අල්ලස් හා දුෂණය තුරන් කරන තුන් අවුරුදු සැලැස්ම ලබන දෙසැම්බර් 09 වැනි දා ප්‍රකාශයට පත් කරන බව අල්ලස් හා දුෂණ කොමිසමේ කොමසාරිස් ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.
ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය යෙදෙන දෙසැම්බර නව වැනිදා දූෂණ විරෝධී සිවිල් සංවිධාන ද සමග පාගමනක් සංවිධානය කර ඇතැයි ද ඇය පැවසුවාය.
අධ්‍යක්ෂජනරාල්වරිය එසේ පැවසුවේ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ ද සහභාගිත්නයෙන් පැවැත්වුණු මාධ්‍ය හමුවක දී ය.
අල්ලස් කොමිසමට පැමිණිලි 4000ක් පමණ ලැබී ඇති බවත්, නිලධාරීන්ගේ හිඟය මැද්දේ ඒ සියල්ල විමර්ශනය කරගෙන යන බවත්, නිලධාරීන් අටසියයක් පමණ අවශ්‍ය වුවත් සිටින්නේ එකසිය ගණනක් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.
අල්ලස් ගන්නා පුද්ගලයන් ඇල්ලීම දිගටම කරගෙන යන ගමන් අල්ලස් ගැනීම වැළැක්වීමට විශේෂ නිවාරන වැඩසටහනක් පවත්වන බව අල්ලස් කොමිසමේ නව කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා කීවේය.
පසුගිය ආණ්ඩු කාලයේ අල්ලස් කොමිසමට කොතෙක් පැමිණිලි කළත් විමර්ශන සිදු නොවූ බවත්, කොමිසම සිවිල් සංවිධාන සමග ගනුදෙනු කරන්නේ පළමු වැනි වතාවට බවත් සිවිල් සංවිධාන නියෝජිතයෝ කීහ.
මෙම මාධ්‍ය සාකච්ඡාවට අල්ලස් කොමිසමේ නිලධාරීහු ද, ට්‍රාන්පේරන්සි ආයතනයේ ශාන් විජේතුංග, කැෆේ සංවිධානයේ කීර්ති තෙන්නකෝන්, සිවිල් සංවිධාන එකමුතුවේ සමන් රත්නප්‍රිය, බස්හිමියන්ගේ සංගමයේ ගැමුණු විජේරත්න, විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ රුවන් ගාල්ලගේ ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෝනේ ඔන්න ඕක 'නයිට් ක්ලාස්' එකක් දාලා හෝ රේගුවේ ඉන්න අයට කියලා දෙන්න. නැත්නම් හෙට අනිද්දා වෙනකොට රේගුවත් ක්‍රියාත්මක කරන්න වෙන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින්. (ස)
ප්‍රධාන කරුණු 2 යි තියෙන්නේ ඕක නැති කරන්න. පුද්ගලික ආර්ථිකය ශක්තිමත් කිරීම හා වැදගත් පුද්ගලයෝ වැදගත් තනතුරුවලට පත් කිරීම. ඕක තමයි තිරසාර විසදුම. (ස)
එතකොට අර අල්ලපු ලොකුම දේ රේගුවේ ලියකියවිලි අතුරුදහන් වුණේ කොහොමද ? (ම)
මනුස්ස ලෝකේ අවුරුද්දක් අපායේ අවුරුදු දාහක්ලු. (ම)
පගාවයි, දුෂණයයි කිසිදා සදාකාලිකව නැතිකළ නොහැක. නමුත්, එය අවම කළ හැක. (නි)
බස් ගැමුණු මොකද කරන්නේ ....එයලානේ අල්ලස් දෙන්නේ..(බ)
මෙය කතාවට පමණක් සීමා නොවේවා! (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
කතාව මානසික අල්ලසක් නොවේවා. (ර)
පුද්ගලික බස් මගියාගේ ඉතුරු සල්ලි යටි මඩි ගහන අයව නවත්වන්න බැරිද ? (ම)
මේවා කරන්න පුලුවන්ද අර විජේදාස, වජිර, නීතිපති දෙපාර්තුමේන්තුව ඉන්නකං? (බ)
අනේ මන්දා ඔක්කොම එකතුවෙලා කරන විදිහ කියනවා මිසක් කෙරිච්ච දෙයක් නැහැනේ?(හේ)
අල්ලස් කොමිසමට අවංක පොලිස් නිලධාරීන් සහ නඩු මෙහෙය වීමට දක්ෂ පණ ඇති නීතිඥවරු බඳවා ගන්න.(හේ)
කියලා වැඩක් නෑ.කරලා පෙන්වන්න.(හේ)
සාමාන්‍ය මිනිසාගේ පඩි වැඩි කළ යුතුයි. නැතිනම් ඔවුන් අල්ලසට යොමු වෙනවා. ලොකු මිනිහාගේ අල්ලස් චේතනාව වෙනස් (ම)
ගරු මහත්මියනි මට යමක් නැවත එකතුකරන්නට අවශ්‍යයි ...අල්ලස් කොමිසම මුලින්ම හඳුන්වාදුන්නේ මට මතක හැටියට සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ කාලයේදියි. (1970 - 1975 අතර ) ඉතාම කාර්යක්ෂම විධිහට ඇරඹුන අල්ලස් දුෂකයින් ඇල්ලීමේ වැඩසටහන ටික කලකින් දුර්වලවන්නට පටන්ගත්තා. අන්ත දුෂිත දේශපාලුවන් රැලක් එකතුවෙලා ඔය පනතට "..විශේෂ " .." වගන්තියක්.."එකතු කරනු ලැබුවා. " ..පැමිණිල්ල අසත්‍ය බව හෙලිවුවහොත් පැමිණිලිකරුට විරුද්ධව නීතියෙන් ක්‍රියා කරනු ලැබේ .."කියලා. මෙය සිදුවුනේ මෙහෙමයි..දේශපාලුවන් තමන්ගේ හිතවතුන් කීපදෙනෙක් ඔය කාර්යාලයට සේවය සඳහා පත් කළා.යමෙක් දුෂිතයෙක් ගැන සත්‍ය පැමිණිල්ලක් කලොත් ඉහත කී තැනැත්තා වහාම ඒ බව හිතවත් දෙස්පාලුවාට දන්වනවා.එවිට දෙස්පාලුවා වහාම ඔහුකළ වරද රහසින්ම නිවැරදි කරනවා.පරීක්ෂණයේදී දුෂිතයා නිදොස් වෙනවා. පැමිණිලිකරු වැරදිකරු වෙනවා.මෙන්න මේ හේතුව නිසා අල්ලස් දුෂණ පැමිණිලි කිරීමට මහජනයා අධෛර්ය වුනා.ගරු මහත්මියනි, ඔබතුමියට හැකිනම් මේ "පසුව එක්කල වගන්තිය "නිසා සිදුවන ප්‍රශ්නයට පිළියමක් යොදන්න,එදාට ඔබතුමියත් දිනුම්, අපිත් දිනුම්,මුළු ශ්‍රී ලංකාවමත් දිනුම්. (බ)
දුෂණය වංචාව අප රටින් තුරන් කරමු. (ර)
පුදුම විදියට රැස් නම් විහිදෙන්නේ. බෙරේ පළුවකුත් නැහැ නටපු නැටුමකුත් නැහැ කට්ටියගෙම (බ)
ඊට කලින් නරකද නෝනේ මහා බැංකු මහා හොරකම හොයල දඬුවම් දුන්නනම්.(ම)
හිතවත් අල්ලස් කොමසාරිස් මැතිනියනි, අල්ලස් කොමිසම කෙරෙහි ඇත්තටම රටවැසියන් තුල පැවතියේ මහත්වූ ගෞරවයක් සහ උපරිම විශ්වාසයක්. නමුත් කලකට පෙර සිට දේශපාලුවන්ගේ දැඩි බලපෑම් මත, අල්ලස් නිලධරීන්ට තමන්ට පැවරුන කාර්යයන් නිසිලෙස කරගෙන යාමට අපහසුවුනා. ඇත්තටම ඔබතුමිය මේ ආයතනය බාරගන්නාවිට එය තිබුනේ " අක්‍රීයව " ය. දේශපාලුවන් විසින් පත්කරනලද දේශපාලන " අතකොලු "රජකරපු තැනකයි ඔබතුමිය ඔය ඉන්නේ. මේ බාරදුර එමෙන්ම භයානක කාර්යභාරය කරගෙනයාමට ඔබ තුමියට දිරිය, ශක්තිය මෙන්ම දෙවියන්ගේ, බුදුන්ගේ අශිර්වාදයත් ලැබේවා.! (ර)
හොඳ ක්‍රියාවක්. (ර)
අල්ලස් කොමිසම, කෝප් කමිටුව, රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව , විගණන පනත තුලින් පිහිටුවන ආයතන එකම යාන්ත්‍රණයක් තුළට එක් විය යුතුයි. (බ)
ඔන්න කට්ටියට රිදිලා (ම)
අර මහා බැංකු මහා හොරකම ගැන ඔබතුමිය මොකුත්ම දන්නේ නැතිද? නරකද එතනින් පටන් ගත්තනම්. අපිට දැන් බයිලා අහල ඇති වෙලා.(රේ)
අවුරුදු තුනේ සැලැස්ම ක්‍රියාත්මක වෙද්දී ආණ්ඩු පෙරළියක් ඇති වුනොත් මේවා නිකන් ගගට කැපුව ඉනි වගේ වෙයි නේද? යෝජනා ඉදිරිපත් කරනවා මිසක වැඩ ඉබිගමනෙන්. (බ)