රුපියල් ලක්ෂ විසිපහක් වටිනා හෙරොයින් කුඩු රැගෙන පකිස්ථානයේ සිට මෙරටට පැමිණි පාකිස්ථාන ජාතිකයෙකු රේගු මත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු තිස් හතර වියේ පසුවන පකිස්ථානයේ කරච්චි නුවර පදිංචි පුද්ගලයෙකි.
ඔහු ගෙන ආ ගමන් මළු දෙකක හෙරොයින් ග්‍රෑම් 100 බැගින්ද, ඔහු පැළඳි සපත්තුවේ යටි පතුලේ තවත් හොරොයින් ග්‍රෑම් 100 ක්ද සගවා තිබු බව රේගුව කියයි.
අත් අඩංගුවට ගනු ලැබු හෙරොයින් වල බර ග්‍රෑම් තුන්සීයකි.
සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 184 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමින ඇත.
මොහු නිතර නිතර ශ්‍රී ලංකාවට යන එන අයෙකු බව කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධිකාරී එම්.ඩබ්ලිව්.ඒ.ටී.එම් රෂීක් සහ සහකාර රේගු අධිකාරී තනුෂ්ක විජේසුරිය යන නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන්ට එල්ලුම් ගහ අවශ්‍යව ඇත. (ස)
මෙහෙම එන අය නේද ලංකාවේදී සංචාරකයන් විදියට සලකන්නේ ? දඬුවම් දී මොවුන් අසාදු ලේඛන ගතකල යුතුයි.(නදී)
පාකිස්තානු කට්ටිය ටික ටික වැඩි වෙනවා. මේ මොකද වෙන්නේ? (නි)
ලංකාදීපයේ පුවත් සේවාව හරිම වේගවත්. (නි)
කුඩු ගේන පිටරැටියනුත් දැන් දැන් වැඩි වෙනවා නේද? (නි)
හලාල් කරලා ගෙනල්ලා තියෙන්නේ. (නි)
මොකද මේ පකිස්ථානුවන්ගේ ජාවාරම් ලංකාවටම සේන්දු වෙන්නේ? බය නැතුව මේවා රැගෙන එන්නේ රට ඇතුළේ බෙදා හරින්න පහසුකම් තියනවා කියලා හිතලාද? සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කියලා ඕනෑම කෙනෙකුට පහසුවෙන් වීසා ලැබෙන නිසා තමා මෙහෙම වෙන්නේ. (නි)
තව කොච්චර ගේන්න ඇද්ද නේද? (නි)
මෙරටට එන සෑම පාකිස්තානුවෙක්ම විශේෂ පරීක්ෂණයකට ලක් කරන්න. එයාලා හදන්නේ සිංහලයා නැති කරන්න කියලා මට හිතෙන්නේ.මත් කුඩු,ගබ්සා පෙති,වස මිශ්‍ර සුදුරු... තව කොච්චර ඇද්ද? (නි)
අනේ! මේ රටේ තියෙන්නේ සාමයේ ආගම නේද? (නි)
මේවට අපේ අයත් සම්බන්ධ ඇති. (ස)
ලංකාවේ ට්‍රැවල් වීසා වලින් ඇවිත් නතර වුන අය අල්ලන්න කව්රුත් නැහැනේ. (නදී)
හැමදාම අල්ලනවා කියලා විතරයි අහන්න ලැබෙන්නේ. (නි)
මිනිසුන් කරන නරක වැඩ වලට ආගම් පලි නෑ නේද? (ස)
ඔහුට නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. නමුත් ඔහුව අල්ලාගත් අය නම් ප්‍රවේශම් වුණොත් හොඳයි. (නි)
දුර සිටින හතුරන්ට වඩා ළඟ සිටින මිතුරන්ගෙන් ගැළවෙන එක බොහොම අමාරුයි (නි)
ඇඟිලි සළකුණු ගෙන නැවත ලංකා මාතා බැලීමට ඒම නතර කරන්න (නි)