුරු විතරයි.(ම)
හොඳයි හෙට අනිද්දා තිබ්බා කියමුකෝ මේ ගොල්ලෝ දිනන්නද ? (ම)