සියලූම පළාත්පාලන ආයතනවල කාලය මාර්තු 31 වැනිදායින් අවසන් වන බැවින් එදිනට පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත්කරන්නැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එහි නියෝජිතයින් පිරිසක් අද (29) පස්වරුවේ මැතිවරණ මහ ලේකම් කාර්යයාලය වෙත පැමිණ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා හමු වී ඉල්ලීමක් කළහ.
ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍යයට පැවසුවේ මැතිවරණ නිසි වේලාවට පවත්වන බවට පසුගිය මැතිවරණවලදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරු මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද ජනතාවට පොරොන්දු වූ බැවින් පළාත් පාලන මැතිවරණය තවත් කල් නොදමා කඩිනමින් පැවැත්විය යුතු බවයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ලංකා සම සමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් උදය ගම්මන්පිල, හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම යන අය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි කලට වැසි යම් සේ රටකට වැදගත්වේද එසේම නිසි කලට ඡන්දය වැදගත්. (නි)
ඡන්දය කල්දාන්නෙ බයට. (ර)
ඡන්දෙට යන්න තියෙන තදියම මොකක්ද? ඊට වඩා වැදගත් දේවල් තියෙනවා රජයට. මෙයාලට එල්ලෙන ලනු නෙතිව ඉන්නේ. (ර)
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තුවන සැම දෙනාටම සුභ ආරංචියක්. (නි)
ඡන්දෙ තියන එක හොඳයි. මොකද මෙයාලට තියන කලබලේ . රටේ සල්ලි නාස්ති නොකර ආණ්ඩුවේ වැඩ කටයුතු වැඩ සටහනකට කොරන්න ඉඩ ප්‍රස්ථාව නොදී කලබල කිරීමෙන්ම පැහැදිලි රහසක් තිබෙන බව නම් පේන්න තියනවා ! මිනිසුන්ව මෝඩයන්ට ගණන් ගත්ත කාලයකුත් තිබුන බව මතක තියා ගත්තොත් හොඳයි .(බ)
පහු පහු වෙනකොට කොහු කොහු වෙන බව දන්නා හින්ද තමයි ඔය තදියම ? (බ)
අද තියෙන්නේ ඡන්ද කලට වෙලවට කරන ආණ්ඩුවක් නෙමෙයි. පුළුවන් තරම් ඒවා කල්දාලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කුණු කූඩේට දමන ගමන් බොරු යහපාලන කයිවාරු ගසන ආණ්ඩුවක්. මෙහෙම තමයි ඉස්සර 80-90 ගණන් වලත් තිබුනේ (නි)