IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පුංචි ඡන්දෙ ඉක්මනින් ඉල්ලයි

සියලූම පළාත්පාලන ආයතනවල කාලය මාර්තු 31 වැනිදායින් අවසන් වන බැවින් එදිනට පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත්කරන්නැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එහි නියෝජිතයින් පිරිසක් අද (29) පස්වරුවේ මැතිවරණ මහ ලේකම් කාර්යයාලය වෙත පැමිණ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා හමු වී ඉල්ලීමක් කළහ.

ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍යයට පැවසුවේ මැතිවරණ නිසි වේලාවට පවත්වන බවට පසුගිය මැතිවරණවලදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරු මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද ජනතාවට පොරොන්දු වූ බැවින්  පළාත් පාලන මැතිවරණය තවත් කල් නොදමා කඩිනමින් පැවැත්විය යුතු බවයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ලංකා සම සමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් උදය ගම්මන්පිල, හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම යන අය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

IMG_3962 IMG_3968 IMG_3977 MVI_3982



අදහස් (0)

පුංචි ඡන්දෙ ඉක්මනින් ඉල්ලයි

කලණි විතානගේ Tuesday, 01 March 2016 02:29 AM

නිසි කලට වැසි යම් සේ රටකට වැදගත්වේද එසේම නිසි කලට ඡන්දය වැදගත්. (නි)

:       0       0

කේ පී Monday, 29 February 2016 02:16 PM

ඡන්දය කල්දාන්නෙ බයට. (ර)

:       0       0

නෞෂි Tuesday, 01 March 2016 04:15 AM

ඡන්දෙට යන්න තියෙන තදියම මොකක්ද? ඊට වඩා වැදගත් දේවල් තියෙනවා රජයට. මෙයාලට එල්ලෙන ලනු නෙතිව ඉන්නේ. (ර)

:       0       0

සෙනරත් Monday, 29 February 2016 03:15 PM

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තුවන සැම දෙනාටම සුභ ආරංචියක්. (නි)

:       0       0

අජිත් රණසිංහ Monday, 29 February 2016 03:46 PM

ඡන්දෙ තියන එක හොඳයි. මොකද මෙයාලට තියන කලබලේ . රටේ සල්ලි නාස්ති නොකර ආණ්ඩුවේ වැඩ කටයුතු වැඩ සටහනකට කොරන්න ඉඩ ප්‍රස්ථාව නොදී කලබල කිරීමෙන්ම පැහැදිලි රහසක් තිබෙන බව නම් පේන්න තියනවා ! මිනිසුන්ව මෝඩයන්ට ගණන් ගත්ත කාලයකුත් තිබුන බව මතක තියා ගත්තොත් හොඳයි .(බ)

:       0       0

අජිත් රණසිංහ පැරිස් Monday, 29 February 2016 03:48 PM

පහු පහු වෙනකොට කොහු කොහු වෙන බව දන්නා හින්ද තමයි ඔය තදියම ? (බ)

:       0       0

සුසන්ත Monday, 29 February 2016 08:14 PM

අද තියෙන්නේ ඡන්ද කලට වෙලවට කරන ආණ්ඩුවක් නෙමෙයි. පුළුවන් තරම් ඒවා කල්දාලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කුණු කූඩේට දමන ගමන් බොරු යහපාලන කයිවාරු ගසන ආණ්ඩුවක්. මෙහෙම තමයි ඉස්සර 80-90 ගණන් වලත් තිබුනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 303 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site