IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


පුංචි කාලේ තිබුණ ආසාව නිසාම මම රංගනයට යොමු වුණා

2016-10-31-ent-63

යොවුන් රංගන ශිල්පිනියක ලෙස වර්තමානයේ නමක් දිනා සිටින සුදර්ශි ධර්මසිංහ සමගින් අද "සාරවිට තරු කතා බහ ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වුණේමු. රංගන ශිල්පිනියක ලෙස ටෙලි හා චිත්‍රපට කිහිපයක් සඳහා සිය දායකත්වය ලබා දී ඇති සුදර්ශි මේ වනවිට ගීත රූප රචනා බොහොමයකද දකින්නට ලැබේ. මේ ඇය සිය ඉදිරි කලා කටයුතු පිළිබඳව "සාරවිට" අපිට දැක්වූ අදහස්ය.

 

ක්ෂේත්‍රයට ඔබගේ පිවිසීම?

2016-10-31-ent-62ක්ෂේත්‍රයට මුලින්ම ආවේ නිරූපිකාවක් විදිහට. මනාලියන් දැක්මවල් සඳහා තමයි මුලින්ම යොමුවුණේ. ඊට පස්සෙ මගේ පොටෝ ෂුට් කිහිපයක් කළා සංජිව වෙළගෙදර අයියා. එයාගේ මාර්ගයෙන් මට ගීත රූප රචනාවක් සඳහා පෙනී ඉන්න අවස්ථාව ලැබුණා.

 

නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආවත් අද ඔබ වැඩි දායකත්වය දෙන්නේ රංගනය පැත්තට?

නිරූපිකාවක් විදිහට වැඩ කළත් මම වැඩි දායකත්වයක් දුන්නෙ මනාලියන් දැක්මවල් සඳහා පමණයි. දැනට මම ටෙලි නාට්‍යය, චිත්‍රපට හා ගීත රූප රචනා බොහොමයකට දායක වෙලා තියෙනවා. ඒ නිසා නිරූපිකාවකට වඩා මාව රංගන ශිල්පිනියක් විදිහට හඳුනනවා නම් කැමතියි.

 

දැනට සුදර්ශි දායක වෙලා තියෙන කලා නිර්මාණ?

ස්වර්ණවාහිනියේ "මොණර කිරිල්ලි" හා ජාතික රූපවාහිනියේ විකාශය වුණ "සඳ ගොම්මන් රෑ" කියන ටෙලි නාට්‍යය සඳහා මම දායක වුණා. ඊට අමතරව "පෝරිසාදයා" කියලා චිත්‍රපටයකත් රඟපෑවා. මේ දිනවල රූපගත කෙරෙන හර්ෂ උඩකන්ද මහත්මයාගේ "ෆේස් ටු ෆේස්" කියන චිත්‍රපටයෙත් මා රංගනයෙන් දායක වෙනවා. මේ නිර්මාණවලට අමතරව ගීත රූප රචනා 5කට වැඩි ප්‍රමාණයක් සඳහා මම දායක වෙලා තියෙනවා.

 

පාසල් සමයේ ඔබ දායකත්වය කොහොමද කලාව පැත්තටද?

නැහැ. පාසල් යන සමයේ මම කලාව පැත්තට සම්බන්ධ වුණේ නැහැ. නමුත්, මගේ ආසාවක් තිබුණා කලාව පැත්තට යොමු වෙලා වැඩ කරන්න. මම හිතන්නෙ ඒ තිබුණ ආසාව නිසාම තමයි අද මම මේ තැනට ඇවිල්ලා ඉන්නෙ කියලා.

 

රංගන ශිල්පිනියක් විදිහට ඉදිරි ඉලක්ක?

ලොකු ඉලක්ක නැහැ. නමුත්, හොඳ දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න මම උත්සාහ කරන්නේ. ඒ වගේම ප්‍රේක්ෂකයන් මා ගැන කතා කරන හොඳ චරිතයක් රඟපාන්නත් කැමතියි. ඒ වගේම රසික, රසිකාවියන් අතර නිහතමානි අහිංසක, ආදරණිය චරිතයක් වෙන්නත් මම ආසයි.

 

උදවු කළ පිරිසකුත් ඇති?

ප්‍රදීපිකා මෙන්ඩිස් මහත්මිය මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. ඊට අමතරව ඩිල්ශාන් මධුරංග, මහේෂ් කරුණාරත්න, නවීන් පෙරේරා අයත් මගේ ගෙදර පවුලේ සැමවත් මේ වෙලාවේදී මතක් කරන්න ඕනා. නිරූපණ ක්ෂේත්‍රය තුළත්, රංගන ක්ෂේත්‍රය තුළත් මට ගොඩක් අය උදවු කළා. නම් සඳහන් නොකළාට ඔවුන් සැම දෙනාවම මේ වෙලාවේදී තුති පුදකර සිටිනවා.

 

2016-10-31-ent-64
2016-10-31-ent-61
2016-10-31-ent-60



අදහස් (0)

පුංචි කාලේ තිබුණ ආසාව නිසාම මම රංගනයට යොමු වුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 290 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site