රූකාන්ත චන්ද්‍රෙල්ඛා ගායක නඩුවේ විත්තිකරුවන් දස දෙනකු වරදකරු කළ පානදුර මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය ආර් බී සෝමරත්න නිදොස් කර නිදහස් කළාය. සෙස්සෝ චෝදනා පහටම වැරැදි කරුවෝ වුහ.
රූකාන්තට හා චන්ද්‍රෙල්ඛාට රුපියල් දෙලක්ෂය බැගින් වන්දි ගෙවන ලෙස ඔවුන් දස දෙනාට නියම කළ විනිසුරුවරිය එය නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිතව දෙවසරක සිර දඩුවමක් නියම කරන බව ප්‍රකාශ කළාය.
පළමුවැනි චෝදනාවට බරපතල වැඩ සහිත මාස 6 බැගින්ද සෙසු චෝදනා 4 ට බරපතල වැඩ සහිත වසර බැගින්ද සිර දඩුවම් නියම විය.සිර දඩුවම් වෙනවෙනම ගෙවී යා යුතු බව විනිසුරුවරිය ප්‍රකාශ කළාය.
5 වැනි විත්තිකරුට ලිහිල් දඬුවම් නියම විය.
තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බව සැකකරුවන් වෙන් වෙන් පෙනී සිටි නීතීඥයකු වන යු ආර් ඩී සිල්වා මහතා පැවසීය.
ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වු ඔවුහු වසර 13 කට වැඩි කාලයක් මේ නඩුවට පැටලී සිටියහ.රැකියාවද අහිමි විය.ඔවුන්ගේ නම් මෙසේය.
ඒ බන්දුල මධුෂාන් කුමාර , නිහාල් විජේසිරි , සරත් කුමාර රූපසිංහ, ආර්. බී කාරුණාසේන ජයලත් (සිවිල් සේවක), ලෙස්සි චන්ද්‍රසිරි, අතුල සේනාරත්න, , ආර් ධර්මසේන, බී ලලින්ද රාජරත්න, සම්පත් රණසිංහ, උපාලි ආරියදාස,
රූකාන්ත හා චන්ද්‍රලේඛා පදිංචිව සිටි පොල්ගස් ඕවිට මත්තේගොඩ නිවාස සංකීර්ණයේ නිවසට 2000 ජනවාරි 26 වැනිදා රාත්‍රී 8 ට පමණ මේ ප්‍රහාරය එල්ල විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ආරංචියක්. (ස)
එතකොට අනෝජා වීරසිංහගේ ගෙවල් ගිනි තියපු ෆයිල් එක එලියට ගන්නේ කවද්ද ? (ස)
දැන් එතකොට මේක කරවපු ප්‍රධානියාට මොනවද උනේ. (ස)
ප්‍රමාද වෙලා හරි නිතිය ක්‍රියාත්මක උන එක ලොකු දෙයක්,, (දී)
මට අධිකරණය ඉබින්න හිතුන (දී)
කරන කලට පව් මිහිරිය මි සේ (දී)
ලොක්කන්ගේ කටු කන අයට මේක හොඳ ආදර්ශයක් වේවි. පිලිපදිවිද දන්නේ නැ.
මේක හැම කොස්තාපල්වරයෙක්ම හිතට ගත්තොත් හොදයි. වැරදි කරලා පටි ගැහුවත් කවදාවත් බේරුමක් නෑ. ස්භාවධර්මයෙනුත් දඩුවම් ලැබෙන බවත් පේනවා නේද? (ස)
හිතන්න යමක් : මේ දස දෙනාට රූකාන්තට මෙහෙම දෙයක් කරන්න අවශ්‍යතාවයක් කොහොමත්ම තිබෙන්නේ නැතුො ඇති. රස්සාව බේරාගන්න ඕනෑකමට කළ දෙයක් පමණක් විය හැකියි. මෙතන නියෝග දීපු අයට ලැබෙන දඩුවම මොකක්ද? නීතියේ පිහිට කා වෙනුවෙන්ද? (නි)
ප්‍රමාද වෙලා හරි යුක්තිය ඉටු වුණ එක හොදයි (නි)
ලෝකය පෙරළෙයි කාලේ ගෙවීයයි මරුවා ළගාවෙනවා... සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි ලෝදම් කැරකෙනවා.... (නි)
"පිටි කරට බෙහෙත් බැදලා තියෙන්නේ" නියෝග දීපු අයට කිසිම දඩුවමක් නැද්ද? (ස)
අනේ! පී එස් ඩී එකේ මහත්තුරු ටිකට කියන්නේ. ලොක්කෝ කියන ඒවා කරන්න ගියහම කවදාහරි පාවලා දෙනවා. එතකොට ලොක්කෝ කව්රුවත් උදව් කරනවද? (නි)
දැන් ඔය දඩේ ගෙවන්නේ කව්ද හැබෑටම? මම මේ නොතේරෙන නිසයි ඇහුවේ. (නි)
මේ අපරාධය කිරීමට අනුබල දුන් කෙනෙක් නැතිවෙන්න බැහැ නේද? (නි)
අයුතු ජන රාශියක් රැස්කිරීම හා තර්ජනය කර බිය වැද්දීමේ චේතනාවෙන් කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ මේකේ මොළකාරයාට හා උපදෙස් දීපු අයට නඩු පවරන්න බැරිද?ඇයි මේ විත්තිකරුවන් පාපොච්චාරණයක් කරන්නේ නැත්තේ මේ දේ කරන්න නියෝග දුන්නේ කවුද කියලා? (නි)
නීරෝ ගොට්ස්,මෙතන ජාතිවාදය අපට ඕනෑ නැහැ. (නි)
නීතිය ක්‍රියාත්මක වෙන්න ලොකු කාලයක් ගිය එක ගැනත්, තීන්දුවක් දෙන්න වසර දහ තුනක් රස්සාවක් නැතුව නඩු කියපු එකත් දඬුවමක් වගේ නිසා දැන් ලිහිල් කරන්න, අපි ඔක්කොම මැරෙන ය බව රූ කාන්ත මහත්තය තේරුම් ගනීවි ඒක ඔබට කල හැකි වේවා. (ස)
හොඳ වෙලාවට මේ අය මෙමෙ රටේ නැහැ. හිටියනම් අද අපට අහන්න ලැබෙන දේවල් අනුව ජීවිත වලට අනතුරු වෙන්න තිබුන.(දී)
පොදු සමාව ලැබිලා ඉක්මනට නිදහස් වෙයි නේද? (නි)
මේ මිනිස්සු පවු, කරවපු ලොකු කට්ටිය එළියේ, මෙයාල ඇතුලේ, එහුවොත් කියයි මම දන්නෙත් නේ කියල (දී)
කවුරුත් කලබල වෙන්න එපා. සියලු දෙනාටම ඉතා ඉක්මනින් අමතක වෙනවනේ. මාස කිහිපයකට පස්සේ කිසිම ප්‍රසිද්ධියක් නැතුව යමක් සිදුවෙන්න පුළුවන් (නි)
හොඳ පුවතක්. පුවතින් අනිකුත් වරදිකරුන්ටත් හොඳ පණිවිඩයක්! (දී)
නිහාල් කරුණාරත්නට මොකද උනේ (දී)
අයියෝ මේ බන්දු කියන මනුස්සයට මොළය කළදක් නැහැ. මේක උසාවි තීන්දුවක් මිස ආගම බලා දුන් එකක් නොවේ. (නි)
මේ දඩුවම් දුන්නේ ස්වාභාව දහමින්ද .......... අපි හැමෝටම වැරදිලා තියෙන්නේ මේකනේ හැම එකක්ම කවුරුහරි කරවී කියල ඉන්නවා (දී)
අහිංසකයන්ට දස වද දෙන කොට මෙහෙම වේවි කියල හිතුනද? (ස)
එතකොට සංගීතා නෝනගේ සියත නාලිකාවට ගිනිතිබ්බ අයියලව උසාවි ගේන්නේ කවදද? (ස)
ලොක්කන්ට කඩේයන කට්ටියට වෙන දේ.. (දී)
කවුද දැන් එ මිනිස්සුන්ගේ දරු පවුල රකින්නේ
මේ මිනිස්සු අසරණයි නීතියේ තියෙන විශාල සිදුරු තමයි මේ (දී)
මේ අයට දුන්න කාලසීමාව මදි අවරුදු 10 විතර ඇතුලේ තියන්න ඕනා.
මේ මිනිසුන්ගේ දරුවෝ ගැනවත් හොයා බැලුවොත් හොදා (දී)
මේ දීපු දඩුවම හොදටම මදි. (දී)
අණ දුන්න අයට මොකද වෙන්නේ..? මේක හරිම අසාධාරනයකි !!! (ස)
බලය තියෙනකොට මොළේ නැහැ. මොළේ තියෙනකොට බලය නැහැ. (ස)
මුලු රටම අගයකරනවා මේ තීන්දුව.කලාකරුවන්ට,ලේඛකයන්ට නිදහස් මතදාරීන්ට විතරක් නොවෙයි හැම පුරවැසියෙක්ටම නීතිය මේ විදියට සළකනවානම් මේ රට කොයිතරම් දියුණුවේවිද.රූකාන්තට සහ චන්ද්‍රලේඛාට සුභ පතනවා.මම අද උදේත් එයාලගේ ගීත වගයක් රස වින්දා. (ස)
ඔය කට්ටියට හිරේට යනවට වැඩිය හොඳයි එයාලට මේ වැඩේ කරන්න කියලා කියපු කෙනා කව්ද කියලා එයාට විරුද්ධව නඩුවක් දමන්න. (නි)
එතකොට කරවපු කට්ටියට දඬුවම් දෙන්නේ නැද්ද. (දී)
කසුන්,ප්‍රදානිය ගලක් උඩ පාහරලා වහගන්න බැරිව ඉන්නවා.අණ දීපු එයාට දඩුවම් නැහැනේ.එදා අණට අකීකරු උනානම් අද මෙයාලව හොයාගනත් නෑ. (දී)
මේක අධිකරණ තීණ්දුවක් (නි)
බලවත් ක්‍රිස්තියානි කෙනෙක් හැටියට රූකන්තට තිබුනේ සමව දෙන්න රූකන්තම අපිට කියල තියෙනවා ජේසු අවේ සමව දෙන්න මිසක් දඬුවම් දෙන්න නෙමෙයි කියල අනිත් එක ඔය හිරේ ගිය පවුල් වල ඉන්න දරුවන් ගැන පොඩ්ඩක් හිතන්න තිබුන, රූකන්තගේ ක්‍රිස්තියානි කම ගැන ප්‍රශ්නයක් තියෙනවා? (දී)
තෝරුන්ට මෝරුන්ට මොකද වුනේ...?? (දී)
බන්දු තීන්දුව දුන්නේ රූකාන්ත නෙවෙයි උසාවිය .ඒකට කවුරුත් ගරු කල යුතුයි.රුකාන්තගේ ක්‍රිස්තියානිකම එය බලාගනියි බන්දු ඔයා කලබල වෙන්න එපා (දී)
බලේ තියෙද්දී මොලේ නැහැ. මේවා හොද පාඩම් මේ කාටත් කළකම් පලදෙනවා. (ස)
ඇපෑලේදී දඬුවම තවත් වැඩි කරනමෙන් ඉල්ලමි. පොලිසියෙන් හමුදාවෙන් මෙරටේ කිසිම මිනිහෙකුට අසාධාරනයක් සිදු නොවේවා! (නි)
රේණුක, ඔබගේ කතාව හරි (නි)
බොහොම හොඳ තීන්දුවක්, මෙයාලව උසි ගන්නවපු කෙනාවත් නීතියට ගෙනවානම් සුන්දරද මල් කීවලු ? අදිකරණය දිනේවා !!!!! විනිසුරු ,විනිසුරිවරියන්ට ආයුබෝවේවා !!!! (ස)
කරපු දේවල් මෙලොව දීම පටිසන්දීල . (දී)
කවදාවත් හිතන්න නැතුව ඇති මෙවන් විපතක් වෙයිය කියලා
එතකොට අර බම්බලපිටියේ කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයාගේ මිනීමෙරුම විසඳුවේ නෙද්ද? කෝ ඒ ෆයිල් එක,යට ගෙහුවද?ළඟදීම බලාපොරොත්තුවෙන්න,මුස්ලිම්/සිංහල යුද්ධයක්. (දී)
මේ අය විදවන ඒවත් සමගම එයාලට සොබා දහමෙන් ලැබේවි. බයවෙන්න එපා. (නි)
රූකාන්තට පාඩුවෙලා නැහැ වගේ
දැන් ඉන්න ඇමති අරක්ෂකයොත් දැනගන්න ඕනේ බලය නැති කලෙක මේකාලේ කරපුවට වන්දි ගෙවන්න වෙනවා කියලා (දී)
මොන සදාරනයක්ද ? සියලු දෙනා නිතිය ඉදිරියේ සමාන වේද ? ? ? ? ?
සේනක... ඔය මිනිසුන්ට ඕව කරන්න පෙර තිබුන දරු පව්ලත් රැකගෙන රැකියාවත් රැකගෙන ජීවත් වෙන හැටි හොදට හිතල බලන්න ...? ඔයා උනත් වරදක් කරන්න පෙර හොදට හිතල බලන්න මම මේදේ කලොත් මොකද වෙන්නේ? ප්‍රතිපලය මොනවගේ දෙයක් වේවිද ..? ඉදිරිය ගැන හිතන්න දෙපාරක් තුන්පාරක් ..එවිට අපි අතින් වැරදි වෙන්නේ නැහැ ...?කාටවත් කරදරයකුත් නැහැ ..?මේ මිනිසුන්ට දුන්න දඩුවමනම් මගේ හිතෙහටියට මදි අවරුදු 10 ක් වත් උනානම් ...? (දී)
කාලෙකින් අහන්න ලැබිච්ච හොද ප්‍රවර්තියක්,නිතිය හැමෝටම සාදාරන වේවා,රුකා -ලේකා කියන්නේ හොද සංගීත වේදීන් දේපලක්,පාදඩ දේශපාලනය විසින් පාග දැමුවාට මෙය අමානුෂික ප්‍රහාරයක්,2003 මේ දේ දිද්ධ උනාට අද වෙද්දී මීටත් වඩා රට අමානුෂික වී අවසානයි, (දී)
විනිසුරුවරියට මගේ ප්‍රණාමය ! (නි)
නියර මිටි තැනින් තමයි වතුර යන්නේ (නි)
මේවා කරන්න ඇත්තටම වුවමනා වුණේ කාටද ? අද ඒ අය කොතනද? මේ මිනිස්සු කොතනද ? (නි)
ඕක කරවපු අයටත් දඩුවම් කරන්න ඕනෑ (නි)