ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඩුබායිහිදී ඊයේ (14) පැවැති සිවුවැනි තරගයෙන් ලකුණු 26 ක ජයක් ලැබූ පාකිස්තානු ක‍්‍රීඩකයෝ 3-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට ඒමට සමත් වූහ. ලකුණු 201 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 174 කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත් වූහ. සහිඞ් අෆ්රිඩි විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 35 කට කඩුලූ පහක් දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග‍්‍රහණය, පාකිස්තානය වෙතට නතු කර ගත්තේය. පාකිස්තානය ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 200 (මොහොමඞ් හසීෆ් 27, සහිඞ් අෆ්රිඩි 75, සයිඞ් අජ්මාල් 20, දිල්හාර ප‍්‍රනාන්දු 26/3, ජීවන් මෙන්ඩිස් 40/2, සීකුගේ ප‍්‍රසන්න 55/2) ශ්‍රී ලංකාව ඕවර 45.2 කදී සියලූ දෙනා දැවී 174 (උපුල් තරංග 16, කුමාර් සංගක්කාර 58, මහේල ජයවර්ධන 55, අයිෂාෂ් චීමා 48/2, සහිඞ් අෆ්රිඩි 35/5, සයිඞ් අජ්මාල් 29/2)
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් කරන්න තියෙන්නේ මේකත් අපි පරාද වුණේ නෑ කියලා ලංකාවට එන්න. මොකද අපිට හැම දේම සතියයි නේද මතක. ඒක නිසා ප්‍රශ්නයක් නෑ
අනේ මේ ගහන්නේ ක්‍රිකට්ද.
අයියෝ ලංකාවේ ක්‍රිකට් වලට ගිය කල. දේශපාලකයෝ තමයි මේ විදියට ලංකාවේ ක්‍රිකට් විනාශ කළේ
මෙයාලට අයි.පී.එල්. කිව්වනම් හොදට ගහයි නේද?
රටට හරි ආඩම්බරයක් මේ වගේ ක්රීඩකයෝ
ලොකු වෙනසක් ඕනෑ
ඇයි මේ මොනාද මෙයාලට වෙලා තියෙන්නේ???
අපිනම් දැන් මැච් බලන්නෙත් නෑ... ජානප්‍රියම ක්‍රීඩාව දැන් නම් අප්පිරියම වෙලා... හොදට සෙල්ලම් කරන ඕනම රටකට අපි අත්පුඩි ගහනවා කවුරු දිනුවත් පැරදුනත්