උපරිම සිල්ලර මිලක් නියම කර ඇති පරිප්පු, කඩල , වියළි හාල් මැස්සන් , කට්ට හා සාලයා කරවල ඇසුරුම් කර විකිණිමේ දී උපරිම මිලට වඩා වැඩියෙන් රුපියල් 5 ට වඩා අයකිරිම සම්පුර්ණයෙන්ම තහනම් බව පාරිභෝගික අධිකාරියේ සහභාපති හසිත තිලකරත්න මහතා පැවසිය.
මෙම නිතිය ඊයේ (10) සිට ක්‍රියාත්මක වේ.
පරිප්පු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 169 ක් ද , කඩල කිලෝවක රුපියල් 169 ක් ද , වියළි හාල්මැස්සන් කිලෝව රුපියල් 410 ක් ද කට්ට කරවල කිලෝව රුපියල් 1100 ක් හා සාලයා කරවල රුපියල් 425 ක් වශයෙන් මිල නියම කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහිළු කරලා තවම ඉවර නැද්ද කියලා හිතුනා (නි)
උපරිම මිලට වඩා 5ක් වැඩියෙන් දෙන්න පුලුවන් නම් කවුද උපරිම මිලට දෙන්නේ? (නි)
එළවලු නම් ගණන්ගියේ මහා ධාරානිපාත වර්ෂාව නිසා කියලනේ ආණ්ඩුවේ ඇමතිවරු කිවුවේ. මගේ හිතේ පරිප්පු ගණන් ගියෙත් වර්ෂාව නිසා වෙන්න ඇති. (නි)
සුපිරි වෙළඳසැල් පරීක්ෂා කරන්න (නි)
හොඳයි බලමුකෝ (නි)
කාලයත් සමග මිල වැඩිවෙන එක සත්‍යයක්. ඉස්සර 1960 දශකයේ පාන් ශත 25යි. වඩේ එකක් ශත 05යි. තේ එකක් ශත 05යි. (නි)
ඔව් රාධා, ඈතම ඈත අතීතේ මහින්ද කියලා කෙනෙක් රට පාලනය කළ කාලේ තිබුණ මිල, වර්තමානයත් එක්ක සසඳන්න බැහැ. තවත් ටිකක් මිල වැඩිවුණා නම් තමයි හොඳ (නි)
පරිප්පු මිල වැඩිකරලා තියෙන්නේ මේ දවස්වල චෙන්නායි වලට ගංවතුර නිසා වෙන්න ඇති (නි)
පැකට් කරලා හරි නැතුව හරි කොහෙද ඔය කියන ගානට බඩු ගන්න තියෙන්නේ කියන එකයි ප්‍රශ්නය. (නි)
140 වැඩි කියපු කට්ටිය දැන් කපලකෝ 170 පරිප්පු.(හේ)