IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොකිරිස්සන් ළඟ තබාගත් දෙදෙනාට ඇප

(දිලංගා ගෝමස්)

තහනම් කාල සිමාවේ පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ පහක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සංජය එල්.එම්. විජේසිංහ මහතා අද (01) නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ දෙහිවල පදිංචි මදුප්පුල් ආරච්චිගේ සිරිල් ප්‍රේමසිරි ප්‍රනාන්දු හා වන්නිආරච්චිලාගේ නුවන් පෙරේරා යන පුද්ගලයන් දෙදෙනාය.

බිත්තර සහිත කටු පොකිරිස්සන් 440 ක් සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් බව ද අධිකරණයේදී කියැවිණි.

සන්තකයේ තබා ගෙන සිටි පොකිරිස්සන් හාරසිය හතලිහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නැවත මුහුදට මුදා හරින ලෙසත් පොකිරිස්සන් මුදාහරින ආකාරය වීඩියෝ ගත කර ඉදිරි දිනයේදී එම දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් ධීවර නිලධාරීන්ට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ලද තොරතුරකට අනුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් , වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ඇතුව මෙම වැටලීම ඊයේ (31) දින රාත්‍රියේ සිදු කල බවත් දෙහිවල ප්‍රදේශයේ නිවසක ටැංකි කිහිපයක මෙම බිත්තර සහිත කටු පොකිරිස්සන් රඳවා සිටි බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් ධීවර නිලධාරී රජිත දමිත් මහතා පැවසීය. සැප්තැම්බර් , ඔක්තෝම්බර් යන වල මෙම සත්වයින් ඇල්ලීම තහනම් බව ද අධිකරණයේදී කියැවිණි.

මෙම නඩුව ජනවාරි මස 24 දින නැවත කැදවීමට නියමිතය.

 



අදහස් (0)

පොකිරිස්සන් ළඟ තබාගත් දෙදෙනාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site