IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පාකිස්තානය හමුවේ තැන රැකගැනීමට ශී‍්‍ර ලංකාව අසීරු අභියෝගයක් අබියස

මේ වන විට එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ දෙවැනි ස්ථානය ලබා සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම, අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ සිය ස්ථානය රැක ගැනීමට නම් පාකිස්තානු පිලට එරෙහිව අද (11 වැනිදා) ආරම්භ වන එක්දින තරගාවලිය, අඩුම වශයෙන් 4-1 ක් ලෙසින් හෝ ජයගත යුතුය. ඊට අඩුවන  ඕනෑම තත්ත්වයක් යටතේ ශී‍්‍ර ලංකා පිල ශ්‍රේණිගත ලයිස්තුවේ පහළට වැටෙන අතර 3-2 ක් ලෙසින් තරගාවලිය ජයගැනීමට සමත් වූවත් ශී‍්‍ර ලංකා පිල පහළ ඇදවැටීම වළක්වා ගත නොහැකිය. එක්දින අන්තර්ජාතික කණ්ඩායම් අතරේ 6 වැනි ස්ථානය ලබා සිටින පාකිස්තානු පිලට එරෙහිව ශී‍්‍ර ලංකා පිල තරග කිරීම ඊට හේතුවයි. ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ  තරග පහම දිවා/රාතී‍්‍ර තරග වන අතර ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් පස්වරු 4.30 ට තරග ආරම්භ වේ. කෙසේ වෙතත් ලසිත් මාලිංග නැවතත් කණ්ඩායමට එක්වීම නිසා ශී‍්‍ර ලංකා පිල පන්දු යැවීමෙන් වඩාත් ශක්තිමත්ව සිටී. මේ වන විට ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගෙන සිටියද, එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව 8 වැනි ස්ථානය හිමිකරගෙන සිටින ලසිත් මාලිංග, යෝකර් පන්දු යැවීමෙන් පිතිකරුවන් මහත් අසීරුතාවට පත්කරන්නෙකි. ”අපේ පන්දු යැවීම ආරම්භයේදීම ලසිත්ගෙන් අපට විශාල ශක්තියක් ලැබෙනවා. අප වඩාත් හොඳ එක්දින කණ්ඩායමක් වී තිබෙන්නේ ඒ නිසා තමයි” යයි ශී‍්‍ර ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පවසයි.ඩිල්ෂාන් එසේ කීවත් නායකයකු වශයෙන් ඩිල්ෂාන් ජයගත් ටෙස්ට් හෝ එක්දින තරගාවලියක් නැත. ශී‍්‍ර ලංකා පිල සිය අවසන් තරගාවලි ජයග‍්‍රහණ සියල්ලම ලබාගත්තේ කුමාර් සංගක්කාර නායකත්වය දරන සමයේදීය. 35 හැවිරිදි ආරම්භක පිතිකරුවා පවසන්නේ ටෙස්ට් තරගාවලියේදී ලබාගත් හොඳ දේවල් තව දුරටත් ඉදිරියට ගෙන යා යුතු බවයි. ”ලසිත් මාලිංග සමග දිල්හාර ප‍්‍රනාන්දුත් සිටින නිසා අපේ පන්දු යැවීම පළපුරුද්දෙන් පොහොසත්. අපේ පිතිකරුවනුත් හොඳට කී‍්‍රඩා කරන නිසා මේ තරගාවලිය ජයගන්න අපට හොඳ අවස්ථාවක් තිබෙනවා” යයිද ඩිල්ෂාන් පවසයි. ටෙස්ට් තරගාවලිය 1-0 කින් ජයගැනීමට තම කණ්ඩායම සමත් වීම නිසා එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙතින් ප‍්‍රබල තර්ජනයක් එල්ල වේයයි පාකිස්තානු නායක මිස්බා උල්හක් පවසයි. ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයකදී ශී‍්‍ර ලංකා පිල පරාජය කිරීමට පාකිස්තානය සමත් වූ හෙයින් එම විශ්වාසනීයත්වයෙන් යුතුව තරගාවලිය ආරම්භ කරන බව පාකිස්තානු නායක මිස්බා උල් හක් පවසයි. ”ශී‍්‍ර ලංකාවට ඉතාමත් හොඳ එක්දින කණ්ඩායමක් සිටිනවා. අපට තරග කිරීමට සිදුවන්නේ හොඳ කණ්ඩායමක් එක්ක කියලා අපි දන්නවා””මා හිතන්නේ එහි ඇත්තේ 50 - 50 අවස්ථාවක් කියලයි. මොකද ඔවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබද්දී අපි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා” යයි මිස්බා උල් හක් පැවසීය. මේ වසර මැදදී එක්දින නායකත්වයෙන් ඉවත් කරන ලද සහීඞ් අෆ්රීඩි, ඊට විරෝධය පළ කරමින් කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව මිස්බා උල් හක් සියලූම ආකාරයේ කි‍්‍රකට් තරග සඳහා පාකිස්තානු නායකයා වශයෙන් පත් කරන ලදි. කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියේදී කඩුලූ 21 ක් දවාගනිමින් වැඩිම කඩුලූ ලාභියා වූ සහීඞ් අෆ්රීඩි කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමේ තීරණය වෙනස් කරමින් මෙම තරගාවලියේදී නැවතත් පාකිස්තානු පිලට එක්ව සිටී. මිස්බා පවසන පරිදි අෆ්රීඩිගේ ආගමනය පාකිස්තානු පිල ශක්තිමත් කරන්නකි. ”අෆ්රීඩි කියන්නේ ඉතාමත් හොඳ තුන් ඉරියව් කී‍්‍රඩකයෙක්. ඔහු කී‍්‍රඩා කරන සෑම අවස්ථාවකදීම ප‍්‍රතිවාදීන්ට තර්ජනයක්” යයි ලොව වේගවත්ම එක්දින ශතකය ලබාගත් අෆ්රීඩි ගැන මිස්බා උල් හක් පවසයි. අෆ්රීඩි 1997 දී ශී‍්‍ර ලංකා පිලට එරෙහිව පන්දු 37 කින් ශතකයක් ලබා ලෝක වාර්තාවක් පිහිටවූ අතර එය තවමත් නොබිඳී පවතී.කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී අසාර්ථක වීම නිසා පුහුණුකරු වකාර් යූනිස් සමග ගැටුණු අෆ්රීඩි නායකත්වයෙන් ඉවත් කරන ලද බැවින් මෙම තරගාවලියේදී නැවතත් දස්කම් අතරට පැමිණීමේ පීඩනයට පාකිස්තානු පිලේ හිටපු නායකයා නතු වී සිටී. ලසිත් මාලිංග  



අදහස් (0)

පාකිස්තානය හමුවේ තැන රැකගැනීමට ශී‍්‍ර ලංකාව අසීරු අභියෝගයක් අබියස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site