IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පුංචි චෙස් ශුරයා ග්‍රීසියට

ඔක්තෝබර් 24 සිට නොවැම්බර් 6 වැනිදා දක්වා ග්‍රීසියේ දී පැවැත්වෙන ලෝක යොවුන් චෙස් තරගාවලිය සඳහා ශ්‍රි ලංකා ජාතික යොවුන් චෙස් කණ්ඩායමේ වයස අවුරුදු 14 න් පහළ නිල ක්‍රිඩකයා ලෙස ලංකාවේ පළමු හා එකම පාසල් පිඩේ මාස්ටර් වන අම්බලන්ගොඩ ධර්මාශෝක ජාතික පාසලේ එම්. සසිත් නිපුන් පියුමන්ත සුදුසුකම් ලබා ගත්තේය.

පසුගිය වසරේ (2014) ශ්‍රි ලංකා පාසල් චෙස් කණ්ඩායමේ නිල ක්‍රිඩකයා ලෙස තායිවානයේ පැවැති ආසියා පාසල් චෙස් තරගාවලියට සහභාගි වු සසිත් එම තරගාවලියේ දී  වයස 13 න් පහළ බාලක අංශයෙන් ආසියාවේ පළමු වැනියා වෙමින් එම වයස් කාණ්ඩයේ රන් පදක්කම දිනා දුන්නේය.

ශ්‍රි ලංකා පාසල් චෙස් කණ්ඩායමේ නිල ක්‍රිඩකයා වෙමින් බ්‍රසිලයේ පැවැති ලෝක පාසල් චෙස් තරගාවලියේ දි වයස 13 න් පහළ බාලක අංශයේ ලෝකයෙන්ම පස් වැනියා වෙමින් එම වයස් කාණ්ඩයේ ලොව හොඳම දස දෙනාට හිමි  පදක්කම ද දිනා ගත්තේය.

ඔහුගේ පුහුණූකරු ලෙස ප්‍රවීණ චෙස් ක්‍රිඩා උපදේශක ගිහාන් කාංචන මහතාය. 

nipun_151020



අදහස් (0)

පුංචි චෙස් ශුරයා ග්‍රීසියට

ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 07:24 AM

පළමුව උපන් දේශය, ඔබ ගමන් මඟ ඉදිරියේ රන් සලකුණු එමටය.ඒ සියල්ල ඔබට නොව මව්බිමටය.ඔබ වෙනුවෙන් පිපෙන දේශීය ඔර්කිඩ් මල් දම රැගෙන ලක්මාතාව ගුවන් තොට කඩුල්ල ළඟ බලා සිටිනවා නිසැකයි. (රේ)

:       0       0

කිත්සිරි Tuesday, 20 October 2015 11:13 AM

ජයග්‍රහණ සඳහා සුබ පැතුම් (ම)

:       0       0

ඉසුරන්දි Tuesday, 20 October 2015 07:52 AM

සුබ පැතුම් ඔබට පුතේ! (නි)

:       0       0

තිස්ස Tuesday, 20 October 2015 08:39 AM

කොල්ලෝ කොහොමහරි කරලා ලංකාව හොඳ තැනකට ගෙන්න. මේ වගේ දක්ෂ ළමයින්ට රජය උදව් කරන්න ඕනි. (ර)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 20 October 2015 09:06 AM

මෙම තරගාවලියෙත් ඔබට ජය ලැබේවායි මම ප්‍රර්ථනා කරමි (බ)

:       0       0

අතුල ගුණරත්න Tuesday, 20 October 2015 01:26 PM

සුබ පැතුම්.! (ර)

:       0       0

චින්තක Tuesday, 20 October 2015 09:45 AM

පුතේ,ඔබගේ ජය නියතයි.ජයෙන් ජයම ලැබේවා.(ම)

:       0       0

ඉන්දු Tuesday, 20 October 2015 10:05 AM

තවත් වටිනා දම්සෝ පුතෙක්. පුතනුවනි, උපන් දේශයට ජය ලබාදීමට ඔබට ධෛර්‍ය​, ශක්තිය ලැබේවා.........! විද්‍යා දදාති විනයං (ම)

:       0       0

ඉන්දු Tuesday, 20 October 2015 10:07 AM

ජය නියතයි නිපුන් පුතේ සුබ පැතුම්

:       0       0

ඉන්දු Tuesday, 20 October 2015 10:05 AM

පුතනුවනි, උපන් දේශයට ජය ලබාදීමට ශක්තිය ලැබේවා (ම)

:       0       0

මොහොමඩ් Tuesday, 20 October 2015 06:47 AM

සුබ පැතුම් පුංචි වීරයාට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site