ඔක්තෝබර් 24 සිට නොවැම්බර් 6 වැනිදා දක්වා ග්‍රීසියේ දී පැවැත්වෙන ලෝක යොවුන් චෙස් තරගාවලිය සඳහා ශ්‍රි ලංකා ජාතික යොවුන් චෙස් කණ්ඩායමේ වයස අවුරුදු 14 න් පහළ නිල ක්‍රිඩකයා ලෙස ලංකාවේ පළමු හා එකම පාසල් පිඩේ මාස්ටර් වන අම්බලන්ගොඩ ධර්මාශෝක ජාතික පාසලේ එම්. සසිත් නිපුන් පියුමන්ත සුදුසුකම් ලබා ගත්තේය.
පසුගිය වසරේ (2014) ශ්‍රි ලංකා පාසල් චෙස් කණ්ඩායමේ නිල ක්‍රිඩකයා ලෙස තායිවානයේ පැවැති ආසියා පාසල් චෙස් තරගාවලියට සහභාගි වු සසිත් එම තරගාවලියේ දී වයස 13 න් පහළ බාලක අංශයෙන් ආසියාවේ පළමු වැනියා වෙමින් එම වයස් කාණ්ඩයේ රන් පදක්කම දිනා දුන්නේය.
ශ්‍රි ලංකා පාසල් චෙස් කණ්ඩායමේ නිල ක්‍රිඩකයා වෙමින් බ්‍රසිලයේ පැවැති ලෝක පාසල් චෙස් තරගාවලියේ දි වයස 13 න් පහළ බාලක අංශයේ ලෝකයෙන්ම පස් වැනියා වෙමින් එම වයස් කාණ්ඩයේ ලොව හොඳම දස දෙනාට හිමි පදක්කම ද දිනා ගත්තේය.
ඔහුගේ පුහුණූකරු ලෙස ප්‍රවීණ චෙස් ක්‍රිඩා උපදේශක ගිහාන් කාංචන මහතාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව උපන් දේශය, ඔබ ගමන් මඟ ඉදිරියේ රන් සලකුණු එමටය.ඒ සියල්ල ඔබට නොව මව්බිමටය.ඔබ වෙනුවෙන් පිපෙන දේශීය ඔර්කිඩ් මල් දම රැගෙන ලක්මාතාව ගුවන් තොට කඩුල්ල ළඟ බලා සිටිනවා නිසැකයි. (රේ)
ජයග්‍රහණ සඳහා සුබ පැතුම් (ම)
සුබ පැතුම් ඔබට පුතේ! (නි)
කොල්ලෝ කොහොමහරි කරලා ලංකාව හොඳ තැනකට ගෙන්න. මේ වගේ දක්ෂ ළමයින්ට රජය උදව් කරන්න ඕනි. (ර)
මෙම තරගාවලියෙත් ඔබට ජය ලැබේවායි මම ප්‍රර්ථනා කරමි (බ)
සුබ පැතුම්.! (ර)
පුතේ,ඔබගේ ජය නියතයි.ජයෙන් ජයම ලැබේවා.(ම)
තවත් වටිනා දම්සෝ පුතෙක්. පුතනුවනි, උපන් දේශයට ජය ලබාදීමට ඔබට ධෛර්‍ය, ශක්තිය ලැබේවා.........! විද්‍යා දදාති විනයං (ම)
ජය නියතයි නිපුන් පුතේ සුබ පැතුම්
පුතනුවනි, උපන් දේශයට ජය ලබාදීමට ශක්තිය ලැබේවා (ම)
සුබ පැතුම් පුංචි වීරයාට! (නි)