
(අංජුල මහික වීරරත්න)
විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී නුගේගොඩ දී පවත්වන්නේ කවුරුවත් රජ කරන්න කරන රැලියක් නොවේ යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙය ජනතාව වෙනුවෙන් ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරවා ගන්නා රැලියක් බවද රාජපක්ෂ මහතා කීය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වැඳ පුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොලිසිය “සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇති” බවත්, ජාතික ආරක්ෂාව බිඳවැටී ඇති බවත්ය.
රජය විසින් පනවා ඇති අධික බදු බර හේතුවෙන් ජනතාව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව ද ඔහු සඳහන් කළේය.
අසාධාරණයට ලක්ව ඇති බව හැඟෙන සියලු දෙනාම නොවැම්බර් 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැලියට සහභාගී වන ලෙස ඉල්ලා සිටින බව නාමල් රාජපක්ෂ පැවසීය.
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නුගේගොඩ රැලිය කවුරුවත් රජ කරවන්න නොවේ
Duminda Jayanath Udayakumara Saturday, 15 November 2025 12:58 PM
යන එන මන් නැති වෙලා ඉන්නේ රැළියක්ලෑස්ති කරගෙන, මොකද දන්නේ නෑ... ලණුව දුන්නු එක.
Rata Perata Saturday, 15 November 2025 01:55 PM
අයිස් බබාට ජයවේවා..
අනේසිරි! Saturday, 15 November 2025 02:03 PM
ඔව් ඉතිං, රැලිය පවත්වන්නේ කවුරුවත් රජ කරන්න නෙමෙයි මට රජවෙන්න මිසක්නැ! නැද්ද නෑ මැලේ.
MD Saturday, 15 November 2025 02:23 PM
ඵලොවටත් මෙලොවටවත් නැතිව ඉන්නේ නැතුව සජබය ආත්මාර්ථකාමි නොවී ලොකු ගෙම්බර් නොදමා 21 රැලියට සම්බන්ධවීම අනිවාර්ය කටයුත්තක්. අර අනුර ජනපති අයවැය ඉදිරිපත් කරන වේලාවේ සජිත්ව පොඩ්ඩක් උස්සලා කථා කරපු නිසාද;?