IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා විරෝධයක

( රංජිත් රාජපක්ෂ )              

දේශීය වෙළදපොලේ ඉල්ලුමට සරිලන දේශීය අර්තාපල් සහ බී ලූණු තොග පවතිද්දී රජය විසින් බීලූණු සහ අර්තාපල් ආනයනය කර ඇති බවට චෝදනා කරමින් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දමා  රජයට සිය විරෝධය දැක්වීමට ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් සහ නුවරඑළිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන්  අද (10 කටයුතු කර තිබේ.

ආනයනය කර ඇති ලුනු  තොග සඳහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකර ඇතැයිද ඔවුහු චෝදනා කරති.

මේ නිසාවෙන් දේශීය අර්තාපල් සහ බී ලූණු ගොවින්ට නිෂ්පාදන වියදමවත් ආවරණය වන පරිදි අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි බවද වෙළදසැල් වසා දමමින් විරෝධතාවය දක්වන ව්‍යාපාරිකයෝ සහ ගොවීහු කියති.

අද  නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග කිසිවක් කොළඹ ඇතුලු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය නොකළ බවත්, නුවරඑලිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන් අද  දෛනික කටයුතු වලින් ඉවත් වි සිටින බවද එම ව්‍යාපාරිකයන් කියා සිටියේය.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණි.

 



අදහස් (0)

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 471 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site