IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනයෙන් රජයට රතු එළියක්

(විමුක්ති එස් රුද්‍රිගු)

බන්ධනාගාරගත කර ඇති හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ව එළඹෙන 30 වැනිදාට ප්‍රථම නිදහස් කරන ලෙස පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය එරට රජයට අවසන් නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බංග්ලාදේශයේ "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාරය සාර්ථකව එරට රජය පෙරළා දැමීමත් සමග පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය සිටින තරුණයන්ටද වෙනසක් ඇති කළ හැකි බවට හැඟීමක් ඇතිව තිබෙන බව පෙනෙන්නට ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

තම ඉල්ලීමට ඇහුම්කන් නොදුනහොත් රටපුරා විරෝධතා පැවැත්වෙනු ඇති බවත් ඉන් පකිස්තානයේ වත්මන් දේශපාලන තත්වය නරක අතට හැරෙනු ඇති බවත් පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය ප්‍රකාශ කළේය.

එසේම මේ වනවිට ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයද ඉම්රාන් ඛාන්ව නිදහස් නොකළහොත් දැවැන්ත විරෝධතාවක් මෙම මස අවසානයේදී ඉස්ලාමාබාද් නගරයේදී පවත්වන බව නිවේදනය කර ඇත.

 



අදහස් (4)

පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනයෙන් රජයට රතු එළියක්

ජයනාත් Saturday, 10 August 2024 12:32 PM

මේ වගේ අවස්ථා වලදී අරගල කරුවන්ට දොස් තියන එක වැරැදියි. හොඳටම බැලුවාම තේරෙනවා මේ හැම විටදී එයාලා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ රටේ නීතිය සාධාරණය, යුක්තිය නැති වෙලාවක. පවත්නා රජය හිතුමතේ ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කිරීම නිසයි එහෙම වෙලා තියෙන්නේ...

:       24       144

කර්නර් Saturday, 10 August 2024 12:55 PM

අරගල අප්පොච්චිලා අවශ්‍ය නම් කියන්න.

:       56       65

Hiran Saturday, 10 August 2024 03:33 PM

අපේ රටේ ඉන්න කාලකණ්ණි ජෙප්පන් ටිකත් නොමිලේ එවන්නම්...!

:       66       25

Ruwan De Silva Sunday, 11 August 2024 09:28 AM

මේ ලංකාවේ මිත්‍යාදෘෂ්ටියන්ට අනුව ඇමරිකානු විප්ලවය, ප්‍රංශ විප්ලවය එහෙමත් කරලා තියෙන්නේ JVP එකලු. එහෙනම් ඒ රටවල් ලෝක බලවතුන් වුනෙත් JVP එකට පිං සිද්ද වෙන්න නම්. ඇයි ලංකාවේ JVP ආණ්ඩුවක් හදන්න දෙන්නේ නැත්තේ?

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site