පළාත් පාලන මැතිවරණය කල්දැමෘිම නීති විරෝධී බව පවසමින් මහ නගරා සභා හතරක නගරාධිපතිවරුන් පස් දෙනකු එක්ව ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර ඇත.
දෙහිවල-ගල්කිස්ස, මොරටුව, ගාල්ල, සහ අනුරාධපුරය යන මහ නගර සභා හතරක හිටපු නගරාධිපතිවරුන් මෙම නඩුව පවරා ඇත.
වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන මෙන් පළාත් පාලන ඇමතිවරයාට නියෝග කරන මෙන් ඉල්ලමින් මෙම නඩුව ගොනු කර ඇත්තේ ඉකුත් 23 වැනිදාය.
මැතිවරණ කොමසාරිස් වරයා විසින් මැතිවරණය නොපැවැත්වීම කරුණු කිහිපයක් මත නීති විරෝධී යැයි සිය පෙත්සමෙන් පෙන්වා දෙන බව ඊට පෙනී සිටින නීතිඥ උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි එයාගේ කතා එච්චර හිතට ගන්නේ නැහැ (නි)
හැමදේටම විරුද්ධ වෙන්න එපා මහත්වරුනේ (නි)
අපි ඔබ සමගයි. (ර)
මුළු රටේම පළාත් පාලන චන්ද එකම දවසක පවත්වන එක මේගොල්ලන්ට අගුනයි නේද? කලින් පුරුදු විදිහට බලය , පීඩනය හුදෙකලා තැන්වලට යොදන්න අවස්ථාව නැතිවෙනවනේ. මහජනතාව මෙයාලගේ ශක්තියත්, තත්ත්වයත්, වෙනත් ඇතැම් පක්ෂවලට වෙලා තියෙනවා වාගේ දැනගන්නවානේ. (අ)
ජනවාරි 8 වෙනකොට පක්ෂය මාරු කරපු ගෙම්බෙක් පිම්බිල ගිය උඩ පහුගිය කාලේ මේ මැතිවරණ නිසි කලට වෙලාවට තියන්නේ ඇති . මම ශාක බක්ෂක තණකොළ බුදින්නෙක් වෙමි (බ)
ඒකත් එහෙමද? ඔහොම යමු (නි)
අනේ මේ මහත්තයෝ, තමන්ගේ ඡන්ද පදනම පෙන්නලා කෑ ගහන්න.බොරුවට කැපීපෙනෙන්න හදන්න එපා. තමුන්ට මනාප දීපු අය දැන් හිතින් දුක්විඳින බව දන්නවද? (නි)
අපරාදේ එහාට මෙහාට පනින්නේ නැතුව හිටියනම්. (ර)
අනේ මේ මහත්තයට තවසැරයක් පරදින එක ඉක්මන් කර ගන්න හරි ආසයි වගේ. (ර)
හොඳයි. හැම එකකටම අපි විරුද්ධ වෙමු. ජයවේවා.! (ර)
මෙයාලගේ වැඩේ හැම දේටම විරුද්ධ වෙන එකනේ... (ර)
උත්සහවන්ත මිනිසෙක් මොනා උනත්. (ර)
වෙන වැඩක් නැනේ. හැම එකටම විරුද්දවේවි උසාවි යනවා. (ර)
දිනන්න බලාගෙන වෙන්න ඇති ඉන්න ඇත්තේ. අනේ මේ හැමඑකටම විරුද්ධ වෙන්නයි, මාධ්‍ය සාකච්ඡා කරන්නයි, උසාවි යන්නයි හැරෙන්නට වෙන වැඩක් ඇත්තෙම නැද්ද? (නි)