ජාතික සංහිඳියාව සහ දේශපාලන සංහිඳියාව වෙනුවට වෙ දේවල් වලින් ඔලුව පුරවා ගත් නායකයන් දෙදෙනාට රටට යහපාලනය ගෙන ඒමට බැරි බව පුරවැසි බලය කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද මහජන පුස්තකාලයේ පැවැති රැස්වීමක දී කීවේය.
‘පක්ෂ ඔලුවේ තියන් වැඩ කරන්න බැරි බව ජනපතිටත් අගමැතිටත් මතක් කරන්න කැමතියි. ජනවාරි අට වැනි දා ජනතාවට දුන් පොරොන්දුව පමණක් ඔලුවේ තබා ගන්න. අපි අගෝස්තු 17 සම්මුතිය අත්සන් කළේ පක්ෂ ඔලුවේ තියන් වැඩ කරන්න නොවේ. ‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රෑන හොඳයි හරක් දක්කන්න (අ)
කවුද මේ සුනිල් කියාගෙන රට විනාශ කරන අයට ආවඩන්නෙ. ඒ කාලයේම එකෙක්. ඇස් ඇරල බලනවා මොකද වෙන්නෙ කියල (අ)
පක්ෂය ඔලුවේ තියාගන්නේ නැත්නම් මොකක්ද කරන්න කියන්නේ? (නි)
කොයි පක්ෂයද ඔලුවේ තියාගත්තේ? (නි)
රෝගීන් බිල්ලට දීලා වරප්‍රසාද ගත්ත අය මේ කරන දේවල් පුදුමයක් නොවේ (නි)
මොන පිස්සුද මහත්තයෝ... ඔය වැඩිදෙනෙකුට ඔලුව තියෙනවා වුණත් ඒක පාවිච්චි කරන්නේ තමන්ගේ වාසියට පමණයි. අඩු ගානේ දේශපාලකයින්ට තමන්ගේ පක්ෂය ගැන ගානක්වත් නැහැ තමන්ට, තමන්ගේ පවුලේ අයට වාසියක් තිබෙනවා නම්. (නි)
ඔය ටික මහින්දටත් පුලුවන්නම් කියන්න. තැලෙන යකඩේ දැක්කම තලන්නමනේ හිතෙන්නේ. (නි)
මම සුනිල් මහතාගේ අදහස සමඟ එකඟයි (නි)
ඕක තමා කියන්නේ පරිප්පු කනවා කියලා. පත් කරගත්තා නම්, කන්න තමා වෙන්නේ. අපි නම් ඔයාලට ඇහුම්කන් දුන්නේ නැත. එ්ක නිසා දුකත් නැත. (නි)
එතකොට ජනතාවට දුන් පොරොන්දු? (නි)
ඔව් ඔව් දැන් රට කරනවා වගේ තමයි කරන්න ඕනෑ (නි)
සමහර පක්ෂ, බුද්ධිමතුන් පහුගිය කාලේ අල්ලස දුෂණය, කුඩු ජාවාරම් දිහා බලාගෙන මර්දනයට බයෙන් ඉන්නකොට ඒවාට නොබියව කතා කළ ස්වල්ප පිරිස අතරින් පෙරමුණේ හිටියේ මෙතුමන්ලා. ජනතාව එයට ණයගැති කියලා මා හිතන්නේ. (නි)
මෙතන මුල් තැන අරන් ඉන්න උදවිය 'සංහිඳියාව' කියන එකෙන් අදහස් කරන්නේ හමුදාව හිරේ දමා කොටින්ට වන්දි දීම, ෆෙඩරල් පාලනය දීම, හමුදා කඳවුරු ඉවත් කර උතුර අාපසු අනාරක්ෂිත කිරීම වගේ දේවල්ද කියා අපිට හිතෙනවා. (නි)
නියම සිවිල් සමාජය කියන්නේ රටේ සාමාන්‍ය ජනතාවටයි. (නි)
බැඳුම්කර වංචාව ගැන කතා නොකර කසාය බීපු ගොළුවෝ වගේ ඉන්නවා නේද? (නි)
ඔබගේ ප්‍රකාශ, අදහස්, ඔබ විශ්වාස කළ මිනිසුන් ඔබටම අවලාද නඟන බව පෙනේ. දුකයි ඒ ගැන (නි)
අපි ඔය කතා අහපු කාලය ගියා (නි)
රැස්වීමට ආ අය නිදා වැටෙනවා වගෙයි මට පෙනෙන්නේ (නි)
අපි මෙයාලා ගැන නොදන්නවැයි? (නි)
රැස්වීමේ මීඩියා මහත්තුරු ටික අයින් කළාම වැඩිම වුණොත් 30-40 ඉඳීවි වගේ. තමුන්නාසේලාගේ බොරු වලට රැවටුණු කාලේ ඉවරයි මහත්තයෝ (නි)
දැන් ඔබතුමාගේ ඔලුවේ තියන්නේ මොකක් ගැනද? (නි)
මෙතන ඉන්නේ ගුණාත්මකව උසස් බුද්ධිමතුන්, කලාකරුවන් හා සමාජය ගැන ගැඹුරින් සිතන පුද්ගලයන්. දේශපාලනඥයෝ හා හෙන්චයියන් නොවෙයි. ඔලු ගෙඩි වල වටිනාකමින් මිස ගණනින් යමක් තක්සේරු කරන්නේ නොදියුණු අයයි. මේ අය නියෝජනය කරන්නේ රටට ආදරය කරන, පුද්ගලික න්‍යාය පත්‍ර නැති බුද්ධිමත් ජනයායි. (නි)
හොර ඇමතිලාට වඩා භයානක ඒ අය වටේ හිටපු හොර නිලධාරින්. ඇමති වෙනස් වුණත් මේ අය තාම ඒ පුටුවලමයි. ඒකාබද්ධ රජයක් නිසා මේ අය ගැන කවුරුත් බලන්නේ නැහැ තමන්ගෙ වාසියට. උගතුන් වන ඔබතුමන්ලාට හැකිනම් මේ අය ගැන පරික්ෂණ ඉක්මන් කරවලා, හොරුන්ට දඩුවම් දීලා රටට පෙන්වන්න උදව් වෙන්න. (නි)
මෙතන ඉන්න කිසිම කෙනෙක් තානාන්තර ගන්න කතා කරන අය නෙමෙයි. මේ අයට ඕනෑ අපට හොඳ රටක් හදාගන්න. මේ කියන කතාව කොච්චර සත්‍යයක්ද. ජනාධිපතිගේත් අගමැතිගේත් වගකීම මේ රට දියුණු කිරීම. එහෙම නැතුව පක්ෂ බදාගෙන මුළු කාලයම නාස්ති කරන එක නෙමෙයි. (නි)
අනේ මොකටද මගේ කට! (නි)
එ්ක ඇත්ත. අගමැතිට කොහොම වෙතත් රටේ ජනපති පක්ෂයට වැඩකරන්න බැහැ. රටේ ජනපති වුණාට පසුව අමතක කරන්න එපා ඔහු පත්වුණේ පොදු මහජන ඡන්දෙන් (නි)
හොරකම් කරපු සල්ලි දැන් මේ වගේ කට්ටියකට වියදම් කරනවා වගේ. අපි නම් තාම දුක් වෙන්නෙත් නැහැ. ජීවිත කාලෙටම හොරු රැල ගෙදර යවපු එක ගැන සතුටු වෙනවා. වැරදි හදාගන්න උත්සාහ කරනවා. ඒවාට විසදුම් හොයනවා මිසක් හොරුන්ට අායෙමත් ලංකාවේ පාලනයක් දෙන්න මිනිසුන්ට පිස්සු නැහැ (නි)
පුරවැසි බයිලා!
රට මෙච්චර අගාධයට වැටිලා තියෙද්දිත් තවමත් යහපාලනයට කඩේ යන ඔයාලව දැක්කම සුනිල්, අපිට ඔයාගේ බුද්ධිය හිතාගන්න පුළුවන් (නි)
හරියට හරි. පක්ෂ ජයග්‍රහණය කරන්න ගියොත් හොරුත් සමඟ වාසය කරන්න වෙනවා. එකමුතුවෙලා රට පෙරට ගෙනියන්න. (නි)
සුනිල්, මෙතන ඉන්න එක පුද්ගලයෙක් රටට කළ සේවයක් ගැන කියන්න පුලුවන්ද?
ඔබ නොවෙයි ඡන්දේ දුන්නේ මුළුමහත් රටේ ජනතාවයි. දැන් එනවා පාර්ලිමේන්තුවට වඩා ලොකුවෙන්න. (නි)
පක්ෂය ඔලුවේ නැතුව කොහේද තියාගන්න ඕනෑ.
වැඩක් කරන්න බැරි අයට මොනවා ඔලුවේ තිබුනත් නැතත් වැඩක් කරන්න බැහැ. තමන්ට ආවේණික පුරුදු වෙච්ච දේවල් තියෙනවා. ඒවා තමයි කර කර ඉන්නේ. (නි)
මේකේ තියෙන සමහර අදහස් ගැන පුදුම හිතෙනවා. මේ උගත් මහත්වරු තමන්ගේ පුද්ගලික න්‍යාය පත්රයකට හෝ වෙනත් දේශපාලන බලවේගයක අවශ්‍යතාවයකට අනුව නෙමෙයි මේ වටිනා අදහස් කියලා තියෙන්නේ. මේ මහත්වරු කියලා තියෙන දේ තමයි සත්‍ය. පරම සත්‍යය. මේ නායකයන්ට වෙන ඩීල් තියෙන්න බැහැ. මේ රටේ ජනතාව එක්ක හැර වෙනත් කා එක්කවත් සමඟ ඔවුන්ට ඩීල් තියෙන්න බැහැ (නි)
රටට අලුත් ප්රගතිශීලි දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. එය ජාති ආගම් භේද වලින් තොරවිය යුතුයි. (නි)