මහනුවර ගැටඹේ රාජෝපවනාරාමයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාගමන අරඹන බව හිටපු ජනපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද රාත්‍රී මහනුවරදී පැවසීය.
මහනුවර නගර සීමාවේ පාගමන් තහනම් කරමින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.
මහනුවර ගැටඹේ රාජෝපවනාරාමයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාගමන අරඹන බව හිටපු ජනපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද රාත්‍රී මහනුවරදී පැවසීය.
මහනුවර නගර සීමාවේ පාගමන් තහනම් කරමින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1990 ගණන් වල මුලදී මහින්දගේ පාද යාත්‍රාවෙන් තමයි වැටිලා හිටිය ශ්‍රී ලංකා එක ගොඩ ආවේ. ඒ නිසා තමයි දැන් අනික් කට්ටිය බයවෙලා ඉන්නේ. (නි)
මෙතන අදහස් දැම්ම කුහකයෝ මොනවා කිවුවත් ඇත්ත දන්නා අපි ඉන්නවා ඔබතුමාත් එක්ක! (නි)
අනගාරික ධර්මපාලතුමා කියලා තියනවා කිසි වැඩක් නොකර ඉන්න පුද්ගලයාට චෝදනාද නැත කියලා. ඔබතුමා රටට වැඩක් කරපු හින්දා තමයි ආත්මාර්ථකාමියෝ මේ වගේ අදහස් දාලා තියෙන්නේ! (නි)
පිටබැද්දර ජයා, ඔබ හරි. එදා පා ගමින් යන්න ගියා නම් දෙකයි දෙකේ පොලු වලින් සළකන්න වෙනම සෙට් එකක් හිටියා. අද අපි මොනතරම් නිදහස්ද? (නි)
මහින්ද රාජපක්ෂ මහතාව බල තණ්හාව, කෑදරකම, මෝඩකම පිරුණු යම් දේශපාලන අනාථයෝ පිරිසක් විසින් නටවනවා. (නි)
ඉදිරියේදී පන්සලකට යන්න එන්නවත් මිනිස්සු නැති වෙනවා මේ අය කරන වැඩ වලින්. (නි)
පාන්දර 5:00 ට විතර ඕක මහනුවරින්ම පටන්ගන්න තිබුනේ. පුදුම ජනතා කැක්කුමක්නේ තියෙන්නේ. අපිට අමතක නැහැ 80 ජුලි වර්ජනය වෙලාවේ දාපු තහංචි. එදත් අද වගේම තමයි මහජනතාවට හිරිහැර කළේ (නි)
නුඹලා ඔය කරන්නේ මිනිසුන්ට ධර්මය හෑල්ලු කරන එක (නි)
ඔබේ සටනට ජයවේවා මැතිඳුනි! (නි)
ඔබේ පාගමනට ජයවේවා! (නි)
මොවුන්ට අායෙමත් මේ කපේදී බලය ලැබෙන්නේ නැහැ. අපි හොරුන්ට එන්න ඉඩ තබන්නෙත් නැහැ (නි)
මටත් ඉතින් කියන්න තියෙන්නේ ‘අනේ පව්‘ කියලා තමයි (නි)
නරක කාලේ ආවහම පුළුවන් තරම් අැවිද්දවනවා තමයි මහත්තයෝ. අනික ඉතින් ඇවිද්ද පය දහක් වටී කියලත් කියනවනේ. බලයේ ඉන්නකොට අපිට පයින්වත් යන්න තිබුනද නිදහසේ පාරක? මෙතුමා එනවා නම් හවස උදේ ඉඳලා පාරවල් වහගෙන නටපු නැටුම් අපිට නම් අමතක නැහැ. දැන් එ්වටත් එක්ක ගෙවමු නේද පාගමන් ගිහින්වත් (නි)
හොරු බේරාගැනීමේ මහා මෙහෙයුම. හොරු සමඟ පයින් යමු. (නි)
හාමුදුරුවරුන් සමඟ දේශපාලකයන් එක හා සමානව අසුන් ගැනීම දැන් පුරුද්දක් වෙලා. ආගම වෙනුවෙන් සටන් කරන අයට මේවා පෙනෙන්නේ නැති එක පුදුමයි. (නි)
අනේ මහරජාණෙනි, පන්සල් වල කරන ඔය දේශපාලනයෙන් සිද්ධවෙන්නේ බෞද්ධයන් බුදු දහමෙන් ඈත්වීම පමණයි. ඔබතුමා දේශපාලනිකව මියගිය චරිතයක්. නැවත අපිට පණ දෙන්න බැහැ (නි)
ඔබතුමා පටන්ගන්න. අපි ඉන්නවා උදවුවට (නි)
පිටබැද්දර ජයා, මෙතුමා යුද්ධ කාලේ පාරවල් වහගෙන නැටුවා තමයි. හැබැයි දැන් අපි ඔක්කොම නිදහසේ පාරේ යන්නේ ඒ නටපු නැටුම් නිසා නොවෙයිද? (නි)
සුබ පැතුම් (ම)
මෙතුමා මේ කරන්නේ කරන්න ඕන දේවල්ද?ජීවිතය සදාකාලික නැහැ මහින්ද මහත්තයෝ. (ම)
ඇමරිකාව සමඟ හැපෙන්න සිතීම මුලාවක්. ඔලුව ගලක ගසාගැනීම හා සමානයි. සාමකාමීව ආගමට යොමුවී නිහඬ ලෙස ජීවත්වීම ඉතා හොඳයි. (නි)
චානක, හොරා කියන්නේ ඔයාගේ මොනවාහරි ගත්තද... (නි)
අනිත් අය පැරදුනාම පරාජය බාරගෙන ඉන්නවා මේ ගොල්ලෝ පාද යාත්‍රා... (ර)
ඔබේ අරමුණ සාර්ථක වේවා! (නි)
බලය නැති වුණාම කරන්න වෙන දේවල් .අවුරුදු දෙක ඉඳලා ඡන්දෙ තිබ්බා නම් මේවා යන්න වෙන්නේ නැහැ .මේවා නිසා ජනතාව හැමදාම අමාරුවේ වැටෙනවා (බ)
පයින් යාම ශරීර සෞඛ්‍යයට බොහොම හොඳය.....ඔහොම යං ඔහොම යං.........(බ)
නොදන්නා නිසා අසන්නේ එතකොට ගැටඹෙ තියෙන්න මහනුවර නගර සීමාවේ නෙවේද?කොතනින්ද පේරාදෙණි පාරේ මහනුවර නගර සීමාව අවසන් වෙන්නේ? (බ)
ගැටඹේ රජෝපවනාරාමයේ හිටපු අධිපති ආචාර්ය ලබුදුවේ සිරිධම්ම ස්වාමින්වාහන්සේ බොහොම එඩිතර,ගුණවත් ස්වාමින්වාහන්සේ නමක් එවන් යතිවරයෙක් සිටිය තැනකින් අද මේවගේ පටු හා ද්වේශය සහාගත පා ගමනක් අරඹන්නට ඉඩ දීම කනගාටුවට කරුණක්. (බ)
ගාල්ලට ගිහින් සුමනදාසගේ ගෙදර ළඟින් පටන්ගන්න. මේ බාධක සේරම නැතිවෙන්න හොඳ නැකතකුත් හදලා දෙයි. පන්සල් ළඟින්මද පටන්ගන්න ඕනෑ. අභයාරාමය හොඳ මදිද? (නි)
අධිකරණ නියෝග ගත්තේ බය නිසාද? අතීසාරයට අමුඩ ගහනවා වගේ තමයි. සෙනඟ බලන්න 1 වෙනිදට කොළඹට එන්න. (නි)
අනිත් මිනිස්සු නම් ඡන්දයක් පැරදුනාම එ්වට හේතු හොයලා තමන්ගෙ පක්ෂ හදන්න උත්සාහ කළා ඊළඟ ඡන්දෙට. මෙයාලා රට ගිනිතියලා මිනිස්සු අවුස්සලා නැති ප්‍රශ්න ඇති කරන්න හදනවා (නි)
බලය තණ්හාව තියෙන්නේ මේ යහපාලකයන්ට. (නි)
හොරු කල්ලියම ඉන්නවා වගෙයි (නි)
ආගමික සිද්ධස්ථානයකින් යමක් පටන් ගැනීමෙන්ම එම කාර්යයට ආශිර්වාදය ලැබෙන්නේ යැයි කියා සිතනවාද? (නි)
තම අරමුණට ළංවෙනතුරු මහින්ද සටන අත්නොහරින බව අපි දන්නවා (නි)
මහින්ද කියන්නේ අතිදුර්වල හිටපු නායකයෙක්. කිසිම දුර දැක්මක් තියෙන කෙනෙක් නෙමෙයි. මෙන්න මේ වගේ වැඩ කර කර වැජඹෙන්න දන්නා කෙනෙක්. (නි)
කෙසේවෙතත් මෙය ආණ්ඩුව රටේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික ස්වාධීනත්වය උගසට තබමින් මේ යන භයානක ගමනට එරෙහිවන ජාතිකවාදී බලවේගයේ ශක්තිය පෙන්වීමට ලැබෙන මාහැඟි අවස්ථාවක් වේවායි පතමු. (නි)
දේශපාලන අනාතයෝ ටිකක් නම් අපි දැක්කා (නි)
පිටබැද්දර ජයා කියන්නේ කව්ද කියලා මම හොඳට දන්නවා. තමන්ගේ නමින් ලියන්න බැරි කෙනෙක් කොහොමද අනුන්ට අවලාද කියන්නේ? (නි)
ඔබතුමාට ජය ශ්‍රී මැතිඳුනි! (නි)