(සුජිත් හේවාජුලිගේ )

සියලුම පළාත් පාලන ආයතන වල ගෙවීම් කටයුතු ලබන වසරේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ  කිරීමට සැලසුම් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

පළාත් පාලන ආයතනවල බදු එකතු කිරීම ඇතුළු ගෙවීම් කටයුතු වල දී ජනතාවට අපහසුතා ඇතිවීම වැළැක්වීම මෙම වැඩපිළිවෙල අරමුණ බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය

ලබන ජනවාරි මස 1 වැනිදා සිට මෙම වැඩපිළිවෙල  ක්‍රියාත්මක කෙරේ.