රංජන් කස්තුරි
ආයතන 93 ක ඡන්ද විමසීම පැවත්වීමට මැතිතවරණ කොමිසම තීන්දුකර තිබේ.
ඒ අනුව එම පළාත් පාලන ආයතන 93 ට අදාලව නාමයෝජනා කැඳවීමේ නිවේදන දිස්ත්‍රි තේරිම් භාර නිලධාරින් විසින් හෙට (27) නිකුත් කෙරෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම් එම් මොහමඞ් මහතා ලංකාදීපයට පැවැසීය.
එම පළාත් පාලන ආයතන 93 ට නීතිමය ගැටළු හෝ සීමා නිර්ණ ගැටළු හෝ නොමැති හෙයින් බාධාවකින් තොරව ඡන්දය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම ඒකමතිකව තීන්දු කළ බවට මොහොමඞ් මහතා කීය.
ඒ අනුව එම පළාත් පාලන ආයතන 93 හි ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර ගැනීම දෙසැම්බර් මස 11 වැනි දින සිට එම මස 14 දින දහවල් 12 දක්වා සිදුකෙරෙන බව ද ඔහු කීය.
තරඟ වදින අපේක්ෂකයින්ගේ ඇප තැන්පතු බාර ගැනීම හෙටින් (27) ආරම්භ වී දෙසැම්බර් මස 13 දිනෙන් අවසන් කෙරෙන බවද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නඩු තීන්දුව දීලයි තියෙන්නේ. අඩු පාඩු තියෙන ඡන්ද අපිට එපා. කවදා හරි ඔක්කොම අඩුපාඩු සකස් කරගෙන ඡන්දය තියන්න. අඩු ගානේ ඒකට 2020 වත් වෙයි. එතකල් කලබල නොවී ඉවසන්න.
චනක් ලොස්ට ඡන්දේ එපා වුණාට ලංකාවේ අපට ඡන්දේ ඕනෑ.
ඔන්න බොරු බේගල් කියන පිරිසට තමන්ගේ වැඩ පෙන්නන්න අවස්තාවක්. දැන් කියයි අපිට මේක ඉස්සෙල්ල තිබ්බා නම් දිනන්න තිබුණා කියලා. පෙරමග සලකුණු ජයයි යහපාලනයට.
මෙයාකාරයට ඡන්ද පැවැත්වීමෙන් සිදුවන්නෙ මැතිවරණ ක්‍රමය තව තවත් සංකීර්ණ වීමයි. වැදගත් වෙන්නෙ පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමයට හෝ එක දිනක පැවැත්වීමයි.
අපේ රටෙහි මිනිස්සු කෙලින්නෙම පිස්සු. මේ පාරවත් හොඳ අපේක්ෂකයෝ ටිකක් දාවිද දන්නේ නැහැ ඡන්ද දායකයින්ට හරියට දෙන්න.