පකිස්ථානයේ හිටපු අගමැතිනි බෙනාසිර් භූතෝ ඝාතනයට සැකපිට පකිස්ථාන හිටපු ජනපති ජනරාල් පර්වේස් මුෂාරෆ් එරට ෆෙඩරල් පොලීසිය විසින් අද (25) අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු ඔහුගේම ගොවිපොළේ රඳවාගෙන සිටින අතර සිකුරාදා (24) රාවල්පින්ඩි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2007 වසරේ දෙසැම්බර් 27 වැනිදා රාවල්පින්ඩි නගරයේදී බෙනාසීර් භූතෝ ඝාතනය කැරුණේ ඡන්ද රැළියක් අතරතුරේදීය.
වසර ගණනක් පිටුවහල් වී සිටි මුෂාරෆ් ගිය වසරේ පාකිස්ථානයට පැමිණියේ 2013 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහාය.
ඔහු තෝරා ගත් ආසන හතරම එරට මැතිවරණ කොමිසම ඔහුට අහිමි කළේය.
ඔහු බලයේ සිටියදී පාකිස්ථාන අගවිනිසුරු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ සිට බෙනාසීර් බූතෝගේ ඝාතනය දක්වා නොනිමි චෝදනා ලැයිස්තුවක් ඔහු පසුපස හඹා ආවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනරාල් පර්වේස් මුෂාරෆ් කියන්නේ මම කැමතිම නායකයෙක්. එතුමන් පකිස්ථානයේ ජනපතිව සිටියා නම් පකිස්ථානයට මේ වගේ ගැටළු වලට මුහුණ දීමට වෙන එකක් නෑ. දැන් දැන් පකිස්ථානය යන්නේ අන්තවාදය දෙසට. අල්කයිඩා ත්‍රස්‌තවාදය රැකවරණය ලැබෙනවා. මේක ආසියාවටම තර්ජනයක්.(නදී)
මේගොල්ලන් හිතන්න පුරුදු වෙන්න ඕනේ බලය තිබෙන්නේ ටික කාලයකට කියලා. අලගිය තැන මුල ගිය තැන ඔයලා පොලිත් සමග ගන්න.(නදී)
ඔය නීති අපේ රටේ තිබුනානම් මෙලහකට හිටපු ඔක්කොම හිරේ. (නදී)
මෙයා කතා කියන්නේ නඩු කරය වගේ. අපේ අයට " ඔහුගේම ගොවිපොළේ" ඉඩ නෑ බබෝ.(නදී)
කාට උනත් වැරැද්දක් කලානම් අනිවාර්යෙන්ම නිසි දඬුවම් දෙන්නම ඕනා. හොඳ ක්‍රියාවක් අගය කල යුතුයි, අපේ රටවලටත් මේවා ආදර්ශයක් කරගත යුතුයි.(නදී)
රකිත්, යුද්ධ වලදී මිනුස්සු මැරෙනවා. තුවක්කුවෙන්ද, ගෑස් වලින්ද කියන එක නෙවේ ප්‍රශ්නේ. ඉස්කෝලේ මොකක්ද?(නදී)
රජකම් කලත් කළ කම් පල දෙනවා. සදාම් හුසේන්ට, ගඩාපිට අත් වුනෙත් ඒ ඉරණම තමයි. (නි)
අපේ රටේ අයට නම් බය නැතුව ඕනෑ දෙයක් කරන්න බලය දීලානේ තියෙන්නේ (නි)
ඇවිල්ලා කර ගත්තා මදැයි
දහස් ගණන් ජනයා අනේක දුක් විදිද්දී ඔහු සැපට සිටියේ කෙසේද? මෝඩයින්ට ඔහු වීරයෙකි (නි)
අනේ සමන් මල්ලි ,ඔයා අපේ රටට හොඳ නායකයා තෝරලා දෙන්නකෝ! අහක තියෙන පකිස්ථානයට ඔයාගේ බුද්ධිය යොදන්නේ නැතුව (නි)
දම්, ඔයාගේ කතාව 100% අපේ රටේ මෝඩයින්ට නම් හොදටම ගැලපෙනවා.(නදී)
රකිත්, සදාම් හුසේන් ඉන්නකොටත් ඉරාකයත් එක්ක අපේ රට හොඳට වෙළඳාම් කළා. රට ඉඳි, පෙට්‍රල් ලාබෙට අපට එහෙන් ලැබුනා. ඉරාක් වල කිසිම යුද්ධයක් තිබුනේ නැහැ. ලංකාවේ අය ගොඩාක් එහෙ වැඩත් කළා (නි)
තමන්ගේ කල් ඉකුත් වුනාට පස්සේ ඕනෑම රටක නායකයෙකුට මේ වගේ ඉරනම් අත් වෙන්ඩ පුළුවන් කියල උදාහරණ ලෝකය පුරහම තියෙනවා. (නදී)
රකිත්, ඒත් සදාම් හුසේන්ගේ පුතාලට අපේ රටේ පුතාලා කරපු දේවලින් බාගක්‍යක්වත් කරන්න බැරි වුනා. (නි)
පකිස්තානෙට විතරක් නෙමෙයි, මැද පෙරදිග එමිරේට්,සවුදි,බහරේන් වගේ හැම රටකටම අල්කයිඩා බලපෑම් තියනවා. ඇමරිකාවයි එහි තාක්ෂණයයි නැතිනම් මෙලාකටත් මේ සාමකාමී රටවල් අල්ලාගෙන. (නි)
බලාගෙන ගියාම පකිස්ථානේ ලංකාවට වැඩිය හොදයිනේ! (නි)
ඇමෙරිකාවට පාර කැපුවේ මුෂාරෆ් තමයි. ඔහු හොදයි කියලා කියන්න බැහැ. ජෝජ්ගේ බුෂ්ට් උදව් කළේ ඔහු තමයි. (නි)
අයියෝ සල්ලි
බලය නැති උනාම කාටත් ඔහොම වෙන බව අපේ කට්ටියත් තේරුම් නොගන්න එකයි ප්‍රශ්නේ බලය කියන එක සදාකාලික දෙයක් නොවන බව තේරුම් ගත යුතුයි.(නදී)
පාකිස්ථානය කියන්නේ රටක් නෙවෙයි අපායක්. ඒ කේ ඉන්න බහුතරයක් හොරු.(නදී)
රකිත්, ඔයා දන්නවද සදාම්ගේ මරණයෙන් පසු සහ ගඩාපිගේ මරණෙන් පසු එම රටවලට මොකද උනේ කියල? අන්තිමට එම රටවල් බෙදෙලත් ගියා. ඔහොම ගියොත් පකිස්තානෙට වෙන්නෙත් ඔය ටික තමයි . ඔයගොල්ලෝ හිටියොත් ලංකාවට වෙන්නෙත් ඕකමයි.(නදී)
ඇමෙරිකාවට පාර කැපුවානම් ඔහු හොද නායකයෙක්. ජය වේවා!(නදී)
කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.(නදී)
චින්තක, නිරායුධ අහිංසක තමන්ගේම රටේ පුරවැසියන් ඝාතනය කිරීම යුද්ධයක් නොව සාපරාධි ක්‍රියාවක්. යුද්ධයක් වුණත් කළ යුතු ආකාරය පිළිබඳව ලොව පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. අපේ ආරක්ෂක හමුදා අවුරුදු 30ක් කුරිරු ත්‍රස්තවාදීන් සමග කළ සටන් වලදී කවදාවත් රසායන අවි භාවිතා කළේ නැත. මේක තේරුම් ගන්න බැරිනම් මට අහන්න තියෙන්නේ ගියේ මොන ඉස්කෝලෙටද කියලා නෙමෙයි. ඇත්තටම ඉස්කෝලේ ගියාද කියලයි. (නි)
සෙන්තිල්, සදාම් හුසේන් කියන්නේ ප්‍රභාකරන් වගේ තම විරුද්ධවාදීන් විනාශ කරමින් ඒකාධිපති පාලනයක් ගෙන ගිය කෙනෙක්. ඇමෙරිකාව කරපු දේ හරි කියලා මම කියන්නේ නැහැ. නමුත්, මම කියන්න උත්සාහ කළේ වැරදි කළොත් එහි පලවිපාක කාට වුණත් ලැබෙන බවයි. (නි)
ආසියාව කියන්නේ අන්තිම වනචාරී කලාපයක්. ලංකාව, ඉන්දියාව පකිස්ථානය කියලා ලොකු වෙනසක් නැහැ. ලංකාවේ තාම බ්‍රිතාන්‍යයන් ගෙනාපු ශිස්ටාචාරය පොඩ්ඩක් ඉතිරිවෙලා තියෙනවා. ඒකයි වෙනස (නි)
අනේ චින්තක, ඔයා දන්නවද සදාම් හුසේන් කියන්නේ තමන්ගේම මිනිස්සු ගෑස් ගහලා ඝාතනය කරපු කෙනෙක් කියලා. එයාගේ පුතාලා දෙන්නා කරපු දේවල් දන්නවද? ඔයා වගේ වන්දිභට්ටයෝ ඉන්නකන් අපේ රට හැමදාමත් වලේ. (නි)