රුපියල් ලක්ෂ විසිපහක් වටිනා හෙරොයින් කුඩු රැගෙන පකිස්ථානයේ සිට මෙරටට පැමිණි පාකිස්ථාන ජාතිකයෙකු රේගු මත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු තිස් හතර වියේ පසුවන පකිස්ථානයේ කරච්චි නුවර පදිංචි පුද්ගලයෙකි.
ඔහු ගෙන ආ ගමන් මළු දෙකක හෙරොයින් ග්‍රෑම් 100 බැගින්ද, ඔහු පැළඳි සපත්තුවේ යටි පතුලේ තවත් හොරොයින් ග්‍රෑම් 100 ක්ද සගවා තිබු බව රේගුව කියයි.
අත් අඩංගුවට ගනු ලැබු හෙරොයින් වල බර ග්‍රෑම් තුන්සීයකි.
සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 184 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමින ඇත.
මොහු නිතර නිතර ශ්‍රී ලංකාවට යන එන අයෙකු බව කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධිකාරී එම්.ඩබ්ලිව්.ඒ.ටී.එම් රෂීක් සහ සහකාර රේගු අධිකාරී තනුෂ්ක විජේසුරිය යන නිලධාරීහු සිදුකරති.
2025 දෙසැම්බර් මස 18
515
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පකිස්තානුවා ලක්ෂ 25 ක හෙරොයින් සමග අල්ලයි
නිරාන් - සෞදි Thursday, 03 April 2014 02:52 PM
ඉක්මන්ට එල්ලුම් ගහ අවශ්‍යව ඇත. (ස)
සමන්ති Friday, 04 April 2014 07:05 AM
මෙහෙම එන අය නේද ලංකාවේදී සංචාරකයන් විදියට සලකන්නේ ? දඬුවම් දී මොවුන් අසාදු ලේඛන ගතකල යුතුයි.(නදී)
සංජු Thursday, 03 April 2014 08:23 AM
පාකිස්තානු කට්ටිය ටික ටික වැඩි වෙනවා. මේ මොකද වෙන්නේ? (නි)
මහානාම Thursday, 03 April 2014 08:34 AM
ලංකාදීපයේ පුවත් සේවාව හරිම වේගවත්. (නි)
සලීම් Thursday, 03 April 2014 08:41 AM
කුඩු ගේන පිටරැටියනුත් දැන් දැන් වැඩි වෙනවා නේද? (නි)
එසල Thursday, 03 April 2014 08:41 AM
හලාල් කරලා ගෙනල්ලා තියෙන්නේ. (නි)
භානු Thursday, 03 April 2014 08:49 AM
මොකද මේ පකිස්ථානුවන්ගේ ජාවාරම් ලංකාවටම සේන්දු වෙන්නේ? බය නැතුව මේවා රැගෙන එන්නේ රට ඇතුළේ බෙදා හරින්න පහසුකම් තියනවා කියලා හිතලාද? සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කියලා ඕනෑම කෙනෙකුට පහසුවෙන් වීසා ලැබෙන නිසා තමා මෙහෙම වෙන්නේ. (නි)
සජී Thursday, 03 April 2014 08:58 AM
තව කොච්චර ගේන්න ඇද්ද නේද? (නි)
කුමාරි Thursday, 03 April 2014 09:13 AM
මෙරටට එන සෑම පාකිස්තානුවෙක්ම විශේෂ පරීක්ෂණයකට ලක් කරන්න. එයාලා හදන්නේ සිංහලයා නැති කරන්න කියලා මට හිතෙන්නේ.මත් කුඩු,ගබ්සා පෙති,වස මිශ්‍ර සුදුරු... තව කොච්චර ඇද්ද? (නි)
ගිලිමලේ Thursday, 03 April 2014 09:18 AM
අනේ! මේ රටේ තියෙන්නේ සාමයේ ආගම නේද? (නි)
අසංග Thursday, 03 April 2014 10:10 AM
මේවට අපේ අයත් සම්බන්ධ ඇති. (ස)
පුෂ්පකුමාර Thursday, 03 April 2014 10:27 AM
ලංකාවේ ට්‍රැවල් වීසා වලින් ඇවිත් නතර වුන අය අල්ලන්න කව්රුත් නැහැනේ. (නදී)
තිලක් Thursday, 03 April 2014 11:02 PM
හැමදාම අල්ලනවා කියලා විතරයි අහන්න ලැබෙන්නේ. (නි)
සිරිසේන Thursday, 03 April 2014 12:00 PM
මිනිසුන් කරන නරක වැඩ වලට ආගම් පලි නෑ නේද? (ස)
චානක. Thursday, 03 April 2014 12:22 PM
ඔහුට නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. නමුත් ඔහුව අල්ලාගත් අය නම් ප්‍රවේශම් වුණොත් හොඳයි. (නි)
සරත් Thursday, 03 April 2014 11:55 PM
දුර සිටින හතුරන්ට වඩා ළඟ සිටින මිතුරන්ගෙන් ගැළවෙන එක බොහොම අමාරුයි (නි)
රොෂාන් Friday, 04 April 2014 02:07 AM
ඇඟිලි සළකුණු ගෙන නැවත ලංකා මාතා බැලීමට ඒම නතර කරන්න (නි)