
(විමුක්ති එස් රුද්‍රිගු)
පකිස්තානයේ කිබර් පක්ටුන්ක්වා පළාතේ බජෝර් දිස්ත්‍රික්කයේ අද(30) පැවති ජමියාත් උලෙමා ඉස්ලාම් ෆාසල් දේශපාලන පක්ෂයේ සමුළුවක් අතරතුර සිදු වූ පිපිරීමකින් 40 දෙනෙකු මියගොස් තවත් 200 දෙනෙකු තුවාල ලබා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.
එම පක්ෂයේ සාමාජිකයන් 400 දෙනකු පමණ පිපිරීම සිදු වූ අවස්ථාවේ සමුළුවට සහභාගී වෙමින් සිට ඇති බව පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කර ඇත.
පිපිරීම හේතුවෙන් බරපතල තුවාල ලැබූවන් ගුවන් මගීන් කිබර් පක්ටුන්ක්වා පළාතේ අග නගරය වූ පේෂාවර් හි රෝහල් වෙත රැගෙන ගිය බව පාකිස්තාන බලධාරීන් පවසා තිබේ.
පිපිරිම හේතුවෙන් ජමියාත් උලෙමා ඉස්ලාම් ෆාසල් පක්ෂයේ ප්‍රාදේශීය නායකයකු වූ මවුලානා සියවුල්ලා ද මිය ගිය බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
මියගිය සංඛ්‍යාව සහ තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව පාකිස්තාන බලධාරීන් පවසා තිබේ.
බජෝර් දිස්ත්‍රික්කයේ ඇෆ්ගනිස්තානයේ දේශ සීමාවට කිලෝ මීටර් 35 දුරින් මෙම සමුළුව පවත්වා ඇත. ප්‍රහාරයේ වගකීම කිසිඳු කණ්ඩායමක් අද(30) රාත්‍රිය වන තෙක් භාරගෙන නොතිබිණ.
පිපිරීම සිදුවන අවස්ථාවේ පක්ෂ සාමාජිකයන් දේශනයකට සවන් දෙමින් සිටි බව දිවි ගලවා ගත් අයෙකු පොලිසියට සාක්ෂි දෙමින් පවසා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය පාකිස්තානයට අමුතු දෙයක් නොවේ... එදිනෙදා වෙන දෙයක්...