මුදල් අමාත්‍යංශයට කිසිම සම්බන්ධයක් නැති දුෂ්ටයන් මුදල් අමාත්‍යංශයට එන මහජනයාගෙන් පගා ගනිතියි මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.
මෙසේ මහජනයාගෙන් මුදල් ගන්නා අය කවුදැයි හඳුනාගෙන ඇති බවත්, ඔවුන් නීතිය හමුවට පැමිණවීමට නීතියේ පූර්ණ බලය යොදන බවත් කරුණානායක මහතා පවසයි.
ඔහු මේ බව පවසනුයේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පිටු බාගයක දැන්වීමක් පළ කරමිනි.
‘දූෂණයට එරෙහි සටනට උදව් වන්න. දූෂණයට හවුල් වෙන්න බෑ කියන්න.‘ යනුවෙන් එම දැන්වීම පළ කර තිබේ.
ඇමැති හෝ අමාත්‍යංශ නිලධාරියකු මුණ ගැස්වීමට ඔබ හෝ ඔබ දන්නා කෙනකුගෙන් අල්ලසක් ගෙන ඇත්නම් ඒ බව වහාම 011 2484500/600-700 දුරකතන අංකයට දන්වන්න. ඔබට කැබිනට් ඇමැතිවරයා සමග හෝ ඇමැති කණ්ඩායමේ සාමාජිකයකු හමුවීමට අවශ්‍ය නම් එම අංකයට දන්වන්න.
මුදල් අමාත්‍යංශය, ලේකම් කාර්යාලයය, කොළඹ 01.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට වැරදුන අතීතය වෙනස් කළ නොහැක එ්ත් අපට අපේ පුරුදු වෙනස් කළ හැක අපේ පුරුදු වෙනස් කළ විට අනාගතය ඉබේම වෙනස් වනු ඇත (බ)
ඔය කියන කෙනා තමයි කරුන්ක හොරට ගෙනාවේ.(බ)
තමන්ගේ අමාත්‍යංශයේ අය නෙමේනම්, කොහොමද ඒ අය රවී අමාත්‍යවරයා හදුනාගන්නේ..? ඊට කලින්, තමන්ගේ අමාත්‍යංශයේ අයගේ සම්බන්ධකම් ගැන හොයා බලන්න. ඇතුලේ උදවු නැතුව, පිට අයට මුකුත් කරන්න බැහැ. (බ)
කරුංකා ඉන්දියාවෙන් ගෙනල්ලා නැවත අපනයනය කරන්නේ මුදල් ඇමති .මෙයාට කියන්නේ කරුන්කා සුදා (බ)
සුදේශ් ඉස්සර නම් මුදල් අමාත්‍යාංශයේ ඔහොම මිනිස්සු හිටියේ නැහැ තමයි ... මොකද පොඩි එකෙක්ටවත් ගානක් ගන්න පුළුවන් චාන්ස් එකක් ඒකාලේ මුදල් ඇමතිගේ ඉතුරු කරයිද (බ)
සුදේෂ් නිකන් මත දොඩවන්න එපා. ඔබ මුදල් අමාත්‍යංශය මගේ හිතේ කිසි දිනකවත් ගිය තැනක්වත් නොවෙයි. නරකද කොපි පොතක් අරගෙන ඔබට කියන්න ඕන දේ එ්කේ ලියනවානම්? (බ)
සුදේශ් ඉස්සර කිවුවේ 1960 ට කලින් වකවානුව ගැනද (අ)
එගොඩගම්ගේ, ඔයත් නිකම් කට මෑත දොඩවන්න එපා ඉස්සර මුදල් අමාත්‍යාංසය නමට විතරයි තිබුනේ තාත්ත මුදල් ඇමති පුතාලට ඕන විදිහට තමයි රටේ සල්ලි ටික හූරන් කෑවේ (අ)
අපි ආසයි අඩු ගණනේ එක පගාකාරයෙකු හෝ අල්ලලා දඬුවම් කරනවා බලන්න. දැන් අවුරුදු එක හමාරක් බලාගෙන හිටියා මහා මැතිවරණයට පෙර කියපු ලෝක හොරු එකෙක් හෝ හිර ගෙදරට දක්කන කල්.(බ)
ඔබතුමාගේ කාර්යය සාර්ථක වේවා! (නි)
මේකට ඉස් ඉස්සෙල්ලම පැමිණිලි කරන්න ඕන මුදල් ඇමති සහ මහා බැංකු අධිපති ගැන - තාම නැහැනේ බැඳුම්කර වංචාව ගැන කිසිම පියවරක්. ඒවායේ පාඩු පියමහින්නත් එක්ක අපි වැට් ගෙවන්න ඕන. (බ)
අජිත්, ඇයි බැඳුම්කර සුදාල ඉන්නෙත් ඔතනමනේ! (බ)
ගහ දන්නා මිනිහාට කොළ කඩා පෙන්නන්න එපා. සුදේශ්ගේ කතාව හරියටම හරි. කවදාවත් නැතුව මුදල් අමාත්‍යාංශය දේශපාලනීකරණය වෙලා. (ම)
වැටයි නියරයි ගොයම් කයි නම්..? (ර)
මහා පරිමාණ ඒව කෙසේවෙතත් දුප්පත් සාමාන්‍ය ජනතාවගෙන් රු.1000 ,500 සූරාගෙන කන පගාකාරයො නැති කරන්වා නම් ඒකත් පිනක්. ඇමති කෙනෙක් හම්බ වෙන්න ගියත් පගාවක් දෙන්න ඕනෑ. මේක පුදුම රටක්. මේවා ගැන හිතපු එකත් ලොකු දෙයක්. පගා දෙන්න එපා කියලා මාධ්‍යයෙන් ලොකු ප්‍රචාරයක් දෙන්න. (නි)
හොරකම නැතිකර රට හදන්න උත්සාහ කරන ඔබට සුභ පැතුම්.(අ)
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දුහදුක් විඳි සල්ලි වලින් බාල්නැටූ කෝටි ගණන් වැය කළ ඇමතිලා සහ ඒ අයට උල්පන්දම් දුන් නිලධාරින් ගැනත් සොයන්න. තාම ඒ අය විදෙස්ගත ශ්‍රමික සල්ලි වලින් පඩි ලබනවා නම්, එ් එවන සල්ලි වලින් ඉන්ධන ගහනවා නම්, ඒ දුප්පතුන්ගෙ සල්ලි වලින් වාහන ලබනවා නම් මේ රටේ ආණ්ඩු මාරු වුණා කියා ඇති වැඩේ මොකක්ද? යහපාලනයේ තේරුම කුමක්ද? (නි)
ඉස්සර නම් මුදල් අමාත්‍යාංශයේ ඔහොම මිනිස්සු හිටියේ නැහැ. දැන් තමයි ඒවත්. ඔික අැතුලේ දැන් බිස්නස් කාරයොයි, දේශපාලන හෙන්චයියෝ පිරිලා. හරියට පිටකොටුවේ පදික වේදිකා වගේ. දැක්කම මුදල් අමාත්‍යාංශයද කියලා හිතෙනවා. (අ)
පාසල, රෝහල, පොලිසිය, කාර්යාලය, අමාත්‍යංශය, මහපාර මේ හැමතැනම පගාව. මේවා නැතිකරන්න කොතනින් හරි පටන්ගන්න ඕනෑ. මේක හොඳ වැඩක්. (නි)
සිල්වා කියන්නේ සහතික ඇත්ත. අපි එකඟයි (නි)
සුදේශ් ඔයා ඉස්සර කියලා කිව්වේ 1900 වගේද ? (ර)