IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පගාව ලොවම ගිල ගනී

ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට තම අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා අල්ලස් ලබා දීමට සිදුව ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය කළ නවීනතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

ලෝකයේ රටවල් 107 ක  එක් ලක්ෂ දහහතර දහසක් සහභාගී කරගෙන මෙම සමීක්ෂණය පැවැත්විණි.

දේශපාලඥයින් දුෂණ ක්‍රියාවල යෙදෙන බව ඉන්දියාවේ සියයට86 ක් ද ලංකාවේ සියයට 51 ක් ද ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසරක කාලයේ පොලිසියට අල්ලස් දීමට සිදු වූ බව ඉන්දියාවේ සියයට 62 ක් සහ ශ්‍රී ලංකාවේ සියයට 43 ක් ප්‍රකාශ කළ බවද එම සමීක්ෂනයෙන් හෙළි කර ඇත.

අල්ලස සහ දුෂණය ලොව පුරා ඉතා ශීග්‍රයෙන් වර්ධනය වන බවට මෙම සමීක්ෂණය සාක්කි සපයන බවද  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් කියයි.



අදහස් (0)

පගාව ලොවම ගිල ගනී

අප්පු Wednesday, 10 July 2013 05:35 PM

ලුම්බිණි අපිත් ලංකාවේ ඉන්නකොට හිතුවේ ඔහොම තමයි. (දී)

:       0       0

ලලිත් Wednesday, 10 July 2013 12:39 PM

මේ අවුරුද්දේ ලංකාව ඉන්දියාව පරදනවා. ඒකේ කතා දෙකක් නැහැ. ජය වේවා !! (නි)

:       0       0

චානක. Wednesday, 10 July 2013 12:50 PM

මේ පගා ගෙහිල්ල දැනගන්න සමීක්ෂණ මොකටද ? ඕනෙම නොදරුවෙක් පවා මෙය දන්නා දෙයක්නේ.(නදී)

:       0       0

ලංකාසිරි Wednesday, 10 July 2013 06:18 PM

තමන් හරි වුනත් පගාව දුන්නේ නැත්නම් වැඩේට කාලාන්තරයක් යනවා. එක අතකට පගවත් නැතුවම බැරි දෙයක්. ඒකේ අගේ දැනෙන වෙලාවල් එමට තියෙනවා. (දී)

:       0       0

කුමාර Wednesday, 10 July 2013 01:13 PM

මේ කියන සංවිධානය ට මුදල් ලැබෙන්නේ කොහෙන්ද ?මෙම රාජ්‍ය නොවන සංවිධානයේ අරමුණු සහ මුදල් වැයකිරීම් පිළිඹඳව ද පළමුව සොයා බැලිය යුතුයි (අ)

:       0       0

ඩයස් Wednesday, 10 July 2013 01:52 PM

අපේ ලංකාව තවමත් හොඳයි. (දී)

:       0       0

කුමාර Wednesday, 10 July 2013 10:12 AM

ළඟදීම ලංකාව පළමු තැනට එනවා ෂුවර්, දුෂණය, වංචාව එක්ක (නි)

:       0       0

අනුර Wednesday, 10 July 2013 02:42 PM

මතක තියාගන්න මේක රටේ ජනතාවගේත් වැරැද්ද හැමතැනකදිම තමන්ගේ ලෙහෙසියට සල්ලි දීල වැඩ කරගන්න බලනවා මම හොදටම දන්නවා තමන් නිවැරදිනම් සල්ලි දෙන්න ඔන නැහැ (අ)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Wednesday, 10 July 2013 02:47 PM

ලංකාව පලමු තැනට ආපු නැති එක ගැන දුකයි මොකද හැම එහෙකම මුල් තැන ලංකාවට නේ (අ)

:       0       0

ශිරෂ් Wednesday, 10 July 2013 02:49 PM

ඉන්දියාවට සාපේක්ෂව ලංකාව නොම්බර එකයි බලන්න ගියාම.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 10 July 2013 10:30 AM

මෙම සමීක්ෂණයට ලක් වූ අනෙක් රටවල් සමග බලන විට ලංකාව තවමත් ගොඩක් හොඳයි. (අ)

:       0       0

ඩලී Wednesday, 10 July 2013 10:44 AM

අපි කප් එක ගහයි දැන් යන විදිහට නම්. (නි)

:       0       0

පුබුදු Wednesday, 10 July 2013 11:04 AM

ලංකාවී සියලුම රජයේ ආයතනවල නිලධාරීන් ටෙන්ඩර් ලබා දෙන්න පගාව ගන්නවා.(නදී)

:       0       0

රණවීර පැරිස් Wednesday, 10 July 2013 11:23 AM

මෙම සමික්ෂනය වැරදි. ලංකාවේ දේවාලයකින් පන්සලකින් වත් පගාව නොදී වැඩ කොරගන්න බැහැ අනෙක් ආයතන ගැන කවර කතාද.(අ)

:       0       0

බන්දුල-කටාර් Wednesday, 10 July 2013 12:08 PM

අපරාදේ මම නම් හිතාගන හිටියේ ලංකාව පලවෙනි තැන ගනියි කියලමයි. හැබැයි තව අයුරුද්දක් දෙකක් ඉවසල හිටියොත් නම් බැරිවෙන එකක් නැහැ. අපේ රජයේ ආයතන ඒ තරමටම සේවය අවන්කවම ඉටුකරනවා. එහෙම කරන්න බැරි උදවිය වෙන්න ඇති පඩි මදි කියල ස්ට්‍රයික් කරන්නේ. ඔහොම යන්, ඔහොම යන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site