කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් සහ සුපිරි ගායිකා මාරියා කෙරී අතර පෙම් කතාවක අවසන් වන පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. පසුගිය කාලය පුරාම රට රටවල්වල සංචාරය කරමින් මේ දෙදෙනා ගත කළේ ඉතාම සැහැල්ලු හා විනෝදාත්මක දිවියක් බවද වැඩි දුරටත් සඳහන්.පැකර් සහ කෙරි විවාහ වීමටත් සූදානම් වන බවට ආරංචිද පසුගිය මාස කිහිපය තිස්සේ පැතිරී ගිය අතර, පසුගිය ජනවාරි 21 දා පැකර් විසින් ඉතා වටිනා දියමන්ති මුදුවක් කෙරීගේ සුරතෙහි පලඳනු ලැබුවේ ඒ බව තහවුරු කරමින්.
නමුත් පසුගිය සතියේ හොලිවුඩ් මාධ්‍ය අනාවරණය කළේ පැකර් - කෙරී පෙම් කතාව අවසන් වීමට ආසන්න බවයි. කෙරී, පැකර්ගෙන් වෙන්වී යළි නික් කැනන් වෙත සමීප වේදැයි තවත් සමහරු සැක පහළ කරනවා. නික් කැනන්, මාරියා කෙරිගේ කලින් සැමියායි. ඒ විවාහයෙන් දෙදෙනාට නිවුන් දරුවන් දෙදෙනෙකු ලැබුණා. දැන් මේ දරු දෙදෙනාගේ වයස අවුරුදු 4ක්. පසුගිය ජුනි 19 දා පැවැත්වුණු පියවරුන්ගේ දිනයේදී මේ පැරැණි අඹුසැමි යුවළ දරුවන්ද සමඟ සතුටෙන් ගත කළ බවයි පැවසෙන්නේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd