මහින්ද රාජපක්ෂ මහතා අප පක්ෂයේ සලකුණ බවත් මේ පක්ෂය ජනතාව තුළින් හැදෙන අතර එය අලුතින් සෑදිය යුතු නැති බවත් හැදෙන ගසට තමන් ජලය ටිකක් දමන බවත් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද (25) බදුල්ලේදී පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිත සංසදයේ නව ජාතික බලවේගය ගොඩනැගීමේ විශේෂ සාකච්ඡාව බදුල්ලේ පැවැති අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ ඔහු එසේ කීවේය.
‘අපි මේ රටේ අවශ්‍යතාවය ඉටුකරමින් යන්නේ. අනුරාධපුරෙන් පටන්ගෙන අපි පුත්තලම, මහනුවර, රත්නපුර, අද බදුල්ලට ආවා. හෙට අනිද්දා ගාල්ලට යනවා. මට විරුද්ධව හැමදාම නොයෙක් දේවල් කියනවා. අධිකරණයේ නඩු ඇති නිසා ඒ ගැන කථා කරන්නේ නෑ. වැඩි විස්තර දැනගන්න පත්තර බලන්න. පරණ පත්තර නොවේ අලුත් පත්තර බලන්න.‘ යැයි ද රාජපක්ෂ මහතා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කියන තැනකට වඳින්නම්. ඔබතුමා ඇමරිකාවට ගිහින් එහෙ ඕනෑ එකක් කරගන්න. ශ්‍රී.ල.නි.ප. ය දෙකට තුනට කඩන්න තමයි තමුන්නාන්සේ හදන්නේ. තමුන්නාන්සේ ඒ පක්ෂයට හෝ අපේ රටට හෝ කිසිම ආදරයක් තියන කෙනෙක් නොවෙයි කියලා රටේ ජනතාව හොඳට තේරුම් අරගනයි ඉන්නේ. (නි)
හොදට හැදුනු ගහේ මුල් කපලා දැන් වතුර දැම්මට අයේ පැල වෙන්නේ නැ. (අ)
ලැජ්ජාවක් නැතුව ජනතාව ඉදිරියට එන එකයි පුදුමේ. වටකරගෙන ඉන්න අය ගැන ඊටත් වඩා ලැජ්ජා වියයුතුය. (නි)
මහින්ද දිනන්න ඕනෑ නම් බැසිල් දේශපාලනයෙන් සමුගන්න. ඔයාලා තමයි මහින්ද මහත්තයව විනාශ කළේ. (නි)
රටටම එපාවුණ මේ අය ඈත් කරලා තියන්න මහින්ද මහතා උනන්දු නොවෙන හැටි? (නි)
මෙයාලා නුවරඑළියේ පැත්තේ මහා ගහක් මුල තමා හිටියේ. නමුත් එය අකාලයේ මියගිය නිසා මෙයාලට යන එන මං නැතිවුණා විතරක් නොව ඒ හෙවණ දුන් මහා වෘක්ෂයට කළගුණ නොසළකපු මිනිසුන් අතර එක අයෙකුත් වුණා (නි)
මෙයාලා ගත්තොත් අලුත් පක්ෂයත් කපෝති තමයි (නි)
අනේ මොකටද ඉතින් මගේ කට! (නි)
අපි කොහොමත් පරණ පත්තර බලන්නෙ නැහැ මහත්තයෝ (නි)
මහින්ද මහත්තයාව ආයෙත් අමාරුවේ දාන්නද හදන්නේ? (නි)
මහින්ද මහත්තයා යන ගමනක් තනියම යන්න. මෙයාලත් එක්ක ගියොත් ඔයාට ඇපත් නැහැ (නි)
ඔව් ඉතින් මහින්ද මහත්තයා නැත්නම් ඔය පක්ෂෙට ඇපත් නැහැ (නි)
මේ නව පක්ෂයට තාම නමක් දාලා නැද්ද? (නි)
ඒ කියන්නේ මෙයාල අලුත් පත්තරයක් පටන් ගන්න වගේ හදන්නේ (බ)
ඔබතුමා වගේ අය එල්ලුනේ නැත්නම් අදත් මහින්ද මහත්තයා නිවැරදි කෙනෙක් (බ)
මේ සටනට ඔබ තුමා නාවොත් ජය නියතයි (බ)
කොහොමත් පරණ පත්තරවල ඔයාගෙ වැඩ තිබ්බේ නැහැ. අපි ඒවා දැක්කෙ අලුත් පත්තරවල විතරයි. මහින්ද මහත්තයාට යුද්දෙ ඉවරකළ නිසා තාමත් ගෞරවයක් තිබුනද ඔබ වැනි අයකුට කිසිම ගෞරවයක් නැත. (බ)
මෙයා ඉන්නකන් මහින්දට දිනන්න බැහැ (නි)
ඡන්ද ලකුණට හෙන්ඩුව තමයි හොඳම ලකුණ කියලා මම නම් හිතන්නේ (නි)
මේ වගේ රැලක් උත්තරීතර පාර්ලිමේන්තුට යැව්වනේ අපේ හාමුදුරුවනේ? මේක මොන උගතෙක්ද? මොනවා දන්නවටද?අනේ මගේ අහිංසක රට කොච්චර අසරණද? (බ)
නියමයි, අයියා පක්ෂයේ සලකුණයි. (බ)
ගහට වතුර. දමන්නේ බලාගෙන ගහේ මුල කුණු වෙලා අකුණු. වැදිලා තව සමහරු කිරෙන් නාවයි බලාගෙන ගහේ අලුතෙන් අතු ආවද. පරණ දල්ල. බාගෙට මැරිලා විදේශයෙන්. හරි උපදෙස් ගන්න. ගහ බේර ගන්න පරණ. පත්තර. වල ඔය ගහේ මහා අතුවල. රෙකොඩ්ස් තියෙන්නේ. ඒවා. අපිට තවම මතකයි අලුත් අතුඅවට ගහ. ගැන ජනතාව හොඳට. දන්නවා. මල්වානේ ගියේ. නැතිද . (අ)
ඔය කිව්ව කතාවටත් මහින්දගෙන් කීයක්හරි ඉල්ලුවද දන්නේ නැහැ. (නි)
වංචා දූෂණ වැළක් තියාගෙන සමාජය ඉදිරිපිටට ඒමට හැකියාව ඇත්තේ බුද්ධියෙන් තොර වූ රැවටෙන අහිංසක සමාජයක් රටේ වෙසෙන හෙයින් බැව් මගේ අදහසයි. (අ)
මේවගේ කම්බ හොරු පාර්ලිමේන්තුවට නොගෙන ඒමට සියලු ජනතාව පෙළ ගැස්විය යුතු වෙනවා .නැතිනම් රටට මහා විනාසයක් (අ)
ඉස්සෙලම ගහන්න ඕන මේ අය වටේ ඉන්න මේ කටු සෙට් එකට බලපල්ලකො මේ කටත් ඇරගෙන ගිලින්නම බලාගෙන ඉන්න එකෙක්. මේ අයට හොඳට ගිලල ගිලල පුරුදු වුණේ (අ)
මෙය මුල්වෙනවා කියන්නේ ,මහින්ද ජනාධිපතිතුමා නිකන්ම පරාදයි (අ)
බැසිල් මල්ලි, අයියා හොඳට දළු දාල,මල් පල ගැන්වෙන ගහක් වෙන්න කියල වතුර දැම්මට කමක් නැහැ. ඒ වුනාට පසුගිය ඡන්දෙන් එයා දෙපාරක් පරාජය වුනේ ඔබලා වගේ රංචු ගහවටේම මුත්‍රා කරපු නිසයි !!!!! (බ)
වතුර දාලා පණ ගන්වන්න සැවොම එකතු වෙන්න. මල්වානෙන් ගෙනාපු පැනීම පැණි රඹුටන් ගහ. (බ)