“ ජනාධිපතිතුමයි අගමැතිතුමයි ජාතික ආණ්ඩුවක් හැදුවට පළාත් සභාවටත් ප්‍රාදේශීය සභාවටවත් මේ ජාතික ආණ්ඩුවක් නැහැ. ඒ මැතිවරණයේ දී ජනාධිපතිතුමා අපේ පක්ෂයත් අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂයත් මෙහෙයවාවි. “ යැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘එහෙම කළා කියා ජාතික ආණ්ඩුව විනාශ වන්නේ නැහැ. මේ රටේ පළාත් පාලන ඇමතිවරු වූ දිවංගත බණ්ඩාරනායක මහතාත් හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාත් පළාත් පාලන ක්ෂේත්‍රයට විශාල සේවයක් කළා. රණසිංහ ප්‍රේමදාස මහත්තයා මේ සභික කියන දේ වෙනස් කරලා මන්ත්‍රී කියලා දැම්මා. ඒ ප්‍රේමදාස ජනාධිපතිතුමා නිසා තමයි අද මමත් මෙතනට ආවේ. ඉතිහාසය අපිට අමතක කරන්න බැහැ. ඒ අය නතර කළ තැන ඉදලා අපි ඉස්සරහට ගෙනියන්න ඕන. ආණ්ඩුව වෙනස්වන විට නගර සභාව වෙනස්වන විට ඔක්කෝම වෙනස්වෙන්න ඉඩ දෙන්න බැහැ. අපේ දේශපාලන ප්‍රතිරූපය ඉෂ්ඨ කරන්න නොවෙයි ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ඨ කරන්න අපි කැපවෙන්න ඕනෑ. “

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියල් ඉස්සර නිදාගෙන ඉඳලා කියලයි මට හිතෙන්නේ (නි)
මහින්ද පැරදු අයට අපි අනාගතයේ ඡන්දය නොදෙමු. වීරවංස ,වාසු,තිස්ස ,උදය ගේ ඒකාබද්ද විපක්ෂයට අපි ඡන්දය දෙමු. (ස)
ශ්‍රී ලාංකිකයන්ට දැන් සනීප ඇති. (නි)
හැමෝම බලන්නේ කොහොමහරි බලයට එන්න (නි)
ඔයා දුන්න තරමට ඔයාට ලැබිල තියෙනවා..එත් මතක තියාගන්න ඒ නිදහස් පක්ෂ පාක්ෂිකයින්ගෙන් ලැබුණු දෙයක් නොවන වග..පක්ෂයට ද්‍රෝහිකම් කල පක්ෂය භේද කල පක්ෂය පරාජය කල අවසානයේ පාක්ෂිකයින්ගේ ජන මතයත් අමු අමුවේ මංකොල්ල කාපු මන්කොල්ලකාරයින්ට කත් අදින පිසාචයෝ ඔක්කොටම ඊලග ඡන්දෙදි අබ සරණයි..ඔයා අපිට පෙන්නන්නකො මෛත්‍රී මහත්තයත් එක්ක ඡන්දෙ කරලා ශ්‍රී ලංකා එක දිනවල.අපි එදාට ඔයාලට හු නොකිය ඉන්නනම්...(ස)
මහින්ද පැරදු අයට අපි අනාගතයේ ඡන්දය නොදෙමු. වීරවංස ,වාසු,තිස්ස ,උදය ගේ ඒකාබද්ධ විපක්ෂයට අපි ඡන්දය දෙමු. (ම)
සමහරුන්ට තමන් මෙතනට පැමිණි විදිය දැන් අමතකයි (නි)
මම හිතන්නේ මේ ගමන ජනතාව හොඳ උත්තරයක් දෙයි (නි)
පියල් මහතා කියන ජනමතත නම් කවුරු මංකොල්ලකෑවත් අපිට කමක් නැත. නමුත් සමහර රාජ්‍ය ආයතන වලට තැබූ පොලු සහ මංකොල්ලකෑම් තමා අපිට තිබෙන ප්‍රශ්නය. (නි)
ඒ මහතාගේ කටේ මසුරන් දාන්න ඕනෑ. ජනතාව තම නියෝජිතයින් පත්කරන්නේ තමන්ගේ පොදු අවශ්‍යතා ගැන සොයාබලා තම ප්‍රදේශයට සේවය ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් විනා ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට හෝ පළාත් සභා හෝ ප්‍රාදේශිය සභා වලට පත්වූ පසු මහජන මුදලින් ධනවත්තු වීමට නොවේ (නි)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා ඉස්සරහට (නි)
මෙතුමාගේ ප්‍රකාශය අගය කරනවා (නි)
අගය කළයුතු කතාවක් (නි)
එහෙනම් තනියම ඉල්ලලා සේරටම ගෙදර යන්න පිළිවන්. (ස)
බොහොම හොඳයි. ජයවේවා! (නි)
පියල්, මහින්දට බොහොම කැමති කෙනෙක් වගෙයි. (නි)