රේගු නිලධරයින්ට අල්ලස් ලෙස ලබාදීමට අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම මුදල් සොයාගත්තේ තමාගේ නමින් රාජ්‍ය බැංකුවකින් ලබාගත් නිවාස ණයක් ආධාරයෙන් බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩිල්රුක්ෂි ඩයස් මෙනෙවිය අද (16) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.
බැංකු නිලධරයින්ද තමා කෙරෙහි විශ්වාසය තබා එම මුදල ලබාදුන් බවත් කිසිවෙකුට නොහැගෙන සේ සූක්ෂ්මව සැළසුම කි‍්‍රයාවට නංවා වැටළීම සිදුකළ බවත් ඇය කීවාය.
අල්ලස් ගැනීමට තැත් කරන සියලූ රාජ්‍ය නිලධරයින් මෙම සිදුවීම ආදර්ශයට ගෙන ඔවුන්ගේ පිළිවෙත් වෙනස් කරගත යුතුව ඇතැයි ඩයස් මෙනෙවිය අනතුරු ඇගවූවාය.
රාජ්‍ය කොමිසම් සභාව මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කිරීමට පූර්ණ සහය ලබාදුන් බවද ඇය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දික, මෙතුමිය සහ මෙහි පසුපස නම් නොකියන මිනිසුන් කරපු දෙයක් නැද්ද දැන් මෙතන? ඔයාල වගේ කටින් බතල කොළ හිටවන ඕන තරම් අය ඉන්නවා. ඔත්තුව දුන්නට පස්සේ එක සැලසුම් කර නීතියට ඉදිරිපත් කල හැකි ලෙස රහසිගතව අල්ලගන්න එක ඔබ සිතනවාට වඩා විශාල කාර්යයක්. (බ)
ඉන්දික, මොලේ වෙන කොහොවත් හෝ අසල්වැසියෙක් ළඟවත් නැහැ වගේ , ලංකාවට අබ සරණයි (බ)
ඉන්දික මෙයාගේ දක්ෂකම තමයි ඔත්තුවට අනුව හොරු අල්ලපු එක... ඉස්සර මිනිස්සු ඔත්තු දෙන්න බයයි මොකද අන්තිමට ඔත්තු දීපු කෙනා අමාරුවේ.... අනික ඔයා කියන්නේ අල්ලස් කොමිසමේ කට්ටිය දිවස් වලින් බලලද හොරු අල්ලන්න ඕනේ? අල්ලස් කොමිසමේ කට්ටිය විතරක් නෙවෙයි රේගුව වුනත් ඔය කුඩු ඔක්කොම අල්ලනේ ඔත්තු වලට තමයි.....(බ)
ඉන්දික දක්ෂකම ෆොටෝ වලින් බලන්න. ඔයාලගේ කුවුරු හරිද මේ අල්ලලා ඉන්නේ. (ස)
ඉන්දිකට යහපාලනයේ වෙනෙස වැටහේවා . මොලය පෑදේවා. (බ)
ඉන්දික - ගොනා වුනාට උම්බෑ කියන්න එපා. (බ)
මෙච්චර ලොකු නිවාස ණයක් මෙච්චර ඉක්මනට ගන්න පුළුවන් තරමට ලංකාවේ බැංකු ක්‍රමේ දියුණුද (බ)
දිල්රුක්ෂි කයිවාරු ගැසීමෙන් සාක්ෂි බොල් වෙන්ට ඉඩ තිබෙනවා. මෙය කොටු කර ගැනීමට යෙදු උපායක් නම් නීතිය එය නොපිළිගැනීමටත් ඉඩ තිබෙනවා. (බ)
දැන් මේ ගැන නඩුවක් තිබෙන නිසා ප්‍රකාශ නිකුත් නොකර ඉන්න එක හොඳයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
රාජ්‍ය සේවයේ අල්ලස් ගන්නේ සුළු පිරිසක්. ඒ සුළු පිරිස විසිරී සෑම කාර්යාලයකම පාහේ ඉන්නවා. විශේෂයෙන් කොන්ත්‍රාත්කරුවන්ගේ බාල ඉදිකිරීම් හා සැපයීම් ප්‍රමිතිකර ගෙවීම් කිරීමට නිර්දේශ ලබා දී අල්ලස් ගන්නා කාර්මික නිලධාරීන් පිළිබඳව සොයාබැලීම වටිනවා. නැත්නම් රට පුරා මහජන මුදලින් කෙරෙන ඉදිකිරීම් නිසි ප්‍රමිතියට නොකර මුදල් ගෙවීම ඉදිරියටත් සිදුවේවි. තවද දැව ජාවාරම්කරුවන්ගෙන් අල්ලස් ලබාගෙන දැව ප්‍රවාහනයට නීතිවිරෝධීව අනුමැතිය ලබා දෙන නිලධාරීන් නිසා පරිසරයට වන හානිය ඉතා විශාලයි. කුඹුරු ඉඩම් ගොඩකිරීම සම්බන්ධවද මෙබඳු අල්ලස් ගැනීම් බහුලව සිදු කෙරෙනවා. කොමිසම මේවා පිළිබඳව සොයා බැලීම රටේ යහපතට හොඳයි. මේ ක්‍රියාකාරකම් හරහා රටට අහිමිවන ජාතික ධනය බිලියන ගණනක් බව කිවයුතුයි. (නි)
උපරිම දඬුවම් දෙන්න (නි)
මිචෙල්, බොහොම ස්තුතියි දැනුවත් කළාට. (නි)
දැන් සමහරුන්ට උණ ගැනිලා ඇති. එයාලා දිල්රුක්ෂි මහත්මියට බැන්නා නේද පක්ෂග්‍රාහි කියලා? (නි)
වසන්ත,ඔබ 100 % නිවැරදියි. (නි)
ඉස්සර ඔත්තුවක් දුන්නා නම් තත්ත්වය මීටවඩා වෙනස් (නි)
එතුමියට මගේ ප්‍රණාමය! (නි)
කොමසාරිස්තුමියගේ රාජකාරිය ඉටුකිරීම සඳහා මෙවැනි විශාල ණය මුදලක් ලබාදීමට ඉදිරිපත්වූ බැංකුවට ජාතියේ ප්‍රණාමය ලැබෙන අතර වංචා දුෂන මැඩලීමට රජය ප්‍රතිඥා දී ඇති බැවින් මෙය රජයේ වගකීමකි (නි)
ඩුබායි බැංකු වල තිබෙන රුපියල් කෝටි 46782 ගැනත් පරීක්ෂණය කරන්න කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් මෙනෙවියට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
ඉන්දික,ඇසල,පිවිතුරු යහපාලලා කැමති නැහැ වගෙයි දුෂිතයන්ව අල්ලනවට. (නි)
මෙතුමිය හැබෑම වීරවරියක් (නි)
මෙතුමිය මෙතුමියගේ රාජකාරිය හරියට ඉටු කරලා තිබෙනවා (නි)
හොරු අල්ලා ගැනීම සීයට සීයක් විශ්වාසවන්තව තිබියදී ඉල්ලු මුදල සතයටම නිවැරදිව ඔවුනට පෙන්වීම අවශ්‍යද? එතරම් මුදලක් ණයට ගන්නට අවශ්‍යද? උඩට යටට සැබෑ නෝට්ටු තබා බොරු මුදල් පාර්සල් හදන්න තිබුණා නොවේද? (නි)
මෙවැනි දේවල් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් සිදුවෙන්නේ මේ නඩු විභාගයේදී විත්තියට වාසි වෙන එකයි. (ර)
සියලුම දුෂිතයින් නීතියේ ආධිපත්‍යට යටත් කරමු. ජයවේවා.! (ර)
නියමයි ඒත් ඇත්තයි. දෙන්න ඕනෑ ඔයවගේ ජඩ වැඩ නොකරන්න. දැන් ඉතින් හොඳයිනේ. (නි)
අති විශිෂ්ඨ රාජ්‍ය නිලධාරීනියනි, සමස්ථ ජාතියේම ප්‍රණාමය ඔබතුමියට හිමිවිය යුතුයි. ජාතිය එතරම්ම අවාසනාවන්ත නැහැ, උතුම් මිනිසුන් තාම ඉන්නවා. ඒ කියන්නේ මේ රට ගොඩගැනීමේ හැකියාවක් තවදුරටත් තියෙනවා. මෑත කාලයේ මා දුටු තුන්වන විශිෂ්ඨ රාජ්‍ය සේවකයා. (ර)
කෝටි 12 නිවාස ණයක් ගන්න නම් ඇපයට තියන්න කෝටි 25කවත් ඉඩමක් තිබෙන්න ඕනෑ නේද? (නි)
දුෂකයින්ට සහ වංචනිකයින්ට දේශපාලකයින්ගේ රැකවරණ නොලැබීම රට නව මාවතකට යොමු වීමක් වියහැකියි. රට වෙනුවෙන් මහන්සි වී වැඩකරන සියලුම දෙනා ආරක්ෂා කර ගතයුතුයි. මෙය දියුණු රටවල අනිවාර්ය අංගයක්. (ර)
සුබ පැතුම්.! (ර)
දූෂණ අල්ලපු ඒක ගැන අපිට සතුටුයි. එක අල්ලගන්න මූලික ඔත්තුව දුන්න අයටත් ජාතියේම ප්‍රණාමය. (ර)
මෙම අවදානම් ක්‍රියාව ඇත්තෙන්ම අගය කළයුතුයි (නි)
මෙම මුදල වෙන ක්‍රමයකින් කොල්ලකෑවා නම් මොකද වෙන්නේ? (නි)
පහසුකම් ලබාදීම රජයේ වගකීමක්. (ර)
මේවගේ මෙගා පගා ගන්න අය උපාය යොදලා තමයි කොටු කරගන්න ඕනෑ. මේක මේගොල්ලන්ගෙ පළවෙනි එක වෙන්නත් බැහැනේ. තව පොඩි පොඩි ලක්ෂ ගණන් ඒවා ඕනෑතරම් අරන් ඇති. අත්දැකිම් වැඩි නිසානේ මේ වගේ මෙගා වැඩකටත් බය නැතුව අතදැමිමේ. පොඩි මිනිහාගෙන් රුපියල් සීය දෙසීය පගාගන්න කාකාසලාගේ (බහුතරය) පටන් මහතැන් දක්වා පගාව නැති කළයුතුයි. නැන්නම් මේ රට කවදාවත් හදන්න බැහැ. (නි)
අද කාලේ අහිංසක මනුස්සයෙකුට සමහර ආයතන වලින් ලිපියක් ගන්න බැහැ පගාවක් නොදි. දෙන මිනිස්සු ශාප කරලා දෙන්නේ. නමුත් කාටවත් හයියයක් නැහැ මේවා අල්ලලා දෙන්න. මම කියන්නේ මේවා අල්ලලා දෙන්නන ඉදිරිපත් වෙන අය වීරයන් විදියට රට සැළකිය යුතුයි. අල්ලන්න ඉදිරිපත් වෙන රාජ්‍ය නිලධාරිනුත් රටට ඇති ණයෙන් නිදහස්. (නි)
කෝටි 12 ක ණයක්? මෙම මුදල බැංකුවෙන් පිට තිබෙන කාලයට බැංකුවට පොළිය ගෙවන්නේ කවුද? (නි)
අනේ මන්දා අපේ රටේ සමහර මිනිස්සු ලියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. අවසිහියෙන් වගේ ලියන්නේ. මේක අල්ලන්න මොනවාහරි කළහම, කරන්න ගිය මහා පගාගැනීම ගැන කතාකරනවා නෙමෙයි. කෝටි 12 පගාව අල්ලපු එකේ හරි වැරදි හොයනවා. දැන් මේක අල්ලපු එකද වරද? මේ කෝටි 12 පගාවක් ගන්න ගිය කට්ට්ය හරිද? සුපිරිසිදුද? රටක ඉන්න ඕනෑ හොඳ සේවකයොද? (නි)
බමුණු ආරච්චි, ඔයාට තිබෙන ප්‍රශ්නය බැංකුවට පොළිය ගෙවන්නේ කවුද කියන එක වුණාට සාමාන්‍ය ජනතාව විදියට අපිට තිබෙන ප්‍රශ්නය මෙහෙමත් පගාමරුවො මේ රටේ හිටියද කියන එකයි. (නි)
බමුණු ආරච්චි ලියන ඒවා බැලුවම පේනවා මේ වගේ වැඩ වලට එයත් කැමති කෙනෙක් කියලා. එයාට තිබෙන ප්‍රශ්න තමයි “ මෙම මුදල වෙන ක්‍රමයකින් කොල්ලකෑවා නම් මොකද වෙන්නේ? සහ බැංකුවට පොළිය ගෙවන්නේ කවුද?“ කියන එක. කෝටි ගානක් පගා ගත්තාට එයාට කමක් නැහැ වගේ. (නි)
මසුරන් වටින වැඩක්. (ර)
මේ පගාව අල්ලා දුන් අය කොන්දක් ඇති කෙනෙක්. ඔබ රටට සේවයක් කළා. මෙය අල්ලා දුන් මැතිණියනි, එයට උපකාරි වූ නිලදරුවනි, ඔබලා සැබෑ වීරවරුන්. තව තව හොර අල්ලන්න මෙවැනි නිලධාරීන්ට සම්පත් ලබා දියයුතුයි. (නි)
උපාය දන්නෝ අපායේ නොවැටෙත්. (ර)
බමුණුආරච්චි, බැංකුවට පොළිය රජයෙන් ගෙවයි. ඔයා කලබලවෙන්න එපා. මේක අල්ලපු එක රටට හොඳක්. හොඳ වැඩකට හොඳයි කිවුවට කටේ දත් හැලෙන්නේ නැහැ. (නි)
මෙම අල්ලාගත් අයගේ වත්කම් බැරකම් සොයා බලන්න. තව තව ඒවා කරලා තියෙනවා නම් අල්ලා ගන්න පුළුවන්. (බ)
නිකන් හරි අල්ලගන්න බැරි වුනානම් මෙතුමිය අනාථයි නේ ..කමක් නැ දැන් ඉතින් බදු වශයෙන් අය කරන කෝටි 150 ලැබුනම ආණ්ඩුවෙන් ඔබ තුමියට වැඩිපුර ගානක් දිය යුතුයි ..(බ)
රේගුව කියන්නේ අඩිපතුලේ ඉඳල ඔලුවේ ඉසකෙය ගහේ අගිස්සට යනකන් ජරාව කාල ජිවත් වෙන ආයතනයක් ..ඔය ආනයන වලට ගහන ටැක්ස් නිරීක්ෂණය කරන්න රේගුවට විතරක් දෙන එක අපරාධයක් .. තව ආයතන 3 - 4 ක් පිහිටුවල එක බහාලුමක් නිරීක්ෂණය කරන්න නිලධාරීන් ගොඩක් දැමිය යුතුයි .. ඒ වගේම එම බහාලුමේ තිබෙන බඩු වලට අය කළයුතු ටැක්ස් එක එම සියලුම ආයතන වලින් ගණනය කළ යුතුයි .. බහාලුමේ ලියකියවිලි අනුමත කරගන්න ආයතන ගොඩකට යැවිය යුතුයි .. බහාලුම නිරීක්ෂණය විශේෂයෙන්ම සලකා බැලිය යුතුයි ... එහෙම කලොත් රජයට ලැබිය යුතු විශාල මුදලක් එකෙක් දෙන්නෙක්ගේ අතට යන එක නවතිනවා ..(බ)
මින්පසු සොරුන් ලෙසියෙන් අහු නොවෙන සේ සොරකන් කරනු ඇත. (ර)
බෙනට්. ඔබගේ අදහස හරියට හරි.(ම)
ඔන්න කරනවානම් රාජ්‍ය සේවයට වැඩ. (ර)
කරන ලද රාජකාරිය නම් අති විශිෂ්ටයි. ඒකට අවශ්‍ය මුදල නිවාස ණයක් උපයෝගී කරගෙන ගත්තා කියන එක උසාවියේදී විත්තිය වාසියට හරවා ගන්න බෙහෙවින් ඉඩ තිබෙනවා. මෙවැනි අවස්ථාවලදී රාජ්‍ය මට්ටමෙන් මුදල් ලබා ගැනීමේ ක්‍රමයක් සකසා ගැනීම සුදුසු නොවේද?(ම)
අමාත්‍යංශ ලේකම්ලා, ඇමතිවරු වාගේ අයත් අල්ලනවා ද? (ර)
මාගේ ප්‍රණාමය ඔබට. (ර)
මෙම මහත්මියට ජාතියේ ප්‍රණාමය..! මේ අය මේවා කරන්න ඇත්තේ අද ඊයේ නෙවෙයි. ඒ නිසා ඉතිහාසයද හොඳින් ගවේෂණය කරන්න. (ර)
ගරු මෙනවිය, හාල්මැස්සන් අල්ලන්නේ නැතුව මේ වගේ තෝරන් මෝරන් අල්ලන්න. (ර)
දුෂකයින් අල්ලා ගැනීමට උපයෝගී කරගත් උපක්‍රම මාධ්‍ය මගින් පල කිරීම සුදුසුද නැත්ද යන්න ඔබතුමිය නොදන්නවා විය නොහැකිය. කෙසේ වෙතත් ඔබ රටට ආඩම්බරයක්.(ම)
අපි වෙනුවෙන් අපි ! (ම)
සියළු නිළධාරීන්ගේ වත්කම් පරික්ෂා කරන්න. (ර)
අපි ආඩම්බර වෙනවා ඔබ තුමියගේ දක්ෂ කමට. මෙවැනි නිලධාරීන් රටේ සිටිය යුතුයි. (ර)
හොරුන්ට හොද පාඩමක්. (ර)
මෙම ක්‍රියාව දිගටම කරන්න. (ර)
එඩිතර මහත්මියනි, වංචාව දුරලන්න උපන් ඔබට සියලු රැකවරණ සහ ආරක්ෂාව ලැබේවා! (ර)
යහපාලනයේ වෙනස. (ර)
ලංකාවේ වංචා නැති දෙපාර්තමේන්තුවක් හෝ රජයේ ආයතනයක් නම් කරන්නේ නම් මැනවි. (ර)
පුලුවන්නම් එක දේශපාලකයෙක් අල්ලලා පෙන්නන්න. (ර)
ඔත්තුව දුන්නට පස්සේ ඕක අල්ලන එක මටත් කරන්න පුළුවන්. (ර)
කව්ද ලොක්කා කියලා රටට කියන්න. (ර)
බුද්ධිකා වීරකෝන්, මෙතන මෙයාගේ තියෙන දක්ෂකම මොකක්ද? (ර)
මේවා අත්පිට මුදල් නිසා සාක්කි තියෙනවා. ලොකු ලොකු මෝරු කරන්නේ විදුත් තැපැල් මගින් කෙලින්ම ඔවුන්ගේ බැංකු ගිණුමට අල්ලස යවන්න සැලසුම් කරලා තියෙන්නේ ඒවා හොයන්න ටිකක් කරදර නිසා පොඩි හාල්මැස්සන් මේවට මාට්ටු වෙනවා. (ර)
හොද වැඩක්. (ර)
ඔච්චර ලොකු නිවාස ණයක් ගන්න පුළුවන්ද? (ර)
ඔබ තුමියට මා හිස නමා ආචාර කරමි. (ර)
කෝටි දොළහක් ණය ගන්න මෙයාගේ වත්කම කොපමණක් ඇත්ද ..(බ)
ඔය නිලධාරීන් අයිති දෙපාර්තුමේන්තුව හොර ගුහාවක්, එහත් යහා පාලනය යටතේ හෝ මෙවැනි අයවලුන් අල්ල ගැනීම වැදගත්. අපි හමොමෝම එකතු වී හොරු, පගා කරුවන් පිටුදකිමු. (බ)
ඉහතින් අදහස් දක්වපු සියලු දෙනා ඒක පාර්ශ්වික තීන්දුවක් දී හමාරය. මෙයත් හරියටම සේයා දැරියගේ ඝාතනයට මුලින් අත් අඩංගුවට ගත් අයට සිදු වූ දෙය මෙනි. එදා ඔවුන් ජනතාවට හසු වුනි නම් අද ඔවුන් ජීවතුන් අතර නැත. නමුත් ඔවුන් සැබෑ ඝාතකයින් ද? මෙම සිදු වීමත් එවැන්නක් බව මා පුද්ගලිකව දනී. රේගු නිළධාරීන් අල්ලස් නොගන්නවා යැයි මා කිසි විටෙක නොකියමි. නමුත් මෙතන සිදු වී ඇත්තේ ඊට වෙනස් දෙයකි. මෙම සිදු වීම පිටුපස ප්‍රධාන පෙළේ දේශපාලකයෙකු සිටී. මෙම අමතර කොටස් ආනයනය කර ඇත්තේ එම දේශපාලකයාට සම්බන්ධ ව්‍යාපරිකයෙකි. ඔවුන් සිදු කර ඇති අක්‍රමිකතා වසන් කිරීමට ඔවුන් මෙම සිදුවීම සැලසුම් සහගතව සිදු කර ඇත. අපක්ෂපාතීව පරීක්ෂණ සිදු වුවහොත් සියලු කරුණු හෙළි වන අතර මෙම සිදු වීම අල්ලස් ගැනීමක් නොවන බවත් සිදු වීමක් නිර්මාණය කර පුවත් මැවීමක් බවත් වීමට ඉඩ තිබේ. මා කියූ පලියට කිසිවක් විශ්වාස නොකරන්න. එමෙන්ම මාධ්‍ය වාර්තා කළ පලියට එය එලෙසම කියා විශ්වාස නොකරන්න. ඉදිරියේ දී ඇත්ත හෙළිවේවි. ඔය නිළධාරීන් අතර යුක්තිය සාධාරණය වෙනුවෙන් පෙනී සිට කිහිප වරක් සම්මාන හා ත්‍යාග හිමි වූ අය ද සිටී. එම නිළධාරියෙකුට ගිය වරෙක ත්‍යාගය ලෙස පමණක් මිලියන 30ක් හිමි වූ බවද වාර්තා වී තිබුණි. ඔවුන් නිවැරදි යයි කිසි විටෙක නොසිතන්න. නමුත් ඔවුන් වැරදි යැයි දැන්ම තීරණය නොකරන්න. තම සිතට අනුව සැබෑ සිදුවීම දන්නා කිහිප දෙනෙකු පැමිණිලි පාර්ශවයේ සිටින බව ද සිහි තබා ගන්න. සමහර විට අල්ලස් කොමිසම ද ඇන්දී තිබීමටත් පුලුවනි. අනිත් කරුණ නම් සල්ලි බෑග් එක දෙනකොටම අල්ලන්න ඒකෙ මිලියන 125 ම දාන්න ඕනද? (බ)
මේ වගේ දේකට නිවාස ණය ඇරගැනිමත් වංචාවක් නොවේද?. ඇය බැංකුවට වංචා කරල නැත්ද?. දුෂිතයන් ඇල්ලීම ඉතා අගේ කළ යුතුයි. ඒ සඳහා තවත් වංචාවක් කිරිම වැරදි පුර්වාදර්ෂයක්ද?. ඇයි මේ සඳහා රජයෙන් අල්ලස් දෙපාර්තමේන්තුවට ගිණුමක් හරහා යම් අරමුදලක් වෙන් කර මේවාට භාවිතා කර නැවත ආපසු තැන්පත් කිරිමට. මෙම මුදල නඩු භාන්ඩයක් වශයෙන් උසාවියේ නඩුව අවසන් වෙනකන් තබනවානම් ඇයට නිවස හැදිමට නිවාස ණය මුදලින් බැරි වෙනවා. (බ)
විශිෂ්ට මානව කුසලතාවයක් (බ)