මීළඟ පළාත් පාලන මැතිවරණය සියයට 70ක් කොට්ඨාස ක‍්‍රමයට හා සියයට 30ක් සමානුපාතික ක‍්‍රමයට පවත්වන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය කොට්ඨාස නිර්ණය අවසන් කර ඇතැයි කී අමාත්‍යවරයා පැන නැගී ඇති අනෙකුත් ගැටලූ පිළිබඳ සාකච්ඡා කරන බව සදහන් කළේය.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණෙන බව ද ඇමැති කීවේය.
සමානුපාතික ඡන්ද ක‍්‍රමය මගින් මුදල් පදනම් කරගත් මැතිවරණ ක‍්‍රමයක් බිහි වී ඇතැයි කී අමාත්‍යවරයා එම තත්ත්වයෙහි වෙනසක් හා කොට්ඨාසයට වගකියන මන්ත‍්‍රීවරයකු ඉල්ලා ජනතාව කරන ඉල්ලීම සළකා මෙම පියවර ගන්නා බව ද ඇමතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්ද සහ අචල යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ (බ)
දුමින්දටයි, අචලටයි දෙන්නටම ටිකක් වැරදිලා වගෙයි. වාහනවලට අදාලව නොවෙයි ප්‍රකාශය. (ස)
ප්‍රවුර්තියට අදාළ නැති උනත් අචලගේ අදහසට මමත් එකගයි. (ර)
මොන ක්‍රමයට ඡන්ද පැවැත්තුවත් කම් නැත. දරන සම්පත් අවම කර සාධාරණ මැතිවරණයක් උදෙසා රටට යහපතක් වගේම ජනතාවගේ සුබසිද්ධියට වෙන වැඩ පිළිවෙලක් වෙනවනම්. (ස)
ආණ්ඩුවත් හයිබ්‍රිඩ්, අදිකරණයත් හයිබ්‍රිඩ්, අපේ නායකයොත් හයිබ්‍රිඩ්, අපිත් හයිබ්‍රිඩ්, රටත් හයිබ්‍රිඩ්. (ර)
හයිබ්‍රිඩ් වාහන වලින් බදු සම්පුර්ණයෙන් ඉවත් කරන්න. ඉන්ධන වලට යන මුදලුත් ඉතුරුයි. පොඩි මිනිහාටත් වාහනයක් ගන්න පුළුවන්. (නි)
අපි ඉන්නේ අනුරාධපුරේ. පහුගිය කාලේ ලංකාව පුරා විශාල වියදමක් දරලා මාර්ග පද්ධතිය අලුත්වැඩියා කළා. අලුතෙන් පාරවල් හැදුවා. මේ පාරවල් වල වාහනයක් යන්නේ හාවා හඳ දකිනවා වගේ. හරිම කලාතුරකින්. මේ පාරවල් වලින් ප්‍රයෝජනයක් ගන්න වාහන බදු ඉවත් කරලා රටට වැඩිපුර වාහන ගෙනෙන්න දෙන්න. කොළඹ තදබදය අඩුකරන්න. කොළඹට ඇතුළුවන පුද්ගලික වාහන වලින් බද්දක් අයකරන්න. එතකොට කොළඹ යන අය බස් වල යාවි. කොළඹින් පිට යන අය වාහන වල යාවි. මේක තමා හරිම විසඳුම (නි)