එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා එහි මන්ත්‍රීවරු ද, ප්‍රාදේශීය නායකයෝ ද ආනමඩුවේ සහ හලාවත සැරිසැරූහ.
ඇතැමෙක් පාපැදිවලින් ගියහ.
ඇතැමෙක් ගොම් බැඳි කරත්තවලින් ගියහ.
එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා එහි මන්ත්‍රීවරු ද, ප්‍රාදේශීය නායකයෝ ද ආනමඩුවේ සහ හලාවත සැරිසැරූහ.
ඇතැමෙක් පාපැදිවලින් ගියහ.
ඇතැමෙක් ගොම් බැඳි කරත්තවලින් ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් බාල වැඩ නොකර අද සමාජයට ගැලපෙන දේශපාලන ක්‍රමයක් හදුන්වල දෙනකන් මේ පක්ෂය ගොඩ ගන්න වෙන්නේ නැහැ. (ස)
ආයුබෝවන්ඩ මොකද මේ අරුමක්කේ?ගොන් කරත්තයකින්ම?කෝ අර ප්‍රාඩෝ? (නි)
ඔබේ නායකයා ට ජනතාවට එම ආණ්ඩුවකින් කරන සේවය ගැන පැහැදිලි ප්‍රකාශයක් කරන්න කියන්න. පක්ෂයේ තරුණ කොටස් වලට තැනක් මීට වැඩියෙන් දෙන්න. ජනතාව ඔවුන් සමග නැගිටියි. (නි)
මහජනයා රවට්ටන්න එපා. ඔය කවුරුත් බලයට ආවට පස්සේ කොහොමද කියලා රටම දන්නවා. (ස)
මේ ගොන් සහ කරත්ත තීරු බදු රහිත මිලටද ගත්තේ. (ස)
තමන්ගේ මන්ත්‍රීකමට නොමිලේ ඉන්ධනත් සමග ලැබුන සැප වාහන ගෙදර තියලා, අනුන්ගෙන් ඉල්ලගත්තු බයිසිකලුයි ගොන් කරත්තයි අරගෙන මොනවද මේ කරන විකාර? ඕව හොඳයි අවුරුදු උත්සවයක විකට ජවනිකා තරඟයකට. විපක්ෂයක් කියලා ඉතිරිවෙලා තියෙන පොල්කුඩු ටික හරි වැළලිලා යනවා මේ වැඩවලින්. පක්ෂයක් ශක්තිමත් වෙන්නේ සාමාජිකයන්ගෙන්. පක්ෂේ ඉන්න අයට ඔවුන් බඳවාගැනීම භාරධූර කටයුත්තක් හැටියට නොපෙනේ නම් එය මෙවැනි විකට ජවනිකාවක් ලෙස ගැනේ නම් පක්ෂය ගැන කුමන කතාද? (නි)
මෙවැනි දේවල් වලින් ප්‍රගතියක් ලැබේද ? (ස)
දොස්තරත් කිව්වාලු නේ ව්‍යායාම් කොරන්න කියලා. (නි)
මේ ගමන්ම සත්තු වත්ත පැත්තට යවමුද? (නි)
මේවා පුහු වැඩ. විපක්ෂෙ විදිහට පලක් ඇති දෙයක් කරන්න නාඩගම් නටන්නේ නැතුව.(ස)
මෙයාලා මොකද මේ සිල්ලර වැඩ කරන්නේ අයියෝ..(ස)
නූගතුන්ගේ දේශපාලනය ! අපේ රටේ ප්‍රමිතියක් ඇතිවන්නේ කවදාද දෙවියනේ?(ස)
වලන් බිඳලා හෝන් ගහලා කරත්තෙන් තව ගොඩක් දුර යන්න වෙයි රාජ්‍ය බලය පේන තෙක් මානයකටවත් යන්න.(ස)
නඩත්තු කරන්නත් බැරි තරමට පක්ෂයේ අරමුදල් බංකොලොත් වෙලා නිසාද මේ කරත්තවලින් යන්නේ? (නි)
කරත්තේ බදින්න ඕනෑ කවුද කියලා මට මෙතන කියන්න බැහැ. (නි)
අපේ ගොනා අපිට හොදා... (නි)
දෙවෙනි පින්තුරේ ඉස්සරහින්ම ඉන්නේ පක්ෂේ නායකයා වෙන්න ඇති නේද?(නදී)
කවදා මේ රටට බුද්දිමත් දේශපාලකයෝ පහලවෙයිද? අපේ රට දවසින් දවස ප්‍රපාතයට යන හැටි! (ස)
මේවා කළා කියලා හරියයිද
අපේ සජිත් මහත්තයා අවොත් අපි සේරම ගොඩ. පේමදාස මහත්තයා දෙවියෙක් දුප්පත් අපිට.සජිත් මහත්තත් ඒ මග තමයි එන්නේ. (නි)
කරත්තේ බඳින ,ගොනාටත් අගෞරව කරනවා ,මේ අය (ස)
දැන් රට එකම නාඩගම් මඩුවක් වෙලා. (ස)
ගොනාට ඔලුවක් තියෙනවා අද ඉන්න සමහර දේශපාලුවන්ට වඩා. (නි)
මෝඩ වැඩ
මට පොටෝ එක පැහැදිලි මදි ,කරත්තයේ අය හරියටම ඉන්නවා නේද ස්ථානගත වෙලා? (නි)
වැඩේ නම් ඉතාමත් වැදගත්.නමුත් එයට ප්‍රථම පක්ෂයේ ඉන්න අයගේ එක්සත්කමක් තියෙන්න ඕනෑ. (නි)
පක්ෂය 21 වන සියවසට (න) තර කරන්න එජාපය කරත්තෙන්, සයිකලෙන් යයි (නි)
කාගේද ගොන් වස්සා, ආණ්ඩු පක්ෂෙට පැනගත්තා, හොඳ ගානක් උස්සා, ඇමතිකමකුත් ගත්තා. (නදී)
මේවා කිරීමෙන් පක්ෂය විහලුවක් බවට පත්වෙනවා.මේ ක්‍රම බොහොම පරණ ක්‍රම.දැන් කාලයට මේවා ඔබින්නේ නැ.මේක හරියට අර "අපි මොනවා හරි කොරන්න ඕනෑ" යන මතය උඩ කරන වැඩ. (නි)
කොහොම වුණත් මේ ඔක්කොම විකාර. ඡන්ද දායකයා තාම අමු මෝඩයි. මොලේ පෑදිච්ච දවසට මේ ගොල්ලන්ට ඕවා දාලා දුවන්න තමා වෙන්නෙ. (නි)
මේ සත්තුත් පක්ෂයටම අයිති උන්ද? (නි)
ඔහොම නම් ඔයාලට ගොඩඑන්න අමාරුයි (නි)
ඇයි මේක මිට වැඩිය පිළිවෙළකට කරන්න බැරි? (නි)
ඕවා වැඩක් නැති වැඩ. රටේ මිනිස්සුන්ගේ ඉස්සර තිබුණු විශ්වාස දැන් නැහැ. ඔබතුමාලා කරත්ත වලින් නෙමෙයි බඩගාගෙන ගියත් ඔයාලගේ අහවලා ඉන්නකන් හීන තමා දකින්න වෙන්නේ (නි)
ගවයෙකුගෙන් වෙන සේවය තරම්වත් සේවයක් අද අපේ දේශපාලඥයින්ගෙන් රටට වෙන්නෙ නැහැ. ඌ කන්නේ තණකොළ වුණත් එයාලා කන්නේ රට (නි)
මේ දන්නේ නැති නිසා අහන්නේ,කරත්තේ ඇදගෙන යනකෙනත් ඔයාලගේම පක්ෂයට සම්බන්ධ කෙනෙක්ද? (නි)
වසර 65 කට ආසන්න ඉතිහාසයක් ඇති එජාපය මේ වනවිට සිය දේශපාලන දිවියේ ගැඹුරුතම අර්බුදයට මුහුන පා ඇති බව නොරහසකි. 1994 සිට 2011 දක්වා එන දාහත් වසර තුල එක් වතාවකදී හැර පැවති සෑම ඡන්දයකින් ම එජාපය පරාජය වී ඇත. මෙම දීර්ඝ කාලීන පසුබෑම තුළ එම පක්ෂයේම වාර්තා අනුව ප‍්‍රධාන පෙළේ නායකයින් 88 දෙනෙකු පක්ෂය හැරගොස් ඇති අතර තවත් බොහෝ ප‍්‍රාදේශීය මට්ටමේ නායකයින් ද අහිමි වී ඇත. කැපුවත් කොළ පාට යැයි කියනු ලැබූ එජාප පාක්ෂිකයින් ද ගුජුප්සාවට පත්ව ජන්ද පොලක පස් නොපාගන තත්වයට පත්ව ඇත. (නි)
සිහින නිරන්තරව අපවටා භ්‍රමනය වුවද මෙලොව කළහැකි සහ කළ නොහැකි දෑ සියල්ල එකී ෆැන්ටසිය තුල අඩංගුය. මේ සරල සත්‍ය රනිල් වික්‍රමසිංහ වටහා ගත යුතුව ඇත. රජ වී නම් රනිල්ට ගේම දිය හැක, නොහැක්කේ රජ වීමය... (නි)
බැරි වෙලාවත් රෙදි මිල ඉහල ගිහින් තිබුනා නම් , රෙදි නැතිව යාවි නේද ? (නි)
සරත්, ඔයා කියන කෙනාටත් දීලා බලමු (නි)
අපේ පක්ෂය
දෙන්නම් මගේ මැණිකා -ගෙදර ගිහින් පැණි වරකා .....ඒ ඉස්සර. දැන් කියන්නේ බොරු ගුලි පැණි වරකා -මොකටද ගොන් හරකා කියලයි. (නි)
රටක් හරියට ගෙනියන්න නම් ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුයි. ලංකාවේ එහෙම දෙයක් පෙනෙන මානයක නැහැ.ඔය මහත්තුරු දැන් කරත්ත වලින් ගියාට පස්සේ යන වාහන මොනවද කියලා අපේ රටේ මිනිස්සු දන්නවා. (නි)
අන්න එනවෝ. ජඃ හරකා ජඃ.... ජඃ..ජඃ...කෝ අහන්නේ නෑ නේ..... (නි)
බැසයන ආර්ථික සමාජීය දේශපාලනය තුල නැගීඑන විප්ලවීය යුගයක් සමානුපාතික සංවර්ධිත කෘෂිකාර්මික ජීවන රටාවක් ඇතිකර ගොවීයා සවියේ දෙවියා වේ යන සංකල්පය යටතේ රට සංවර්ධනය කිරීමට මෙම ගෙන යන්නාවු වැඩ පිලිවෙළ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වීම රටතුල ජනතාව ලැබුවා වු ජයග්‍රහනයේ සංකේතයක්ම වන්නේය. (නි)
ඔයාලගේ පක්ෂයේ උදවිය කටයුතු කරන්නේ හරියට මොන්ටිසෝරි ළමයි වගේ.ඔයාල නිතරම කියන්නේ ආණ්ඩුව පෙරලනවා කියලනේ, නමුත් ඡන්දයක් තිබ්බම පේනවා ඔයාලගේ බලය. ඔයාල බොරුවට දැගලුවට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ. මහජනතාවට යම්කිසි සේවයක් කරලා ඡන්දෙකට යන්න. එතකොට ඔයාලා ගැනත් සලකලා බලයි. (නි)
එතකොට ගොන්නුන්ට අරගෙන තියෙන්නෙත් දන්න කියන කට්ටියක්ද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
තවත් දවසක තවත් ගෝලබාලයෙක් ඉබ්බගෙ පිටෙත් යන්න තෝරා ගනීවී පක්ෂය ඉදිරියට යනවද බලන්න. අනේ මෙහෙමත් නාටක! (නි)
මේවා විහිලු වැඩ. මෙහෙම දේවල් කරන්න තමයි මෙයාලා දන්නෙ. (නි)
මේ පක්ෂයට කරත්ත ටිකක් ලබාදුන්නා නම් මැනවි. බදින්න අය ඕනෑ තරම් ඉන්නේ (නි)
බොරු වැඩ කරන්ඩ එපා ,ඕන ශක්තිමත් දේසපාලන වැඩ පිළිවෙලක්. (නි)
දැන් එහෙනම් අඩු කරයි
දෙගොල්ල මාරුවෙලා පොඩි වැරදීමක් වගේ. (නි)
මෙවැනි ප්‍රාථමික වැඩවලින් රටට හෝ ජනතාවට සේවයක් නොවේ. පැමිණෙන්නේ පාපැදියකින්ද ගොන් කරත්තයකින්ද යන්නට වඩා වැදගත් වන්නේ මොවුන්ගේ ප්‍රතිපත්ති සහ දර්ශනයයි.ජනතාවට විහිලු සැපයීමට අහිංසක සත්වයකුට හිංසාකිරිම කොහෙත්ම අනුමත නොකරමි. (නි)
අපේ පක්ෂය තර කරන්න සහය දෙමු