පසුගිය පස් වැනිදා කුරුණෑගල බඩගමුවේදී කොස්තාපල් සම්පත් සිසිර බණ්ඩාර ඝාතනය කළ පස් දෙනාගේ කල්ලිය අද හෙටම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මුහුණු ආවරණය කැර නොගත් සැකකරුවකු හඳුනාගත් පොලිසිය ගොකරැල්ලේ වාහන කුලියට දෙන ස්ථානයකින් ඔහුගේ ඡායාරූපයක් ද සොයාගෙන ඇත.
ඔහු ව්‍යාජ හැඳුනුම්පතක් දී එම ස්ථානයෙන් වාහනයක් කුලියට ගෙගන ඇති සිද්ධිය ඝාතයින් සොයා යාමේ දී පොලිසියට උදව් වී ඇත.
ඝාතකයින් සුදු වෑන් රියකින් ගිය බවට සිසීටිවී කැමරා සාක්කි ද පොලිසිය සතුය.
සුදු වෑන් රිය නාරම්මල ඉන්ධන හලකින් ඉන්දන ලබා ගැනීමට ගිය අවස්ථාව එහි ආරක්ෂක කැමරාවල සටහන් විය.
(නාරම්මල ඉන්ධන හලෙන් ඉන්ධන ලබා ගත් අයුරු සිසිටීවී කැමරාවේ සටහන් වි තිබු අයුරු)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් දැන ගන්න තරමට හොඳයි. (ස)
අහුවෙන්න කලින් ආයුධ සැගවීමට කල්පනාවක් පහළ වේවා... එතකොටනේ පෙන්නන්ට පුලුවන්. (ස)
මේක පුදුම රටක්නේ. තමන්ගේ මිනිසුන්ට දෙයක් උන්හමවත් හරියට රාජකාරි නොකරන මේ පොලීසිය ජනමාධ්‍යවලට තොරතුරු දෙන්නේ මිනීමරුවන් ව ආරක්‍ෂිත ස්ථාන හොයාගන්න කල් දීලනේ. (ස)
පොලීසිය මේ විදියට අල්ලන්න කලින් තොරතුරු දුන්නම ඒ කල්ලිය හැංගෙනවානේ. (ස)
මේ අපරාදය කරපු මිනීමරුවන්ට උපරිම දඩුවම් දෙන්න ඕනෙ. (ස)
ආරක්ෂක ලේකම් තුමනි, මේ ගැන සොයා බලන්න. (ස)
මේ ඝාතකයින් කෙසේ හෝ අල්ලා නිසි දඬුවම් දිය යුතුයි.පොලිසියේ නිලධාරීන් දෙදෙනා ආයුධ සන්නද්ධව සිටියා නම් ඔවුන්ට මේ ඉරණම අත් නොවෙනු ඇත. (නි)
පුංචිහේවා,ජීවක, මේ ප්‍රශ්නය මෙතරම් සැහැල්ලුවටවත් විහිලුවටවත් ගන්න එපා.අපරාධකරුවන් සොබාදහමෙන් හෝ දඬුවම් ලැබිය යුතුයි.මේ දිවි පිදුවේ ඔබේම සොයුරෙක්. (නි)
මෙන්න ඔවුන් ගැන විශේෂ තොරතුරක්. අල්ල ගත් පසු ආයුධ සොයා ගියොත් ඔවුන් සාමාන්‍ය මැරයෝ. ඔවුන්ට සාමාන්‍ය අන්දමට නඩු දාල ඇප දුන්නොත් ඔවුන් දේශපාලකයෙක්ගේ මැරයෝ. ඕක තමා සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයකට තියන උත්තරය (ස)
ආයුධ පෙන්නුවට මිනිස්සු බය නම් මේවා නවතින්න ඕනෑ. මේ අයටත් ආයුධ පෙන්නුවා කියමු. මේක නවතිනවද? නැහැනේ.එහෙනම් එතන සමාජ ප්‍රශ්නයක් තියෙනවා නේද? බුද්ධිය තිබෙන මිනිස්සු නම් අතීසාරයට අමුඩ ගහන්නේ නැහැ. බඩට හොඳ බෙහෙතක් දෙනවා මිසක් (නි)
මේ අපරාධය කරපු මිනීමරුවන්ට උපරිම දඩුවම් දෙන්න ඕනෙ. මේ අය දන්නව මේ කරපු අපරාධය හින්ද තමන්ගෙ ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන බව. මේ අය මැරි මැරි උපදිනව ඇති. මීට පෙර මාතර සහ වෙනත් ප්‍රදේශ වලදි පොලීසියේ අයව මරපු මිනීමරුවන්ට අත්වුණ ඉරණම මේ මිනිස්සු දන්නෙ නැතිද මන්ද. අහිංසක මිනිසුන්ගෙන් කප්පම් ගන්න, දේපොල මංකොල්ල කන කුඩු විකුණන මේ වගේ අපරාද කරුවන් තමන්ගෙ පවුලක හිටියත් පොලීසියට කියල අල්ල දෙන්න ඕණෑ. (ස)
ඝාතකයන් කොටුකර ගැනීම සඳහා පොලීසිය විශිෂ්ට ලෙස ක්‍රමෝපායිකව සැලසුම් කර ඇති මෙහෙයුමක් අනුව ඉදිරියටම යන ආකාරය ප්‍රශංසා කට යුතුය.(ස)
ඝාතකයින් එල්ලා මැරිය යුතුයි (නි)
ආයුධ පෙන්නන්න එක්ක යන්නකෝ (ස)
අල්ලලා මොනවද කරන්නේ? (නි)
මෙම සිද්ධියන් නීතිය ක්‍රියාත්මක කරන සියළුම නිළධාරීන් දැඩි පසුබෑමකට ලක්වී අැත. අල්ලපු ගමන් අායුධ පෙන්වන්න රැගෙන නොයා රටක නීතියේ අාධිපත්‍යය රැකගැනීමට නම් අනිවාර්යෙයන් මෙම අපරාධයත් සමඟ එල්ලූම් ගහ ක්‍රියාත්මක කළ යුතුමයි (නි)
මෙම අපරාධය කළේ 'කාගේ මිනිස්සුද' කියලා රටම දන්නකොට පොලිසිය දන්නේ නැත්තේ ඇයි? දැන් ඉතින් කල් මර මරා 'අස්සයා පැන්නට පස්සේ ඉස්තාලේ වහන්න' හදනවාද මන්දා (නි)
මේ මිනිස්සුන්ට පෙන්වන්න ඕනේ රටේ නීතිය මොකක් ද කියලා. (ස)
ජීවිත විනාශ කරන සාමාන්‍ය ජනතාව හෝ වෙන යම් ඕනෑම කෙනෙකුට හෝ දඩුවම් හිමිවේවා! (නි)
මෙයා ලගේ ගෙවල් වල අය දන්නවා මෙයාල කරන වැඩ සල්ලි ගෙදරට ගේන කොට අහන්නේ නැද්ද කොහෙන්ද කියල .මිනිස්සු කීයක් මැරුවත් කමක් නැහැ තමන්ට සැපට ඉන්න තියනවනම් . (ස)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාට මේ රටේ ජනතාව ගැන බලවත් විශ්වාසයක් ඇති බවයි මින් පෙනෙන්නේ. ඒකනේ අද හෙටම අල්ලනවා කියලා කියන්නේ. නිකම් නෙමෙයි, නිවැරදි තොරතුරක් දෙන අයට රු දස ලක්ෂයකුත් ලැබෙනවා. (ස)
චිත්‍රයේ ඉන්න කෙනා වගේම කෙනෙක් මට මතක්වෙනවා. ඇරපු අතක් නැහැ. (නි)
අල්ලා ගත් විගස ආයුධ පෙන්නන්න එක්ක යන්න. (ස)
මෙයාලව අල්ලනතුරු මේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රචාරය නොකරනවානම් නේද හොඳ ? (ස)
අද හෙටම මේ ටික අහුවුණාම දාපු චණ්ඩිකමට පොලියත් එක්ක හම්බවෙයි අඩුවක් නැතුව (නි)
කොච්චර කල් හැංගෙන්නද?අල්ලා ගත් ගමන්ම ආයුධ හොයන්න යන්නේ නැතිව තව කරපු අපරාධ, මේවට සම්බන්ධ සියළු දෙනාගෙම නම් දැන ගෙන කරන දෙයක් කළොත් තමයි වඩා හොඳ, කියා මට සිතේ. (ස)
මේ ෆොටෝ දිහා හොඳට බලන්න. මට හිතෙන්නේ වාහනයට තෙල් ගහල තියෙන්නෙත් බලහත්කාරකමින් වගේ. මම හරිද මන්දා..? (ස)
දරුවනේ මම එපා කියන්නේ නෑ එත් 14 වෙනිදා එපා ! (ස)
මේ වගේ තොරතුරු දුන්නම අපරාධකාරයින්ටම නේද වාසිය? (නි)
ඔය ආරක්ෂිත කැමරා මුහුණු අඳුන ගන්න පුළුවන් විදියේ කෝණයකින් සවිකලානම් අපරාධ කරුවන් අල්ලන්න පහසු වෙනවා නේද ? (ස)
අන්තිමට ආයුධ පෙන්නන්න ගිහින්, බෝම්බයක් ගහන්න ගිහින් පොලිසියෙන් වෙඩි කයිවද්ද? නැත්නම් මාංචු පිටින් ගඟේ පැනලා පීනලා බේරෙන්න. ආශ්චර්යය වේගෙන එන්නේ දැන් ලංකාවේ. (නි)
චමල්, මිනී මරපු අය අවුරුදු ගානක් හිරේ ඉදල ඇවිත් ආයෙමත් මිනීමරන එක ම තමා කරන්නේ. ඒ හින්ද එහෙම කරනවට ඔයාට දුකද ? (ස)
අපිටත් ඕනේ ඒ කව්ද කියල ඉක්මනටම දැනගන්න. (ස)
ලංකාවේ පොලිසිය දක්ෂයි.දේශපාලකයෝ කෙලින් හිටියනම් මීට වඩා දක්ෂයි. (ස)
ඉතා පැහැදිලිව පෙනෙන දෙයක් මේකෙ තියනවා නේද ? මේ රටේ බෙහෝ අහිංසක මිනිස්සු නිරපරාදේ තුවක්කුකරුවන්ට බිලි උනා නේද? නමුත් අද වනතුරු සමහර ඒවාට වෙච්ච දෙයක් නෑ. ඇයි එ් කියල කාටවත් හිතෙන්නේ නැද්ද? යුද්දය ඉවරවෙලා සාමකාමී කියන රටේ ඕනෑම දෙයක් කළ හැකි පොලිසියට ඇයි සමහරක් බැරි ? ඒ පොලිසියේ නොහැකියාව හා ආණ්ඩුවේ හැකියාවද ? උත්තරය ඔබට බාරයි. (ස)
මේ මිනිමරුවෝ ළඟදීම දවසක ආයුධ පෙන්නාවි, අපි බලාගෙන ඉමු. (ස)
ෆොටෝස් සහ වීඩියෝ ප්‍රසිද්ධ කළාම වැඩේ ලේසියි නේ. (ස)
ඔන්න බලන්නකෝ මම හුනා කිවුවා වගේ කියන්නනම්...මෙයාලාව අත්අඩංගුවට අරගෙන 5 දෙනාවම ගෙනියයි ආයුධ පෙන්නන්න (දිල්)
ඔව් මේ අයගේ පින්තුර ප්‍රසිද්ද නොකර ඉන්න , අත්අඩංගුවට ගන්නාතුරු..!! (ස)
මේ හතර දෙනා ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි. (ස)
අනේ මන්ද මේඅය මොකදකරන්න මුහුද හත්ගව්වක් දුර තියද්දි අමුඩ ගහනවා. (ස)
ආයුධ පෙන්වන්න යන්න ඔන්න මෙන්න. ඒත් පව් නැහැ. නඩු අහලා වැඩ කළොත් සල්ලිත් නාස්තිවෙලා එළියට එනවා (නි)
තව හින්දි, දෙමල ෆිල්ම් ටිකක් ගෙන්නලා පෙන්නුවනම් හරි යනවා.අපි ඉන්දියාවේ මේ වගේ වැඩ අමුවෙන් ගිලීමෙ ප්‍රතිපල තමා මේ. (ස)
මාධ්‍යයට ඔය ටික දුන්නට දැන් හුඟක් දුර ගිහින් ඇති. ඒවා පස්සෙ කියයි..! (නි)
මේ තොරතුරු දුන්නේ එයාලව උගුලකට අසුකර ගන්න වෙන්න පුළුවන්. ඒ අය ගැන ඇහැ ගහගෙන ඇති. දුවන්ඩ දීලා පස්සෙන් පැන්නුවම ආපහු ආයුධ බලන්ඩ ගෙනියන්න කාලය නාස්ති කරන්න ඕනෑ නැහැනේ. (නි)