පළාත් පාලන මැතිවරණය ලබන වසර මුලදී පවත්වන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති කොළඹ පදනම් ආයතනයේදී අද (20) පැවසීය.
පළාත් පාලන නිර්ණය කොමිසමේ වාර්තාව පමාවීම නිසා මෙම ඡන්දය කල් ගිය බව දැනගන්නට ඇත.
තමාට ජනපති පදවියට පත්වීමට හැකිවූයේ අකුරැස්ස තංගල්ල පළාත් හි ප්‍රාදේශීය සභාපතිවරුන් හා ඇතැම් මන්ත්‍රීවරුන් කළ නොමනා ක්‍රියා නිසා යැයි ජනපති කියා සිටියේය.
‘මම ගිය රජයෙන් ඉවත් වූයේ අගමැතිකම නොලැබුණු නිසා යැයි ප්‍රචාරයක් ගෙන යනවා. මගේ ඉවත් වීමට හේතුව එය නොවේ. ගිය රජය කළ වැරැදි හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා ඉවසා සිටින්නට මට බැරි වුණා. ඒකයි මම ගිය රජයෙන් ඉවත් වුණේ‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා කියනවා. අපි අහගෙන ඉන්නවා (නි)
පුදුමේ කියන්නේ අවුරුදු 10ක් ගිහින් ඡන්දෙකුත් අාවමනේ ඉවසා සිටින්න බැරි වෙලා තියෙන්නේ - එතකන් කළ කි දේ අපිටනම් මතකයි! (බ)
අැයි දැන් මැතිවරණ කොමිසම, කොමසාරිස් නෙවෙයිද මේවා තීරණය කරන්නේ? දැන් සති කීපෙකට කලින් කොමසාරිස් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියල කිවුව නේද එය තමයි මේවා තීරණේ කරන්නේ, එයට ඕන වෙලාවටයි මැතිවරණ තියන්නේ කියල? (බ)
වැඩ පුළුවන් අයට පුංචි ඡන්දය කල් යාම කිසිම ගැටළුවක් නෙමෙයි..(බ)
තමන්ගේ ප්‍රදේශයට වැඩ කිරීමට හැකියාවක් ඇති අයට නම් පුංචි ඡන්දය කල් යාම කිසිම ගැටළුවක් නෙමෙයි..(බ)
අනේ බොරු නොකියා ඉන්න (බ)
අනේ හොඳයි. අපිත් මේ බල බල හිටියේ මහජන මුදල් වැය කරලා අායෙත් කවදද ඡන්දයක් තියන්නේ කියලයි. (බ)
මාර්තු, ජුනි වුනා,,,,,,ජුනි,......ජනවාරි වුනා .......දැන් ඡන්දයකට ,යන්න තියෙන බය මේකෙන්ම පේනවා (බ)
මේ දිනය ඉක්මණින් උදාවේවා! එයයි අපේ පැතුම (නි)
ජනතා මනාපය දැනගන්න මෙන්න හොඳ අවස්ථාවක් (නි)
වැල්ලේ මාළිගා තනන්න ගිය උදවියට වූ දේ අපිත් දැක්කා. (නි)
බලාගෙන යනකොට මේ රටේ දුක්විඳින ජනතාවගේ ප්‍රශ්න විසඳන න්‍යාය පත්‍ර වලට තමයි බාලගිරි දෝෂය හැදෙන්නේ. (නි)
කිසිම දවසක මහින්ද මහත්තයා ඡන්ද තියන්න බය උනේ නැහැ එකයි වෙනස අද තියෙන. (ර)