ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව පකිස්තාන අගමැති මෙරටට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
දෙදිනක් දිවයිනේ රැදී සිටින නවාස් ෂරීෆ් මහතා ලබන 05 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ජා පැවැත්වීමට නියමිතය. එහිදී පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර දේශපාලන, ආර්ථික,වෙළඳ හා සංස්කෘතික කරුණු ගැන දෙරටේ රාජ්‍ය නායකයින් කරුණු සාකච්ඡා කරනු ඇත.
පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් සිදු කරන පකිස්තාන අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේදී දෙරට අතර ගිවිසුම් දහයකට අත්සන් තැබීමට නියමිත බව ද වාර්තාවේ.
නව වසරේ දී ලෝක නායකයින් හා දේශපාලනඥයින් රැසක් නිල සංචාරයන් සඳහා එළැඹෙන ජනවාරි මාසයේදි දිවයිනට පැමිණෙන අතර එම මාසයේදී නවසීලන්ත අගමැති ජෝන් කී, බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්, ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ්, නෝර්වේ විදේශ අමාත්‍ය බෝර්ජි බ්‍රෙන්ඩේ යන මහත්ම මහත්මීන් වෙති.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පකිස්තාන අගමැති අනිද්දා දිවයිනට
සිරි Friday, 01 January 2016 09:28 PM
හෙට අනිද්දා වෙනකොට තවත් අය එයි (නි)
විරාජ් ඒකනායක Friday, 01 January 2016 11:43 AM
මහත්තයෝ ආපහු යනකොට හමුදා නායකයා රට අල්ලලා තියෙයිද (කෞ)