කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් එක්ව ගොඩනැංවූ ලකුණු 225 ක සම්බන්ධතාව නිසා පාකිස්තානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (3 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 278 ක් ලබා සිටියේය. තේ පානයෙන් අනතුරුව ලකුණු 42 ක් තුළදී කඩුලූ 4 ක බිඳ වැටීම නිසා පාකිස්තානු පිල නැවතත් තරගයට අවතීර්ණ වී සිටින අතර තරගයේ දිනයක් ඉතිරිව තිබියදී, පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අපහසුතාවෙන් ගැලවීම සඳහා ශී‍්‍ර ලංකා පිලට තවත් ලකුණු 74 ක් අවශ්‍ය වෙයි. ඒ සඳහා ඔවුන් සතුව ඇත්තේ කඩුලූ 5 ක් පමණි. ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ පාකිස්තානු පිලට වඩා තවමත් ලකුණු 273 ක් පසුපසින් සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව තරගය බේරගන්න සංගා.. ඊළගට ඔබේ ලකුණු දෙසීය කරා යන්න.. සුභ පැතුම්..!!
වැඩියෙන් පරිස්සම් වෙන්න ගිහින් මහෙලයි සමරවීරයි දෙන්නම ඉල්ලගෙන කෑවා
අපේ අයගේ තියෙන ලොකුම දුර්වලකම තමයි ඕනවට වටා පරිස්සම් වෙන්න යන එක . ඒ කරලත් ලකුණක්වත් නොගෙන අවුට් වෙනවා. තවම ඇයි ඒ වරදින් ගොඩඑන්න බැරි.
අපේ අයට අල්ල අල්ල ගහන්න බැහැ.. බය නැතිව ගහනවානම් කඩුලු වැටෙන්නෙත් නැහැ ළකුණුත් එනවා..
මම හිතන්නේ හරි විනිසුරුවෙක් නම් නියමිත පරිදි කණ්නාඩි පැළදිය යුතුයි. මෙයාලගේ හැම තීරණේම දෙන්නේ මහේලටම තමයි.
සංගාගේ හැකියාව සංගා විතරයි දන්නේ
නියමයි සංගා. ඔබට පුලුවන් 200 ගහන්න.
සංගා මුලින්ම 200 ගහලා පස්සේ අපි 400ටත් යමු
මුලින්ම සඟට සුබ පැතුම් / එත් කෝ අපේ කට්ටියගෙන් සහයෝගයක් සංගට . ගියපාරත් ඕකමයි උනේ මම නම් හිතන්නේ සමරවීර ගැන ටිකක් හිතන්න වෙයි දිනේෂ්ට අවස්ථාවක් දුන්නොත් නරකද .