ශ්රී ලංකාවේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා ගත් බව කියන උපාධි සහතිකයක් සහතික කර ගැනීම සඳහා විදේශ අමාත්‍යංශයේ කොංසියුලර් අංශයට ඉදිරිපත් කළ පකිස්තාන සිසුවකු ව්‍යාජ සහතිකයක් ඉදිරිපත් කළ බව අධිකරණයේ දී පිළිගත්තේය.
උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසා ඇත්තේ එවැනි සහතික නිකුත් නොකරන බවයි.
රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හළ කරච්චියේ මොහොමඩ් නවීන් රටින් පිටවීම වලක්වන ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ආගමන විගමන පාලකට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් දෙන බවට නිකුත්කරන හොර ප්‍රමාණ ශාමීක්ෂක (QS) උපාධියකුත් තියෙනවා (අ)
හොර ආචාර්ය උපාධියක් විදේශ රටකින් ලබා ගත්ත ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඇමති කෙනෙකුගේ නමත් බය නැතුව මීට ඈඳන්න පුළුවන්. (දී)
ලංකාවට ඇවිල්ලා හොර වැඩක් හරියට කරගන්න බැහැයි කියන්නේ මේ මනුස්සයා උපාධි සහතිකයකට කොහෙත්ම වටින්නේ නැහැ.(අ)
කරච්චියේ සදර් මාර්කට් එකෙන් සුළු ගානකට ලෝකයේ ඕනෑම උපාධියක් ගන්න පුළුවන්කම තියෙද්දී මේ ළමයා මෙහෙ ඇවිල්ලා කර ගත්ත දේ.(අ)
ලන්ඩනයේ විසා ගන්න හොර සහතික ඉදිරි පත් කරපු නීතීඥ වරයෙක් එරටින් පන්නා දැමුවා. එයා ව්ශාල මුදලකට ගෙවල් කීපයක්ම අරගෙන බොරැල්ලට කිට්ටු තැනක ඉදගෙන ආයෙත් ඔය රස්සාවම ජයටම කරගෙන යනවලු. මහත්තයාව ලන්ඩන් විසා කාර්යාලයෙන් ඒ රටට එන්න තහනම් කරලලු. එයා බැංකු වල මුදල් පෙන්නන්න, හොර උපාධි සහතික මුදලට අරගෙන දෙන්න වගේ ව්ශ්ව කරුම වැඩ කරන අයෙකු බව සමහර අය කියනවා. (නදී) ලන්ඩනයේ ඉන්න නෝනා වෙන්වෙලා කියලා කන්තෝරුවක් දමාගෙන පරණපුරුදු හොර ජාවාරම කරගෙන යනවලු.(නදී) laa
හොර වැඩ වලට ජාති බේද නැහැ. ලංකාවේ ජෝඩුවක් ඉන්නවා ඔස්ට්‍රලියාවේ කැන්බරා නුවර කිසිම උපාදියක් හෝ වෘත්තීය සුදුසු කමක් නැතිව ස්ථිර පුරවැසි භාවය අරගත්තේ. දන්නා කෙනෙක් කිව්වේ අලෙවිකරණ උපාදියක් කියල හොර සහතිකයක් පෙන්නලා කියලා. නම් ගම සඳහන් කරන්න නොහැකි නමුත් මේ ඇත්තයි.(නදී)
මේ අල්ලා ගත්තු එක්කෙනෙක් විතරයි. කොළඹ අවට ඕනා තරම් ඉන්දියන් උපාධි, පකිස්ථාන් උපාධි රුපියල් 2000ට ගන්න පුලුවන්.(නදී)
බොලේ දැන් ලංකාවත් හරියට පාකිස්තානේ පළාතක් වගේ වෙලානේ.... හැමදාම ඇහෙන්නේ පාකිස්තානේ ගැනමනේ.... මොනවයෙන් මොනවා වෙලා නතරවෙවිද දන්නේ මෙදාපාර. (අ)
පකිස්තාන් නම අපේ රටේ ගොඩක් කියවෙනවා මේ දවස්වල! (දී)
මේ කාරනාවට ආගමික කතා ගාව ගන්න නම් එපා (දී)
මේවාට සමාජ ප්‍රශ්නත් බලපානවා (දී)
බය නැද්ද මේවා කරන්න (දී)
පිටරට ගිහිල්ලා උපාධි ගන්න ගොදාක්කට්ටිය කරන්නේ ඕක තමයි (දී)
පකිස්ථාන රටේ රුපියල් දෙකක් දුන්නාම ඕවගේ වැඩ කරගන්න පුළුවන් (අ)
අපේ අය වගේම තමා (අ)