අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
කමිටු රැස්වීම වාර්තා කිරිමට එහි ගිය ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ට ජනපති ආරක්ෂ අංශ මුලින් එහි ඇතුළු වීමට අවසර නොදුන්නේය.
අනුරාධපුර දිසාපති ඩී.පි.ජි.කුමාරසිරි මහතාගේ ආරාධනය අනුව ප්‍රධාන ආයතන රැසක ප්‍රාදේශිය මාධ්‍යවේදිහු එහි පැමිණ සිටියහ.
පැය එකහමාරකට පසුව ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ට ඇතුළු විමට අවසර ලැබුණේ ආරක්ෂක අංශ ප්‍රධානින්ගේ දැනුම් දීමකින් අනතුරුව බව ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්වේ නම් කොහොමද අර නිදහස මේ නිදහස? කරන කොට තමා තේරෙන්නේ. හැම ඒකාම බලයට කෑදරයි. ආරක්ෂක අංශ ගැන ගහපු බේගල් දැන් කෙරුවාවෙන් තේරෙනවා. රටට කෙලවෙන දවස වැඩි ඈතක නැහැ (බ)
ජනපති තුමා යන එන ඕනෑම තැනක එතුමාගේ ආරක්ෂාව බාර පිඑස්ඩී එකටයි ඉස්සර මේ කටයුත්ත කලේ හමුදාවෙන් තොරගත් නිලදාරීන් සහ සෙබලුන් විසිනුයි දැන් මේ කාරය කරන්නේ විසේස කාර්ය බලකා සෙබළු, කවුරු කලත් කරන්නේ ජනපතිතුමන්ගේ ආරක්ෂාවයි ඒකට කියන්නේ ජනපති ආරක්ෂාක සේවය කියලයි, මේ මම දන්නා තරම හොදේ. (ර)
බැරිවෙලාවත් වතුර බෝතලයක් වත් ගෙනාවොත්. (ර)
මොකද මේ කට්ටිය තවමත් පරණ විදියටම හැසිරෙන්නේ? (නි)
මාද්‍යවේදීන්ට ආරක්ෂණ ක්‍රමවේද වලංගු නැද්ද? (ර)
පරණ අලුත් ? එහෙම එකක් නෑ. රටක නායකයෙකුට ආරක්ෂාව අවශ්‍යයි. (ර)
ගණන් ගන්න එපා ශාන්. (ර)
මේ ජනපතිතුමාට අනතුරක් කරන්න විශාල ඉඩකඩක් තියනවා. එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් යම් යම් අපහසුතාවයන් සිදු වුනත් එතුමාට අනතුරක් සිදු වුනොත් රට නැවතත් අරාජික වෙනවා. (බ)
පහුගිය කාලේදී මහින්ද මහත්තය ගාව හිටපු පී එස් ඩී කුක්කොත් මෙහෙම තමා මිනිස්සුන්ව රාජ්‍ය නිලධාරීන්ව තඹේකට මායිම් කළේ නැහැ අන්තිමට මිනිස්සු ජනාධිපතිටයි පී එස් ඩී කාරයන්ටයි දෙගොල්ලන්ටම ගෙදර යන්න සැලැස්සුව මේ කට්ටිය වර්තමාන ජනාධිපති තුමාට ඒ වැඩේම කරලා දෙන්න වගේ හදන්නේ (බ)
පරණ, අලුත්? එහෙම එකක් නැහැ. රටක නායකයෙකුට ආරක්ෂාව අවශ්‍යයි. එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් යම් යම් අපහසුතාවයන් සිදුවුණත් එතුමාට අනතුරක් සිදුවුණොත් රට නැවතත් අරාජික වෙනවා. අනෙක පී එස් ඩී වගකීමක් එකට තියනවා එම ස්ථානය තත්වය අනුව පාලනය කරන්න. (නි)
ජනාධිපතිතුමාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම වෙනුවෙන් සිදුව ඇති ප්‍රමාදය සැහැල්ලුවෙන් සළකමු. මාධ්‍යවේදීන්ගේ සිත්තැවුලට පත්නොකිරීමට ආරක්ෂක අංශ වගබලා ගත්තේ නම් පැරණි ලේබලය නොඇළවෙන්න තිබුනා. (නි)
මාධ්‍යවේදීන්ට මෙහෙම නීතිරිතී දාලා එයාලව සීමාකරලා තියාගන්න හදනවා නම් ඒක වැරදියි (නි)
ජාතික මට්ටමට ගැටළුවක් නැත. (ර)
මාධ්‍යවේදීන් යනු 'ඕනෑම අවස්තාවක, ඕනෑම තැනක, ඕනෑම දෙයක් කල හැකි' වරප්‍රසාද හිමි අමුතු ජන කොට්ටාශයක් නෙවෙයි. රටේ නීතියට, සංස්කෘතියට, සදාචාරයට හා පවතින සම්ප්‍රදායන්ට ඔවුනුත් යටත් බව අමතක නොකළ යුතුයි. (ර)
මාධ්‍යවේදීනුත් රටේ නීතියට රෙගුලාසි වලට යටත් විය යුතුයි. (ර)
පීඑස්ඩී එක විසිරෙව්වා කිව්වා නේද කලින් (බ)
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට රැස්වීම වාර්තා කරන්න එන්න කියා කලින් කීවේ නාම ලේඛනයක් ගත්තේ අහවල් කෙන්ගෙඩියටද? ප්‍රදේශයේ දේවල් හරි හැටි දන්නේ ඒ ප්‍රදේශයේ මාධ්‍යවේදීන්. ඒ මාධ්‍යවේදීන් මෝඩයන් ගණනට දාන්න හදනවද! (අ)
පාඨලී ඔයාට මොන්ගල්ද ? පීඑස්ඩී එක විසිරෙව්වා, ජනාධිපති ආරක්ෂාව සපයන්නේ ඔහේගේ අප්පච්චිද ? අනේ අපේ රටේ මෙහෙමත් පාඨකයෝ ඉන්නවනේ වැස්සකටවත් පාසලකට ගොඩවෙලා නැද්ද දන්නේ නෑ (බ)