
(විමුක්ති එස් රුද්‍රිගු)
බන්ධනාගාරගත කර ඇති හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ව එළඹෙන 30 වැනිදාට ප්‍රථම නිදහස් කරන ලෙස පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය එරට රජයට අවසන් නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බංග්ලාදේශයේ "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාරය සාර්ථකව එරට රජය පෙරළා දැමීමත් සමග පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය සිටින තරුණයන්ටද වෙනසක් ඇති කළ හැකි බවට හැඟීමක් ඇතිව තිබෙන බව පෙනෙන්නට ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
තම ඉල්ලීමට ඇහුම්කන් නොදුනහොත් රටපුරා විරෝධතා පැවැත්වෙනු ඇති බවත් ඉන් පකිස්තානයේ වත්මන් දේශපාලන තත්වය නරක අතට හැරෙනු ඇති බවත් පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය ප්‍රකාශ කළේය.
එසේම මේ වනවිට ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයද ඉම්රාන් ඛාන්ව නිදහස් නොකළහොත් දැවැන්ත විරෝධතාවක් මෙම මස අවසානයේදී ඉස්ලාමාබාද් නගරයේදී පවත්වන බව නිවේදනය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අවස්ථා වලදී අරගල කරුවන්ට දොස් තියන එක වැරැදියි. හොඳටම බැලුවාම තේරෙනවා මේ හැම විටදී එයාලා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ රටේ නීතිය සාධාරණය, යුක්තිය නැති වෙලාවක. පවත්නා රජය හිතුමතේ ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කිරීම නිසයි එහෙම වෙලා තියෙන්නේ...
අරගල අප්පොච්චිලා අවශ්‍ය නම් කියන්න.
අපේ රටේ ඉන්න කාලකණ්ණි ජෙප්පන් ටිකත් නොමිලේ එවන්නම්...!
මේ ලංකාවේ මිත්‍යාදෘෂ්ටියන්ට අනුව ඇමරිකානු විප්ලවය, ප්‍රංශ විප්ලවය එහෙමත් කරලා තියෙන්නේ JVP එකලු. එහෙනම් ඒ රටවල් ලෝක බලවතුන් වුනෙත් JVP එකට පිං සිද්ද වෙන්න නම්. ඇයි ලංකාවේ JVP ආණ්ඩුවක් හදන්න දෙන්නේ නැත්තේ?