දෙසැම්බර් 31 වැනි දා අවසන් වීමට නියමිත නගර සභා සහ මහ නගර සභාවන්හි කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි මෛත්‍රීපාල ජනාධිපතිවරයා අද (26) පෙරවරුවේ රාජගිරියේ ජනාධිපති විද්‍යාලයේ පැවැති උත්සවයකදී පැවැසීය. දේශපාලන අධිකාරිය නොමැති කමින්, විසුරුවා හරින ලද පළාත් පාලන ආයතනවල සේවාවන් දුර්වල වී ඇතැයිද කි ජනාධිපතිවරයා කොට්ඨාස ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වීමට යෝජිත පනතේ ඇති අඩුපාඩු සකස් කිරීමට තවත් මාස හයක් වත් ගතවනු ඇතැයි ද ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඡන්දෙටත් ලොකු ගානක් යයි නේද? (නි)
අඩු වියදමකින් ඡන්දය තියන විදිය හොයනවා වෙන්න ඇති (නි)
කල් දාන්නේ බයට කියලයි අපිට හිතෙන්නේ. (ස)
චන්දෙ තිබ්බොත් වෙන්ඩ තියන දේ දන්නා නිසාද කල්ගන්නේ? (ස)
කිව්වෙනම් නියමිත දිනයට චන්දය පවත්වනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් වගේ හිටපු අය දැන් මොකද පස්සට යන්නේ. (ස)
මේවා අපේම වැරදි. මෙයින්ම පෙනෙනවානේ අපේ රටේ ඇත්තම ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිබව. සමහර දියුණු රටවල පවත්වන හැම වර්ගයේම මැතිවරණ පවත්වන දිනයක් ව්‍යවස්ථාවෙන්ම දක්වා තිබෙනවා. මේක ඉතින් "ලෝකෙන් උතුම්ම රටනේ". අපේ ජීවිත කාලයේදී හදන්න පුළුවන් රටක් නොවෙයි මේක. අනේ මන්දා අපි මොනතරම් අසරණද? (නි)
මහින්ද ආණ්ඩු කරද්දී කඩින් කඩ හරි නියමිත වෙලාවට ඡන්දෙ තිබුණා. ජනාධිපතිවරණයත් වේලාසනම තිබුණා. මේ නිසා දැන් අපිට නගර හෝ ප්‍රාදේශීය සභාවලට ගොස් වැඩක්කරගන්නෙ වෙලා තිබෙන්නේ දෙතුන් දවසක් රස්තියාදුවෙලා. සභාපති කෙනෙක් නැහැ පැමිණිලි කරන්න. මන්ත්‍රී කෙනෙක් නැහැ ප්‍රශ්න කියන්න. වැඩ කරන සේවකයන් බැලුවොත් සීට් එකේ නැහැ. මගේ අදහස නම් නියමිත කාලසීමාවේ ඡන්දය තිබිය යුතුයි. (නි)
මම හිතන විදිහට නම් එජාපයට කෙසේවෙතත් ශ්‍රීලනිපයට නම් ඇපත් නැතිවේවි මින් ඉදිරියට. (නි)
කිසිදා මෙම ඡන්දය පවත්වන්නේ නැත්තනම් මම කැමති. මුදල් නාස්තියක්ම පමණි. (ර)
කවද්ද තියෙන්නේ? (ස)
ආ දැන්ද තේරෙන්නේ? මහින්දත් එක්ක තියෙන තරහ නිසා ඒවා විසිරෙව්වේ කොච්චර නම් එපා කියද්දීද? රණවිරුවෝ පාවා දීල, රට දෙකඩ කරලා අන්තිමේදීත් ඔහොම කතා කියාවි. අනේ අපේ රටට වෙච්ච දෙයක්. (ස)
අයි ඔචර බය චන්දෙ තියන්න. (ස)
දහම්,චමින්ද කාපු කෑම මදිද මේ වසරට? (නි)
ඡන්ද නම් නැතිවෙන තරමට අපි කැමතියි (නි)
දැන් තියෙන්නේ ආසයි බයයි ලෙඩේ. ඡන්දයක් තියලාම බලන්න ආසයි වෙනස කොහොමද කියලා (නි)
ඡන්දේ එනකල් ඉන්නේ කළ වැරැද්ද නිවැරදි කරගන්න (බ)