රංජන් කස්තුරි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත අද පාර්ලිමේන්තුවේදී සම්මත වූ හෙයින් පළාත් පාලන ඡන්දය ලබන දෙසැම්බර් මස මුලදී සාමාන්‍ය පෙළ විභාගයට පෙර පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.
මෙවර පළාත් පාලන ඡන්දය නව ක්‍රමයට පැවැත්වෙන අතර ඒ සඳහා 2017 ඡන්ද හිමි නාම ලේඛණය භාවිත කරන බව ද ඒ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි තව එක දෙයක් වෙන්න තියෙනවා නේද? ඔය සම්මත වෙච්ච පනතට කථානායකවරයා සහතිකය ලබා දිය යුතුයි. ඒකට සතියක් දෙකක් ගියෙන් පස්සේ තමා ඡන්දය තියන්න පුළුවන් වෙන්නේ
එම දවස උදාවනතුරු ඇසපිය නොහෙලා බල සිටිමි. නිදහස් පක්සේ වෙනුවෙන් මගේ යුතු කම ඉටු කරන්න. මොකද 2015 මහා මැති වරණයේදී ජාතික ලසිටුව අපේ මනාපයට සකස් කලට !!!
අමිත්, ඔය වගේ මගේ පව්ලේ අයත් බලාගෙන ඉන්නේ අපේ අතින් උන වැරැද්ද හදාගන්න. අඩු ගානේ කතා පුන්චට පෙන්නන්න චන්දය තියෙන්නේ කාටද කියල ගම මට්ටමෙන්. ඔයාල දන්නවද කතා පුන්ච කියන්නේ කාටද කියල? ඔය රට වටේ යන්නේ කතා කිය කියා ලොකුම කෙනා
නිදහස් පක්ෂේ වෙනුවෙන් දර දිය ඇදපු මමත්, අමිත් මහතා වගේ බලාගෙන ඉන්නවා එම දවස එනතුරු ....
2011 මහින්ද මහතා බාහිර උපාධියට සිසුන් බඳවාගැනීම සීමාකළ නිසා 2015 යහපාලන ආණ්ඩුවට කතිරෙ ගැහුවා. එජාප ආණ්ඩුව මේ ප්‍රශ්නෙට කිසිම විසඳුමක් දුන්නේ නැහැ. තවත් සීමා කළා. අපි සලකන්න බලාගෙන ඉන්නේ.
හිටපු හොරුත්, ඉන්න හොරුත් ගැන අනිවාර්යෙන් ජනතාව තීන්දුවක් ගනියි. මොනවා නොකළත්... හොරකම් නොකරන. කරපු අයගෙන් හොරාකාපුවා අයකර ගත්තොත් අපේ රට හදන්න පුළුවන්.
තියෙනවා කියලා තමයි කියන්නේ... තියෙන කල් විශ්වාසයක් නැහැ. බොරුවෙත් හොඳම එක..
අපි ඉන්නේ අඩුවෙන්ම හොර කරන අයට ඡන්දෙ දාන්න. හොරුන්ට දඬුවම් දුන්නොත් අපේ ඡන්දේ ලැබෙනවා.
පක්ෂය බේරා ගනිමු. හොරු පරදවමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගනිමු.
අපිට පෙනෙන හැටියට රටේ පෙරට වඩා නිවැරදි මාර්ගයකට යොමු වී ඇත. එහෙත් තව කල් යාවි. නිල්, කොළ, රතු හොරුන්ට පක්ෂ භේදයකින් තොරව දඬුවම් දිය යුතුයි. පැරණි හොරුන්ට මෙන්ම අලුත් අයටත් දැඩි දඬුවම් ඕනෑ.
මෙතන මේ ඡන්දේදි සලකන්නම් කියලා කටමැත දොඩවනවා. ඒත් එක ඡන්දෙනේ දෙන්න පුළුවන්. කවුරු කොහොම මොනවා කිව්වත් තමන්ට අයුතු වශයෙන් හෝ උදව්වක් කරපු ඕනෑම දූෂිත දේශපාලකයකුට මිනිස්සු ඡන්දේ දෙනවා. මොකද අද දේශපාලකයන්ට දූෂිතයෝ කියන ජනතාව ඊටත් වඩා දූෂිතයි.
අපිත් බලාගෙන ඉන්නේ.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වල කපන තක්කඩි රැළට පාඩමක් උගන්වන්න. ගිලපුවා ළඟදීම වමාරාවී. පොහොට්ටුවක් අටෝලා අලියව දිනවන්න හදන්නේ නඩු ටික යට ගහගන්න නේද?
සුරංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වින කටින අයට අප සාප කරමු. අත ලකුණ දිනවමු. මෛත්‍රිට දිරියදෙමු. හොරුන්ට දඬුවම් දෙමු.
සිහින දකින්නන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.
මෙයා බීබීසියට කියලා තිබුණේ ඡන්ද දිනය එයාට තනියෙන් තිරණය කරන්න බැහැ කියලා. ඒ කියන්නේ දිනය තිරණය කරන්න තව කවුරු හරි ඉන්නවා. කොහොමද ස්වාධීනයි කියන්නේ?