IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


‘පාගමන ගැටඹෙන් අරඹනවා‘ - මහින්ද රාජපක්ෂ

මහනුවර ගැටඹේ රාජෝපවනාරාමයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාගමන අරඹන බව හිටපු ජනපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද රාත්‍රී මහනුවරදී පැවසීය.

මහනුවර නගර සීමාවේ පාගමන් තහනම් කරමින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.

web2db74500-77ea-4aa4-a82b-3fcf8029dd16 weba8d27071-7855-42f0-9b81-b88a92840029



අදහස් (0)

‘පාගමන ගැටඹෙන් අරඹනවා‘ - මහින්ද රාජපක්ෂ

සුපුන් Thursday, 28 July 2016 07:05 AM

1990 ගණන් වල මුලදී මහින්දගේ පාද යාත්‍රාවෙන් තමයි වැටිලා හිටිය ශ්‍රී ලංකා එක ගොඩ ආවේ. ඒ නිසා තමයි දැන් අනික් කට්ටිය බයවෙලා ඉන්නේ. (නි)

:       0       0

ආර්. වික්‍රම Thursday, 28 July 2016 07:07 AM

මෙතන අදහස් දැම්ම කුහකයෝ මොනවා කිවුවත් ඇත්ත දන්නා අපි ඉන්නවා ඔබතුමාත් එක්ක! (නි)

:       0       0

රංචාගොඩ Thursday, 28 July 2016 07:15 AM

අනගාරික ධර්මපාලතුමා කියලා තියනවා කිසි වැඩක් නොකර ඉන්න පුද්ගලයාට චෝදනාද නැත කියලා. ඔබතුමා රටට වැඩක් කරපු හින්දා තමයි ආත්මාර්ථකාමියෝ මේ වගේ අදහස් දාලා තියෙන්නේ! (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 28 July 2016 07:28 AM

පිටබැද්දර ජයා, ඔබ හරි. එදා පා ගමින් යන්න ගියා නම් දෙකයි දෙකේ පොලු වලින් සළකන්න වෙනම සෙට් එකක් හිටියා. අද අපි මොනතරම් නිදහස්ද? (නි)

:       0       0

තුෂාර Wednesday, 27 July 2016 10:31 PM

මහින්ද රාජපක්ෂ මහතාව බල තණ්හාව, කෑදරකම, මෝඩකම පිරුණු යම් දේශපාලන අනාථයෝ පිරිසක් විසින් නටවනවා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 28 July 2016 07:29 AM

ඉදිරියේදී පන්සලකට යන්න එන්නවත් මිනිස්සු නැති වෙනවා මේ අය කරන වැඩ වලින්. (නි)

:       0       0

ජනහිත Wednesday, 27 July 2016 10:45 PM

පාන්දර 5:00 ට විතර ඕක මහනුවරින්ම පටන්ගන්න තිබුනේ. පුදුම ජනතා කැක්කුමක්නේ තියෙන්නේ. අපිට අමතක නැහැ 80 ජුලි වර්ජනය වෙලාවේ දාපු තහංචි. එදත් අද වගේම තමයි මහජනතාවට හිරිහැර කළේ (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 28 July 2016 07:39 AM

නුඹලා ඔය කරන්නේ මිනිසුන්ට ධර්මය හෑල්ලු කරන එක (නි)

:       0       0

ගුණසේන Thursday, 28 July 2016 07:35 AM

ඔබේ සටනට ජයවේවා මැතිඳුනි! (නි)

:       0       0

යෝනක Wednesday, 27 July 2016 10:59 PM

ඔබේ පාගමනට ජයවේවා! (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 27 July 2016 11:07 PM

මොවුන්ට අායෙමත් මේ කපේදී බලය ලැබෙන්නේ නැහැ. අපි හොරුන්ට එන්න ඉඩ තබන්නෙත් නැහැ (නි)

:       0       0

දියෝනිස් Wednesday, 27 July 2016 11:16 PM

මටත් ඉතින් කියන්න තියෙන්නේ ‘අනේ පව්‘ කියලා තමයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 28 July 2016 12:15 AM

නරක කාලේ ආවහම පුළුවන් තරම් අැවිද්දවනවා තමයි මහත්තයෝ. අනික ඉතින් ඇවිද්ද පය දහක් වටී කියලත් කියනවනේ. බලයේ ඉන්නකොට අපිට පයින්වත් යන්න තිබුනද නිදහසේ පාරක? මෙතුමා එනවා නම් හවස උදේ ඉඳලා පාරවල් වහගෙන නටපු නැටුම් අපිට නම් අමතක නැහැ. දැන් එ්වටත් එක්ක ගෙවමු නේද පාගමන් ගිහින්වත් (නි)

:       0       0

රෝහණ Thursday, 28 July 2016 01:39 AM

හොරු බේරාගැනීමේ මහා මෙහෙයුම. හොරු සමඟ පයින් යමු. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 28 July 2016 02:00 AM

හාමුදුරුවරුන් සමඟ දේශපාලකයන් එක හා සමානව අසුන් ගැනීම දැන් පුරුද්දක් වෙලා. ආගම වෙනුවෙන් සටන් කරන අයට මේවා පෙනෙන්නේ නැති එක පුදුමයි. (නි)

:       0       0

සහන් Thursday, 28 July 2016 02:15 AM

අනේ මහරජාණෙනි, පන්සල් වල කරන ඔය දේශපාලනයෙන් සිද්ධවෙන්නේ බෞද්ධයන් බුදු දහමෙන් ඈත්වීම පමණයි. ඔබතුමා දේශපාලනිකව මියගිය චරිතයක්. නැවත අපිට පණ දෙන්න බැහැ (නි)

:       0       0

විශේර් Thursday, 28 July 2016 02:23 AM

ඔබතුමා පටන්ගන්න. අපි ඉන්නවා උදවුවට (නි)

:       0       0

රසික Thursday, 28 July 2016 03:04 AM

පිටබැද්දර ජයා, මෙතුමා යුද්ධ කාලේ පාරවල් වහගෙන නැටුවා තමයි. හැබැයි දැන් අපි ඔක්කොම නිදහසේ පාරේ යන්නේ ඒ නටපු නැටුම් නිසා නොවෙයිද? (නි)

:       0       0

වසන්ත සිල්වා Thursday, 28 July 2016 04:17 AM

සුබ පැතුම් (ම)

:       0       0

අතුරා Thursday, 28 July 2016 04:20 AM

මෙතුමා මේ කරන්නේ කරන්න ඕන දේවල්ද?ජීවිතය සදාකාලික නැහැ මහින්ද මහත්තයෝ. (ම)

:       0       0

සේන Thursday, 28 July 2016 05:04 AM

ඇමරිකාව සමඟ හැපෙන්න සිතීම මුලාවක්. ඔලුව ගලක ගසාගැනීම හා සමානයි. සාමකාමීව ආගමට යොමුවී නිහඬ ලෙස ජීවත්වීම ඉතා හොඳයි. (නි)

:       0       0

රොෂාන් Thursday, 28 July 2016 05:04 AM

චානක, හොරා කියන්නේ ඔයාගේ මොනවාහරි ගත්තද... (නි)

:       0       0

සහන Thursday, 28 July 2016 11:46 AM

අනිත් අය පැරදුනාම පරාජය බාරගෙන ඉන්නවා මේ ගොල්ලෝ පාද යාත්‍රා... (ර)

:       0       0

මොහාන් Thursday, 28 July 2016 05:09 AM

ඔබේ අරමුණ සාර්ථක වේවා! (නි)

:       0       0

නවරත්න බණ්ඩාර Wednesday, 27 July 2016 03:28 PM

බලය නැති වුණාම කරන්න වෙන දේවල් .අවුරුදු දෙක ඉඳලා ඡන්දෙ තිබ්බා නම් මේවා යන්න වෙන්නේ නැහැ .මේවා නිසා ජනතාව හැමදාම අමාරුවේ වැටෙනවා (බ)

:       0       0

බස්නායක පේරාදෙණිය. Wednesday, 27 July 2016 03:37 PM

පයින් යාම ශරීර සෞඛ්‍යයට බොහොම හොඳය.....ඔහොම යං ඔහොම යං.........(බ)

:       0       0

රන්ජන් Wednesday, 27 July 2016 03:38 PM

නොදන්නා නිසා අසන්නේ එතකොට ගැටඹෙ තියෙන්න මහනුවර නගර සීමාවේ නෙවේද?කොතනින්ද පේරාදෙණි පාරේ මහනුවර නගර සීමාව අවසන් වෙන්නේ? (බ)

:       0       0

සත්‍යපාල Wednesday, 27 July 2016 04:08 PM

ගැටඹේ රජෝපවනාරාමයේ හිටපු අධිපති ආචාර්ය ලබුදුවේ සිරිධම්ම ස්වාමින්වාහන්සේ බොහොම එඩිතර,ගුණවත් ස්වාමින්වාහන්සේ නමක් එවන් යතිවරයෙක් සිටිය තැනකින් අද මේවගේ පටු හා ද්වේශය සහාගත පා ගමනක් අරඹන්නට ඉඩ දීම කනගාටුවට කරුණක්. (බ)

:       0       0

චතුරි Wednesday, 27 July 2016 04:15 PM

ගාල්ලට ගිහින් සුමනදාසගේ ගෙදර ළඟින් පටන්ගන්න. මේ බාධක සේරම නැතිවෙන්න හොඳ නැකතකුත් හදලා දෙයි. පන්සල් ළඟින්මද පටන්ගන්න ඕනෑ. අභයාරාමය හොඳ මදිද? (නි)

:       0       0

විජේසුන්දර Wednesday, 27 July 2016 04:27 PM

අධිකරණ නියෝග ගත්තේ බය නිසාද? අතීසාරයට අමුඩ ගහනවා වගේ තමයි. සෙනඟ බලන්න 1 වෙනිදට කොළඹට එන්න. (නි)

:       0       0

ලක්ෂාන් Wednesday, 27 July 2016 04:41 PM

අනිත් මිනිස්සු නම් ඡන්දයක් පැරදුනාම එ්වට හේතු හොයලා තමන්ගෙ පක්ෂ හදන්න උත්සාහ කළා ඊළඟ ඡන්දෙට. මෙයාලා රට ගිනිතියලා මිනිස්සු අවුස්සලා නැති ප්‍රශ්න ඇති කරන්න හදනවා (නි)

:       0       0

මනෝජ් Thursday, 28 July 2016 05:41 AM

බලය තණ්හාව තියෙන්නේ මේ යහපාලකයන්ට. (නි)

:       0       0

රම්‍යා Thursday, 28 July 2016 05:59 AM

හොරු කල්ලියම ඉන්නවා වගෙයි (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 27 July 2016 06:22 PM

ආගමික සිද්ධස්ථානයකින් යමක් පටන් ගැනීමෙන්ම එම කාර්යයට ආශිර්වාදය ලැබෙන්නේ යැයි කියා සිතනවාද? (නි)

:       0       0

ජයතු Wednesday, 27 July 2016 06:53 PM

තම අරමුණට ළංවෙනතුරු මහින්ද සටන අත්නොහරින බව අපි දන්නවා (නි)

:       0       0

ශාන් Thursday, 28 July 2016 06:24 AM

මහින්ද කියන්නේ අතිදුර්වල හිටපු නායකයෙක්. කිසිම දුර දැක්මක් තියෙන කෙනෙක් නෙමෙයි. මෙන්න මේ වගේ වැඩ කර කර වැජඹෙන්න දන්නා කෙනෙක්. (නි)

:       0       0

රංග Wednesday, 27 July 2016 08:14 PM

කෙසේවෙතත් මෙය ආණ්ඩුව රටේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික ස්වාධීනත්වය උගසට තබමින් මේ යන භයානක ගමනට එරෙහිවන ජාතිකවාදී බලවේගයේ ශක්තිය පෙන්වීමට ලැබෙන මාහැඟි අවස්ථාවක් වේවායි පතමු. (නි)

:       0       0

දුමින්ද Thursday, 28 July 2016 06:44 AM

දේශපාලන අනාතයෝ ටිකක් නම් අපි දැක්කා (නි)

:       0       0

ප්‍රියාන් Thursday, 28 July 2016 06:55 AM

පිටබැද්දර ජයා කියන්නේ කව්ද කියලා මම හොඳට දන්නවා. තමන්ගේ නමින් ලියන්න බැරි කෙනෙක් කොහොමද අනුන්ට අවලාද කියන්නේ? (නි)

:       0       0

ටෙහාන් Wednesday, 27 July 2016 09:25 PM

ඔබතුමාට ජය ශ්‍රී මැතිඳුනි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 25 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 385 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 841 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site