(නිමල් ප්‍රේමචන්ද්‍ර සහ නිමල් ජයරත්න)
පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොලොන්නරුව අරලගංවිල රුහුණුගම ගම්මානයේ නිවෙසක ප්ලාස්ටික් ජල ටැංකියක් හිස මතට කඩා වැටීම නිසා අවුරුදු තුනහමාරක දැරියක මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.
මෙම අවාසනාවන්ත මරණයට මුහුණපා ඇත්තේ හිරුණි රශ්මිකා දෙව්මිණි නමැති දැරියකි.
ඇය තම වැඩිමහල් සොයුරිය සමග මිදුලේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේදී, දියනෑමට අවශ්‍ය බව පියාට පවසා ඇත.
පසුව ඇය වැසිකිළිය අසල ජල කරාමය අසලට ගොස් කරාමය විවෘත කර ඇති අතර වැසිකිළියේ වහලය උඩ තිබූ ජලය සහිත ප්ලාස්ටික් ජල ටැංකියක් ඇයගේ හිස මතට කඩා වැටී, ඇය ඊට යටවී ඇති බව ඇති බව පොලිසිය පවසයි.
මේ අතර සිය නිවසේ මිදුලේ තිබූ කොන්ක්‍රීට්වලින් තැනූ ජිරාෆ් සතකුට යටවීමෙන් පඬුවස්නුවර දිග්ගලගෙදර ගම්මානයේ අවුරුදු අටක් වයසැති දරුවකු මියගොස් ඇත.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ එම ගම්මානයේ චේතිය චිරාන් නමැති හෙට්ටිපොල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.
මෙම සිද්ධියෙන් අනතුරට පත් දරුවා කුලියාපිටිය මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර එම රෝහලේදී මිය ගොස් ඇත.
නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.
ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙක් මෙන්ම සංගීත ආචාර්යවරයෙක් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අද (29) අභාවප්‍රාප්ත විය.
සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක ර
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිත වෛද්‍ය පීඨය වහාම නතර කරන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පන්දම් දල්වාගෙන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
Bunny Preena Tuesday, 16 April 2024 10:59 AM
අහිංසක දරුවන්ගේ මෙවනි මරන වලට හේතුව දෙමව්පියන්ගේ හෝ වැඩිහිටියන්ගේ නොසැලකිලිමත් කමයි
sathyapala Tuesday, 16 April 2024 02:43 PM
අපේ රටේ මිනිස්සු මහා පුදුම ජාතියක්. මොළ වල එක පැත්තක් වර්ධනය වෙලා නැති ජාතියක්. ගොඩක් ගෙවල්වල වහලය මත ඇති වතුර ටැංකි සවි කරන විට හිස් නිසා ඒ ගැන හිතලයි වතුර ටැංකිය තියන්නේ. වතුර පිරුණාම කොතරම් බරක්ද කියලා තේරුම් අරන් එය ශක්තිමත් තැනක සවි කරන්නත් කොතරම් ශක්තිමත් වුණත් කඩා වැටෙන්නට ඉඩ තිබෙන නිසා එවැන්නක් වුණොත් කියලා හිතලා සුදුසු තැනක් සොයාගන්නත් තේරෙන මිනිස්සු නෑ. උස ජිරාෆ් කෙනෙක් කොන්ක්‍රීට් වලින් හැදුවම පෙරලෙයි කියලා මිනිස්සු තියා තේරෙන ඉන්ජිනේරුවොත් නෑ. මාතලේ ළමා උද්‍යානෙ තඩි ඩයිනොසිරස් කෙනෙක් කොන්ක්‍රීට් වලින් හදලා තියෙනවා. එක හෙට අනිද්දම කාගේ හරි දරුවෙක් දෙන්නෙක් මරනවා. නගර සභාවෙන් හදනකොට එවකට හිටපු නාගරික ඉංජිනේරුවා ඒවා නොසොයා එක එක කොන්තරාත් වලින් ගතමනාව එකතුකරමින් තමන්ගේ සාක්කුව පුරවා ගන්නවා. මම මේ ලදී සමාජ මාධ්‍යවල දැක්කා දැවැන්තම පිළිමයක් හදනවා කළුගලක් උඩ.ගල නිසා පාදම යටට හාරන්න බෑ. ගලට අඩි කිහිපයක් එහායින් විශාල බෑවුමක පහලින් ප්‍රධාන පාර. මෙතරම් උස පිළිමයක් ගල උද හදලා පෙරලුනොත් පහල පාරේ ජිවිත රැසක් අහිමි වෙන්න ඉඩ තිබෙනවා. මේවා කිසිවක් ගැන නොසිතා වැඩ කරන ජාතිය.