මහනුවර කටුගස්තොට දක්වා ගලා ඇවිත් මහවැලි ගගට කටුගස්තොටදී එක් වන පිගා ඔයේ අති විශාල ප්‍රමාණයක් වන ප්ලාස්ටික් බෝතල්, යෝගට් කෝප්ප, පොලිතීන් ඇතුළු නොදිරන අප ද්‍රව්‍ය තොගයක් වැස්සත් සමග ගසාගෙන අවිත් අඹතැන්න ප්‍රදේශයේ පිගා ඔය හරහා ඉදි කර ඇති ලෑලි පාලමක හිර වී මුළු පළාතම ගඳ ගස්වයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩා කාලයේ මගේ ජීවිතය ගෙවුනේ මේ ලස්සන සුපිරිසිදු ඔයේ. මට මතකයි අපේ අයියා කෙනෙක් සීතල වතුරේ නිදාගෙන අමරදේවගේ ගීයක් සෙමින් ගැයුවා. එතකොට පොල්ගොල්ල ජලාශය නැහැ. බලන්න වෙනස අද. (නි)
අඹතැන්න හරියේදී හිරවුණා නම්, ඔය කියන අපද්‍රව්‍ය එකතුවෙන්නේ අකුරණ හරියේදී තමා. (නි)
අපේ සුන්දර සිරි ලංකාවේ සුන්දර මිනිසුන්ගේ ක්‍රියාවන් තමයි මේ (නි)
මේවා සියල්ල පිගා ඔයාට එකතුවෙන්නේ අකුරණින්. ඔය දෙපැත්තේ තියෙන ගෙවල් හා කඩ තමයි මෙවට වගකියන්න ඕනෑ (නි)
ඉතින් මේ පැත්තේ අයට බැරිද සංවිධානය වෙලා මේවා එකතුකරලා නගර සභාවට බාරදෙන්න? හැමදේම රජයෙන් වෙනතුරු බලාඉන්නේ නැතුව (නි)
පහුගිය වසර කිහිපය තුළ ඔය පිගා ඔය ඉස්මත්තට ඇදහැලෙන තද වැසි අවස්ථාවන්හීදී පොලිතීන් හිරවීම නිසා අකුරණ නගරය යටකරගෙන පිටාර ගැලූ අවස්ථා වාර්තා වී ඇත. මේ පොලිතීන් සහ අපද්‍රව්‍ය මෙම ඔයට එකතුවන්නේ කෙසේද කියා දෙපස ප්‍රජාව හොඳාකාරව දනිති. පරිසරයට සිදුවන හානිය ගැනවත්, ඔවුනටම ඇතිවන අසීරුතා ගැනවත්, මඟතොට ජනතාවට සිදුවන හිරිහැරය ගැනවත් කිසිදු තැකීමක් නැතුවා සේය. මේ අප්‍රසන්න තත්ත්වය පිටුදැකීමට එම ප්‍රජා නායකයින්, ඔවුන්ගේ දේශපාලන නායකයින් සහ අදාළ බලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් මැනවි (නි)
නරකද කට්ටිය එකතු වෙලා අරන් දැම්මනම්... (ර)
කාට හෝ හිතුනේ නැතිද ගංගාවල පාවී යන අපද්‍රව්‍ය එකතු කර නිසි පරිදි නැවත ප්‍රතිචක්‍රිකරණය කිරීමට මෙම පාලම වැනි දෙයක් යොදා ගන්නට ?බොහෝ දුරට ප්ලාස්ටික් මෙලෙස පැමිනෙන නිසා මේවා එකතු කර විකිනීමෙන් යම් මුදලක්ද සොයාගත හැකියි.\ඔය ප්ලාස්ටික් හොයාගෙන ගෙවල් ගානේ යන කෙනෙක්ට බොහොම ලේසි....(හේ)
හොඳ අදහසක් බණ්ඩාර. එවිට අපට නිදහසේ ප්ලාස්ටික් බෝතල් ආදිය ගඟට දමන්න පුළුවන්. (ර)