දුෂණය වළකමු - සුපිළිපන් රටක් වෙනුවෙන් පෙළ ගැසෙමු‘ යන තේමාව යටතේ ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සංවිධානය කළ පා ගමනක් හා උද්ඝෝෂණයක් කොළඹ ලිප්ටන් වටරවුමේදී අද දහවල් පැවැත්විණි.
අල්ලස හා දුෂණය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය සමරමින් මෙය පැවැත් වු අතර මේ සඳහා තරුණ තරුණියෝ විශාල පිරිසක් සහභාගී වුහ.
දැනුම්වත් කිරීමේ පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් පා ගමනින් ලිප්ටන් වටරවුමේ සිට විහාර මහා දේවි උද්‍යානය දක්වා ගමන් කළහ.
.gif)
.gif)
.gif)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පගාව,අල්ලස,දුෂණය,රාජ්‍යය දේපොළ මංකොල්ලකෑම වර්තමාන දේශප්‍රේමීන්ගේ ප්‍රධාන ලක්ෂණයකි. කතාවෙන් නම් මොවුන් තරම් රටට ආදරය වෙනත් කවුරුන්වත් නැත. (නි)
පගාව,අල්ලස,දුෂණය,රාජ්ය දේපොළ මංකොල්ල කෑම, වර්තමාන දේශප්‍රේමීන්ගේ ප්‍රධාන ලක්ෂණයකි. කතාවෙන් නම් මොවුන් තරම් රටට ආදරය කරන වෙනත් කවුරුන්වත් නැත. (නදී)
මෙහෙම කණ්ඩායමක් ලංකාවෙන් හොයා ගත්ත එක වාසනාවක්.(නදී)
පහාවට යට නොවන දේශපාලඥයෙක් අද හොයාගන්න අපහසුයි (නි)
දේවෝ වස්සතු කාලේන... සස්සසම්පත්ති හෝතුච... පිතෝ භවතු ලෝකෝච... රාජා භවතු ධම්මිකෝ... (නි)
ගන්නවා නම් දේශපාලකයන්ට හොද සටන් පාඨයක්.(නදී)
අනේ මේ තුන්වෙනි ඡායාරූපයෙන් දැක්වෙන ස්ථානයෙන් ඔයගොල්ලෝ පරෙස්සමෙන් යන්න. සමහරවිට එම ස්ථානයට කඩාවැදුනා යැයි චෝදනාකොට හෙට උදේ වෙන කොට ස්ථාන මාරුවක් ලැබෙන්න බොහෝවිට ඉඩ තිබෙනවා.(නදී)
මොලේ ගඟේ දළු දැම්මත්, කළු කපුටෝ සුදු උනත් ඕක නම් මේ රටේ වෙන දෙයක් නෙවෙයි ! (ස)
ලංකාවෙ නම් හරි අමාරු දෙයක් තමා... (ස)
මෙවැනි විපතක් මීට ඉහත කෙදිනකදී වත් මගේ රටට වෙලා නැහැ.දෙවියන් සාක්කි දරන්න ඕන මේවට. (ස)
හරිම පිළිවෙලට ලස්සනට දැකපු එකම උද්ඝෝෂණ පා ගමන සංවිධානය කරලා තියෙනවා ලස්සනට .. (ස)
හොඳ උද්ඝෝෂණයක්, හොඳට සංවිධානය කරලා පාටයි. (ස)
ඩී.එස්.සේනානායක,බණ්ඩාරනායක,වැනි දේශපාලන නායකයන් රටට යමක් දායාද කළා මිස ජාතිය දේපොළ වලින් සතයක්වත් සොරා ගත්තේ නැත. බණ්ඩාරනායක මහතා තම පවුලට ඉඩ කඩම් දේපොළ රට වෙනුවෙන් කැප කළා මිස රටේ දේපොළ තම පවුලට එකතු කර ගත්තේ නැත. අද දකින්න ලැබෙන්නේ මීට ප්‍රති විරුද්ධ ස්වරූපයකි. මෙය රටේ අභාග්‍යකි.(නදී)
අතීතයේ බිහි වුනේ රටේ යහපත වෙනුවෙන් තම බුද්ධිය,ශ්‍රමය,පමණක් නොව පුද්ගලික ධනයද රටට දායාද කළ ශ්‍රේෂ්ඨ ජන නායකයෝ. නමුත් අද රටේ අභාග්‍යයට ජනතාවගේ අවාසනාවට බිහිවී සිටින්නේ රාජ්‍ය දේපොළ මංකොල්ල කන රටේ ජනයා දිනෙන් දින ණයකරුවන් බවට පත් කරන පිරිසක්.(නදී)