අල්ලස් හා දූෂණ කොමිසමේ කැඳවුමක් මත කොළඹ ඉඩම් ව්‍යාපාරික හා හිටපු තානාපතිවරයකු වූ ඒ.එස්.පී. ලියනගේ අද (4) ප්‍රකාශයක් ලබාදීමට එහි පැමිණියේය.

මහින්ද රාජපක්ෂ යුගයේ නයිජීරියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වූ ඒ.එස්.පී. ලියනගේ රාජගිරියේ පීකොක් මන්දිරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා අල්ලස් කොමිසමට කැඳවා ඇත. මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරණයෙන් පරාජය වීමෙන් පසුව ඔහුට එම මන්දිරය තෑගි කරන බව ඒ දිනවල ඒ.එස්.පී.ලියනගේ මාධ්‍ය මගින් ලොකු ප්‍රචාරයක් ගෙන ගියේය. එම මන්දිරය රුපියල් කෝටි 75කට රාජපක්ෂ මහතාට විකිණීමට ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රකාශයක් ගැනීමට කැඳවා ඇති බවද කියයි.

එම මන්දිරය රුපියල් කෝටි 45කට විකිණීමට හැකියාවක් තිබියදී තමා එය මහින්ද රාජපක්ෂ මහතාට තෑගි කිරීමට සිතූ බවත් ඔහු කියා ඇත. 

පීකොක් මන්දිරයේ නාන තටාකය වෙනස් කර ජනෙල් දොරවල් වෙනස් කිරීම ගැන ඔහුගෙන් පැය දෙකක් පමණ ප්‍රශ්න කැරිණි. ඒ වෙනස්කම් තමාගේ වියදමින් කළ ඒවා බවත් හිටපු ජනපතිවරයාගෙන් මුදල් ලබානොගත් බවත් ඒ.එස්.පී. ලියනගේ පැවසීය. අවශ්‍යනම් නැවත කැඳවීමක් කරන බවද තමාට දැන්වූ බව ඔහු කියයි.

රජයෙන් නිල නිවසක් ලැබෙන තුරු හිටපු ජනපතිට තම නිල නිවාසය දීමට කැමත්ත පළ කළත් තමාගේ භාර්යාව ඊට විරුද්ධ වූ බවත් ඒ නිසා නිවස හිටපු ජනපතිට ලබානොදුන් බවත් ඔහු කොමිසම හමුවේ කියා ඇත.

pea_satatment

 

peacock_160104 peacock_160104.jpg(1) peacock_160104.jpg(2) peacock_160104.jpg(3)

ASP_201614 ASP_201614-2 ASP_201614-3 ASP_201614-4