
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා කැඳවීමේ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ (23) හිමිව ඇත.
පළාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා කැඳවීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව මත පදනම්ව නව පනත් කෙටුම්පත සකස් කළ බව
පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පැවසීය.
එම පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවූ බව අමාත්‍යාංශය පවසයි.
පනත් කෙටුම්පත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත සංශෝධනය කිරීමෙන් පසු මැතිවරණ පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
එම කටයුතු අවසන් වීමෙන් පසු වහාම මැතිවරණ දිනය කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව ඔහු කීවේය.
පළාත් පාලන මැතිවරණය සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මහනුවරදී ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ඡන්දෙට අලුත් නම් ගන්න කැබිනට් අනුමැතිය